• About us
  • Contact us
Saturday, July 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

July 4, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එළැඹෙන ජූලි 07 වැනිදා සිට මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ යම් අනපේක්ෂිත, විපරීත සිදුවීම් රාශියක් සිදුවිය හැකි බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක මහතා පවසනවා. ඒ අනුව එම කාලයේ ආණ්ඩුවට සේම විපක්ෂයටද යම් යම් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවයි රත්නායක මහතා සඳහන් කරන්නේ. KCJ Astrology යූටියුබ් නාලිකාවෙන් උපුටාගත්, රත්නායක මහතාගේ එම ජ්‍යොතිෂ විද්‍යානුකූල පැහැදිලි කිරීම ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු. Sri Lanka Latest News

අද මම, එළැඹෙන ජූලි 07 වැනිදා ගැන විශේෂ යමක් සඳහන් කරන්න හිතුවා. කිසියම් කෙනකුට නොසිතූ විරූ ඇබැද්දියක් වුණාම, හිතාගන්න බැරි දෙයක් වුණාම ඒ කාලේ කිව්වේ ‘මළ කෙළියයි ජූලි හතයි’ කියලා. ඒ දෙක අතර සම්බන්ධය මොකක් නමුත් පුදුමය දනවන්න වගේ කිව්වේ ‘මළ කෙළියයි ජූලි හතයි’ කියලා. ඒ කොහොම වුණත්, මේ අවුරුද්දේ ජූලි මාසය දිහා බලනකොටත් මට ඒ විදියටම හිතුණා. මොකද අනපේක්ෂිත දේවල් ටිකක් සිදුවෙන්න අවශ්‍ය ග්‍රහචාරය මේ වෙද්දි සකස් වෙලා තියෙන නිසා.
අපි බලමු දැන් මේ කියන ජූලි 07 වැනිදායින් පසුව ශ්‍රී ලංකාව තුළ සිදුවිය හැකි දේවල් මොනවද කියලා. ඇත්ත – නැත්ත මොකක්ද කියලා හොයාගන්න බැරි වෙන විදිහේ, ඇත්ත සහ නැත්ත මිශ්‍ර වෙච්ච ලිපි ලේඛන, හඬපට, ඡායාරූප, වීඩියෝ, දුරකතන සංවාද මෙන්න මේවා කවදාකවත් නොවූ විරූ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන්න පටන් ගන්නවා. ඒවා ඇත්තටම දේශපාලනික අරමුණු ඇතිවත් යම් යම් පුද්ගලයන් ඉලක්ක කරගෙනත් ඒ අයට අගතියක් ඇති කරගනු පිණිසත් ඇතිවන යුද්ධයක් හැටියටයි පෙන්නන්නේ. ඇත්තටම මේක නින්දිත යුද්ධයක්. මොකද ඇත්ත කරුණුවලින් යනවාට වඩා පෙනෙන්නේ නිර්මාණාත්මක අංශයකුත් අරගෙන ග්‍රාහකයා, එහෙම නැත්නම් ඒවා කියවන්නා, අසන්නා පිස්සු වැටෙන ආකාරයේ තත්ත්වයක්. කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ, කොයි එකද ඇත්ත, කොයි එකද නැත්ත කියන විදිහේ මහා ව්‍යාකූල තත්ත්වයක් හටගන්නවා.

දේශපාලන වශයෙන් තමයි මේ පිල් බෙදීම හටගන්නේ. අපි දන්නවා ඒ පිල් බෙදීම හටගන්නේ කොහොමද කියලා. පැහැදිලිව එක් කොටසක් ආණ්ඩු පක්ෂයට, අනෙක් කොටස විපක්ෂ කොටස් අතර බෙදී යනවා. ආණ්ඩුව සහ විපක්ෂය අතර කෙරෙන ඒ මාධ්‍ය යුද්ධය, මාධ්‍ය සටන ඇතුළේ බර අවි හැටියට මම කලින් කිව්ව ලිපි ලේඛන, හඬපට, ඡායාරූප, වීඩියෝ මේවා ඔබ නිරීක්ෂණය කරන්න දකින්න ලැබෙයි. එහෙම ප්‍රවණතාවක් තමයි මේ පවතින ග්‍රහචාරය අනුව මට පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ විකෘති කරන ලද, ඇතැම් විට අතිශයෝක්තියට නංවන ලද ප්‍රචාරයන් දකින්න ලැබෙයි.

