නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි සඳහා කඩිනමින් යුක්තිය ඉටු කිරීම අරමුණු කර ගෙන තුෂ් වික්‍රමනායක මහත්මිය ඇතුලු කණ්ඩායම විසින් අත්සන් 40000ක් ලබා ගැනීමේ පෙත්සම අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ලබා දෙන ලදී.Sri Lanka Latest News
මෙහි දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය, රෝහිනී කවිරත්න මහත්මිය සේම සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද මෙම පෙත්සම සඳහා අත්සන් කිරීම සිදු විය. මීට පෙර ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට #40000 කණ්ඩායම කටයුතු කරන ලදී.





















