අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු පෙන්වා දෙන්නේ එවැනි වෙනසක් මෙම අවස්ථාවේ අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බව සිය සංගමයේ මතය බවය.
පිළිවෙලින් අවුරුදු 63 හා 65 ලෙස පවතින අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වාදීමට රජය සලකා බලමින් සිටින බවට වාර්තා පළ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අද (04) පැවති මහජන සංවාද මණ්ඩපයට එක්වෙමින් නීතිඥ සංගමයේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතාගේ අත්සනින් යුතු ලිපියක් ද පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබිණි.
අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමේ සූදානම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කොළඹදී විශේෂ මහජන සංවාද මණ්ඩපයක් ද සංවිධානය කර තිබිණි.
ඊට එම සංගමයේ සාමාජිකයින් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලඥයින් පිරිසක් ද එක්ව තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා,
“ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ ස්ථාවරය ලෙස අපි දිගින් දිගටම කියලා තියෙනවා ශ්‍රේෂඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රම යෑමේ වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි. ඒ වගේම මෙම අවස්ථාවේ එවැනි වෙනස් කිරීමක් අනවශ්‍යයි සහ යෝග්‍ය වන්නේ නෑ. එවැන්නක් කිරීමෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිළිබඳව ජනතා විශ්වාසයට හානියක් වෙනවා වගේම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ රජයේ කැපවීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා.”











