ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (08) ප්‍රතික්ෂේප කළේය.Sri Lanka Latest News
මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
ඒ අනුව සැකකරු ලබන 22 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියම කළේය.