ඔබ දන්නවා මම පේන දේ කියනවා මිසක් මම කියන දෙයින් කවුද වාසිය ගන්නේ කියන එක ගැන මගේ සැලකිල්ලක් නැහැ. ඇතැම් විට ඒ වාසිය ආණ්ඩු පක්ෂයට යන්නත් පුළුවන්, විපක්ෂයට යන්නත් පුළුවන්, ඇතැම් විට දෙපැත්තටම පාඩු වෙන්නත් පුළුවන්. හැබැයි මගේ විෂය පේන දේ කියන එක. නැවත ඒක අවධාරණය කරන්න ඕනේ මම මේ කියන එකෙන් කාට වාසියක් වෙනවද අවාසියක් වෙනවද කියන එක ගැන මගේ තැකීමක් නැහැ. නමුත් මේ සිදුවෙන මාධ්‍ය යුද්ධය ඇතුළේ මේක ඔබ නිරීක්ෂණය කරන්න, මෙතෙක් කිසිදා නොවූ විරූ විදිහට මේ තත්ත්වය එන්න පටන් ගන්නවා.

එතකොට මේකට අදාළ ග්‍රහයෝ කවුද කියලා ගත්තොත් ගුරු, බුධ, රාහු. මෙන්න මේ ග්‍රහයෝ තුන්දෙනාගේ තත්කාලීන පිහිටීම තමයි මේ විපරීත තත්ත්වය උද්දීපනය කරන්නේ. ඒකට පැහැදිලිවම ගුරු දැන් ඉන්න තැනත්, රාහු ඉන්න තැනත් බලපානවා. හැබැයි ඒක සක්‍රීය කරන්නේ බුධ කියන ග්‍රහයාගේ ක්‍රියාකාරීත්වය. එතකොට මේ බුධගේ ගමන අනුව ඇතැම් විට සත්‍යයමත් කියැවෙනවා. ඒ කියන්නේ ගුරුගේ බලය වැඩි වුණාම සත්‍යය කියැවෙනවා, සත්‍යය එළියට එනවා. හැබැයි රාහුගේ බලය වැඩි වෙනකොට තනිකර අසත්‍යයමයි, විකාරයක්මයි එළියට එන්නේ. කොහොම නමුත් මේ මුල් සති තුනේදී ඒ කියන්නේ ජූලි 07 වැනිදා සිට පළමු සති තුනේදී මේ බර අවි ප්‍රහාරයෙන්, නැත්නම් මේ මාධ්‍ය යුද්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ එහි බලවත් පුටු, ලොකු තනතුරු දරන අය සෑහෙන අසීරුවකට ලක් වෙන්න පුළුවන්.

ඒ වගේම හතර වැනි සතියේ ඉඳලා ඒ තීව්‍රතාව අඩු වෙනවා. ඒ කියන්නේ ඒ තරම් ලොකු කලබැගෑනියක් ආන්දෝලනයක් හටගන්නෙ නෑ. නමුත් දිගින් දිගටම ඊට පස්සේ සැප්තැම්බර් මාසය අවසාන වන තෙක්ම ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති අහන්න දකින්න ලැබෙනවා. මේක පාලනය කරගත්තේ නැතිනම් හෝ හරියට ඒකට මුහුණ දුන්නේ නැතිනම් එහි වැඩි පාඩුවක් සිද්ධ වෙන්න නියමිතව තියෙන්නේ ආණ්ඩු පක්ෂයට.

