වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති පොදු සමාව යටතේ, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සිරකරුවෙකු නීතිවිරෝධී ලෙස බන්ධනාගාරයෙන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව එවකට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාව සිටි මොහාන් කරුණාරත්නට නීතිපතිවරයා විසින් අධිචෝදනා භාර දී තිබෙනවා.Sri Lanka Latest News
උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා ඉදිරිපිටදී අනුරාධපුර මහාධිකරණයේදී මෙම හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙත වෙන් වෙන් වශයෙන් වූ අධි චෝදනා 5 ක් මෙලෙස කියවා භාර දී තිබෙනවා.
ඒ වන විට අධිකරණය හමුවේ පවතින නඩු 28 ක සංඛ්‍යාවක විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකුට, ජනාධිපති පොදු සමාව ලබා දී ඇති බව හැඟවෙන පරිදි කූට ලේඛන සකස් කර, එම කූට ලේඛන අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර අදාළ විත්තිකරු නීතිවිරෝධීව බන්ධනාගාරයෙන් නිදහස් කර මුදාහැරීම මොහුට එරෙහිව ඇති චෝදනාවයි.
වර්ෂ 2025 ක් වු මැයි මස 01 වැනි දින සහ වර්ෂ 2025 ක් වු මැයි මස 14 වැනි දින දක්වා වු කාල සීමාව තුළදී පළමු වන චූදිත බන්ධනාගාර අධිකාරිව කටයුතු කරමින් කේ. 06/01/විශේෂ රාජ්‍ය සමා/ඉල්ලීම/05-12/2025 දරණ නිර්ණායක යටතේ වෙසක් පොහොය නිමිති කොට ලබාදෙන පොදු සමාව ලබා ගැනීමට ඩී/52796 සිර අංකය යටතේ රදවා සිටි දෙවන චූදිත එනම්, එම සිරකරුවන ඩබ්.එම්. අතුල තිලකරත්න හට සුදුසුකම නොලබා ඇති අවස්ථාවකදී එකී දෙවන චුදිත නීත්‍යනුකූල දඩුවමින් බේරා ගැනිමේ හෝ දෙවන චුදිත යටත්විය යුතු දඩුවමින් අඩු දඩුවමකට යටත් කිරීමේ අදහසින් එකී වරද සිදුකිරිමට හෝ ඊට අනුබල දීමට කුමන්ත්‍රණය කිරීමේ වරද සිදු කළ බවත්, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් එකී වරද සිදු කරන ලද බවත්, එබැවින් යුෂ්මතුන් දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ) වගන්තිය සහ 102 වන වගන්තිය සමග කියවිය යුතු 214 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවට මෙම චුදිතට එරෙහිව අධිචෝදනා පහක් යටතේ නිතිපතිවරයා චෝදනා නගා තිබුණා.










