කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුත-ු කරමින් සිටි සමයේ ගෙන්වන ලද බාල ඖෂධ භාවිතා කිරීමෙන් ඇස් පෙනීම අහිමි වූ හෝ පෙනීම දුර්වල වූ රෝගීන් 21 දෙනෙක-ුට, එක් අයෙක-ුට රුපියල් මිලියනය බැගින් වන්දි ලබා දීමට රජය කටයුතු කර තිබේ.Sri Lanka Latest News
මෙම ව්‍යාකූලතා මුලින්ම වාර්තා වූවේ නුවරඑළිය රෝහලෙන් එවකට අක්ෂි සැත්කම් කර ගත් රෝගීන් සම්බන්ධයෙනි.
මේ දක්වා වන්දි ලබාගෙන ඇති රෝගීන් විසි එක් දෙනාගෙන් රෝගීන් 17 දෙනෙක-ුම නුවරඑළිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් අයයි.
ඊට අමතරව, අදාල කාල සීමාව ත-ුළ ගෙන්වන ලද ඖෂධ භාවිතයෙන් සංකූලතා ඇති වූ තවත් අක්ෂි රෝගීන් හතර දෙනෙක-ුටද වන්දි මුදල් ලබා දී තිබේ.
ඒ අනුව මේ දක්වා වන්දි ලබා දී ඇති මුළු රෝගීන් ගණන විසි එකකි.