ඊළඟට පේන දෙවැනි පුරෝකථනය තමයි ඒ තත්ත්වයට සමාන්තරව විපක්ෂයේ ඉන්නවනේ මුල් පෙළේ චරිත, විපක්ෂ නායකයා වගේ. මෙන්න මේ අයත් බරපතළ විදියට කට වරද්දා ගන්නවා. වචන වරද්දා ගන්නවා. උචිත අනුචිතභාවය නොදැන අදහස් පළකරන්න ගිහිල්ලා, ඇතැම් වචන පාවිච්චි කරන්න ගිහිල්ලා විශාල සමාජ අපකීර්තියකට පත්වීමේ අවදානමක් තියෙනවා. ඒකත් මේ කාලසීමාවමයි. ජූලි 07 වැනිදා සිට සැප්තැම්බර් දක්වා.

ඒ වගේම තවත් සංවේදී පුරෝකථනයක් තියෙනවා කරන්න. ඒ තමයි පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය. උසස් අධ්‍යාපන, විශ්වවිද්‍යාල මට්ටම නෙමෙයි මේ කියන්නේ. ප්‍රාථමික සහ ද්විතීයික පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධව සහ අපේ බාල පරම්පරාව සම්බන්ධව යම් යම් අසතුටුදායක පීඩනකාරී තත්ත්වයන් අහන්න දකින්න ඉඩකඩ තියෙනවා. ඔවුන් අනපේක්ෂිත පීඩනයකට ලක්වීමට ඉඩකඩ තියෙනවා මේ පවතින ග්‍රහ පිහිටීම් අනුව. ඒ වගේම විශේෂයෙන්ම ළමයින්ම ඉලක්ක කරගත්තු, අපේ බාල පරම්පරාව ඉලක්ක කරගත්තු සෞඛ්‍යමය තර්ජන, කායික හා මානසික කියන දෙපැත්තෙන්ම මතුවීමේ අවදානමකුත් පෙන්නුම් කරනවා.

ඊළඟට අන්තර්ජාල සබඳතා. ඒ වගේම ඒකේ තාක්ෂණික පැත්ත ගැන මම මේ කියන්නේ. ඒ වගේම සමාජ මාධ්‍ය, ඒ වගේම සම්ප්‍රදායික ජනසන්නිවේදන අංශ, ලංකාව සහ අනෙක් රටවල් අතර කෙරෙන රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු සබඳතා, මෙන්න මේ කිව්ව අංශ සම්බන්ධව අර්බුද මතුවීමේ අවදානමකුත් පේනවා. ඇතැම් ඒවා තාක්ෂණික වශයෙන් ඇතිවෙන්න පුළුවන් දෝෂ. අනෙක් ඒවා පාවිච්චි කිරීමේදී භාවිත කිරීමේදී ඇතිකර ගන්නා වූ නොයෙකුත් විපරීත තත්ත්වයන් නිසා අර්බුද මතුවෙන්න ඉඩකඩ තියෙනවා.
සමස්තයක් වශයෙන් සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි බැලුවොත් ළමයින් සහ වැඩිහිටියන් අතර අක්මාව හෝ වකුගඩු සම්බන්ධව, ඊට බලපාන රෝගාබාධයන් පිළිබඳ වැඩි වශයෙන් අහන්න දකින්න ලැබෙයි. එහෙම නැතිනම් එවැනි රෝග හටගැනීමේ හා එවැනි රෝග මතුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. මම නිතරම කියලා තියෙනවා නක්ෂත්‍ර පිහිටීම් හරියට කියවා ගත්තොත්, විශේෂයෙන්ම රෝගාබාධ පිළිබඳ බොහෝ සේ නිවැරදිවම පුරෝකථනය කරන්න පුළුවන් බව. ඒ නිසාම තමයි පුරාණ කාලේ වෛද්‍යවරු මේ විෂය ඉගෙන ගත්තේ. ඒ කියන්නේ වෙදකමයි නක්ෂත්‍ර විද්‍යාවයි එකටයි ගියේ. ඒක බටහිර – පෙරදිග කියලා වෙනසක් නෑ. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටීස් නක්ෂත්‍රවේදියෙක්. ඔහු කියනවා වෛද්‍ය ක්ෂේත්‍රයට මේ විෂය අත්‍යාවශ්‍යයි කියලා. ඔහු ඒක අවධාරණය කරනවා. දැන් ඒවා කැඩිලා තියෙන්නේ. නමුත් සම්ප්‍රදායික පාරම්පරික වෙද මහත්වරු අතර යම් ප්‍රමාණයකට අදත් තියෙනවා ඒක. කොහොම නමුත් අපි ඒක යහපත් දෙයකට පාවිච්චි කරන්න ඕනේ.

