පළාත් සභා මැතිවරණයට වෙන්කළ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.Sri Lanka Latest News
අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරිය මේ බව පැවසුවාය.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පරිත්‍යාගශීලින් විසින් ලබා දී ඇති සියලුම මූල්‍ය ආධාර මේ වන විට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන විශේෂ ගිණුමක සුරක්ෂිතව තැන්පත් කර ඇති බවය.
මෙම අරමුදල් ජාතික ප්‍රමුඛතා සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සඳහා විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදා ගැනීමට නියමිත බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
ඒ අනුව එම ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, ජීවනෝපාය ප්‍රතිශ්ඨාපනය කිරීම සහ හානියට පත් පොදු යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවා නැවත නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය මෙම සියලු අරමුදල්වල කලමනාකරණය සහ භාවිතය ඉහළම විනිවිදභාවයෙන්, වගවීමෙන් සහ යහපාලන මූලධර්මයන්ට අනුකූලව සිදුකරන බවද බවද ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවාය.










