රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම වී ගොවියාට සාධාරණ ආදායමක් සහතික කිරීම සහ පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට ප්‍රමාණවත් සහල් ලබා දීම එකිනෙකින් වෙන් කළ නොහැකි ජාතික වගකීමක් වුවත් මෙවර යල කන්නයේදී වී මිල තීරණය කිරිම වී මිල දී ගැනීම ගබඩා කළමනාකරණය සහ සහල් ආනයනය සම්බන්ධ මතුව ඇති ගැටලු නිසා ගොවියන්ගේ ජීවනෝපාය පාරිභෝගික ජනතාවගේ ආහාර සුරක්ෂිතභාවය හා සහල් වෙළෙදපොළේ ස්ථාවරත්වය ගැන බරපතල ගැටලු ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මෙවර යල කන්නයේ සහතික වී මිල තීරණය කිරීමේ දී භාවිත කළ නිෂ්පාදන පිරිවැය ගණනය කල ක්‍රමවේදය, දත්ත මූලාශ්‍ර හා නිර්දේශ ලබා දුන් ආයතනය හෝ කමිටුව ඉදිරිපත් කරන ලෙසත් මේ මිල තීරණය කිරිම ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් නොකළ හේතුව ඉදිරිපත් කරන ලෙසත් 2026.6.24 වැනි දින කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශ කළ ආකාරයට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය මෙවර යල කන්නය සඳහා වී කිලෝග්‍රෑමයකට රු. 137ක නිර්දේශිත මිලක් ලබා දී ඇති නමුත් හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනය රු. 120ක සහතික මිලක් ගැන කියන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රශ්න කර සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ වි මිල සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ ප්‍රශ්න කිරීම අතරතුරය.
මේ සහතික වි මිල ප්‍රකාශයට පත් කළේ ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා බවත් සාමාන්‍යයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා වී අලෙවි මණ්ඩලය විසින් අමාත්‍යා මණ්ඩල තීන්දුවක් හරහා මෙය ක්‍රියාත්මක කළ යුතු වුවත් මේ නිශ්චිත ස්ථාවර මිල තීන්දු කළේ කෙසේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පසුගිය වසර 5 තුළ වී අස්වනු ප්‍රමාණය, වගා භූමි ප්‍රමාණය, බිත්තර වී සැපයුම හා වී නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන යෙදවුම්වල පිරිවැය සැලකිල්ලට ගෙන වී ගොවියාගේ නිෂ්පාදන පිරිවැය අවම කිරිම සහ දේශීය වී නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය හා මූල්‍යමය පියවර ඉදිරිපත් කරන ලෙසත් 2026.5.5 දින අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නිෂ්පාදන පිරිවැයට 30%ක ලාභයක් එකතු කරන නමුත් නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති නමුත් ඊට යටත්ව සහතික මිල ඉහළ දමා නැති බවත් විපතක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රජය දෙනවා කියන 30% ලාභය වීවලට දෙනවා නම් වී මිල රු. 142ක් වෙනවා
පොහොර බිත්තර වී කෘෂි රසායන ශ්‍රම ඉන්ධන හා කෘෂිකාර්මික යන්ත්‍රවල පිරිවැය ඉහළ ගොස් ඇති පසුබිමක ගොවියාට සාධාරණ ලාභයක් සහතික කිරීමත් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට සහල් ලබා දීම සමතුලිතවන පරිදි පවතින සහතික මිල රජය පිළිගන්නේද කියා ප්‍රශ්න කරන බවත් ජාතික ගොවිජන එකමුතුව පෙන්වා දෙන පරිදි වීවලට සාධාරණ සහතික මිලක් දෙන්නේ නම් එය 30% ලාභය හා බලන විට රු. 142ක් විය යුතු බවත් අද වී මිලදී ගන්නේ රු. 75-90 අතර මිලකට බවත් මෙවැනි අසාධාරණ තත්වයක් ගොවියාට නිර්මාණය වන විට ගොවියාට සාධාරණයක් කරන්න රජය සතු වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රජය වී මිල දී ගන්න වෙන් කළ මුදල ප්‍රමාණවත්ද
වි අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේදී මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණයත් ඉතිරි වී සදහා සාධාරණ වෙළෙදපොළක් සහතික කිරීමට රජය ගනු ලබන නියාමන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් 2026.6.30 අමාත්‍යමණ්ඩල අනුමැතිය අනුව මෙටික් ටොන් 30000ක් මිලදී ගන්න බිලියන 6ක් වෙන් කර ඇති බව සඳහන් බවත් මෙවර යල කන්නයේ අපේක්ෂිත අයවැය මෙට්‍රික් ටොන් මි. 1.8-2ත් නිසා රජය මිල දී ගැනීමට අපේක්ෂා කරන සමස්ත අස්වැන්න ඉදිරිපත් කරන ලෙසත් මේ මිල දී ගන්නා ප්‍රතිශතය තුළින වෙළෙදපොළේ ස්ථාවර මිලක් පවත්වා ගැනීමට ප්‍රමාණවත්ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැනට ඇති ගබඩා පහසුකම් ප්‍රමාණවත්ද
වී අලෙවි මණ්ඩලය සතුව දැනට පවතින වී තොග කඩිනමින් අලෙවි නොකර නව අස්වැන්න මිල දී ගැනීමට සිදුව ඇති තත්ත්වය සම්බන්ධ රජයේ ස්ථාවරය ඉදිරිපත් කර දැනට පවතින වී තොග අලෙවි කිරීමෙන් රජයට සිදුවන මූල්‍ය බලපෑමත් නව අස්වැන්න මිලදී ගැනීමට ප්‍රමාණවත් ගබඩා සහ මූල්‍ය පහසුකම් පවතීද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පසුගිය කාලයේ සිදු කළ සහල් ආනයන ප්‍රමාණය හා වැය කළ මුදලත් එය දේශීය ගොවියාගේ ආදායමට සහ පාරිභෝගිකයාට සිදු කළ බලපෑම ඉදිරිපත් කරන ලෙසත් මේ සහල් ආනයනය නිසා දේශීය වී මිලට අගතිගාමී බලපෑමක් සිදුව ඇති බවට චෝදනා ඇති නිසා මේ ගැන පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