ඊළඟට මේ බලපෑම ඇතිවන කාලය ගැන සඳහන් කළ යුතුයි. ඒ වගේම කොහෙද මේක හටගන්නේ? ලංකාවේ. කාලය ගැනත් කියන්න ඕනේ. කාලය නොකිව්වොත් ඒ පුරෝකථනය සම්පූර්ණ නැහැ. 2026 ජූලි 07 සිට සැප්තැම්බර් 07 දක්වා තමයි මේ සමස්ත කාලය පෙන්නන්නේ. මම මේ කිව්ව පුරෝකථනවල වලංගුභාවය තියෙන්නේ. නමුත් ජූලි 07 සිට අගෝස්තු 22 දක්වා තමයි එහි තීව්‍ර කාලය. ඒ කියන්නේ පීක් ටයිම් එක. තීව්‍ර කාලය තියෙන්නේ ජූලි 07යි අගෝස්තු 22යි දක්වා. නමුත් සමස්ත කාලය සැප්තැම්බර් 07 දක්වා යනවා. මේ කාලයේදී අපි එළැඹසිටි සිහියෙන් ඉන්න එක පොදු ජනයාගේ වැඩක්. මොකද අපි දේශපාලනඥයෝ නෙමෙයි, දේශපාලන නායකයෝ නෙමෙයි, බලය ගන්න හදන අයත් නෙමෙයි. අපිට දේශපාලන අරමුණු නැහැ. අපි සාමාන්‍ය පුරවැසියෝ. එතකොට ලොකු ලොකු තැන්වලින් කෙරෙන වැඩ නිසා අපි අපේ මොළේ නරක් කරගන්න හොඳත් නැහැ, ඕවාට කලබල වෙන්නත් හොඳ නැහැ, කිපෙන්න හොඳත් නැහැ, එළැඹසිටි සිහියෙන් ඉන්න එක හොඳයි. ඒ වගේම තම තමන්ගේ කායික හා මානසික සෞඛ්‍ය රැකගන්නත්, තම තමාගේ බුද්ධිමය ක්‍රියාකලාපයන් සබුද්ධික ලෙස පවත්වා ගැනීමටත් අපි වගබලා ගන්න ඕනේ.

ඉතින් මේ කියන එකේ තියෙන වැදගත්කම තියෙන්නේ පොදු පුරවැසියන්ටයි. අපි මේ තත්ත්වයන්ට රැවැටෙන්නෙ නැතුව මේ තාවකාලික විපරීත රැලිවලට නොමග යන්නෙ නැතුව අපේ ආත්මීය සංයමය, වාචසික සංයමය, කායික සංයමය සහ අපේ ආරක්ෂාව රැකගෙන අපිත් වැඩක් කරගෙන රටටත් වැඩක් කරගෙන සාමකාමී තත්ත්වයකට පත්වෙන්න තමයි මේ පණිවුඩය දෙන්නේ.

ඊළඟට සමස්තයක් වශයෙන් රටට මම දකින දෙයක් තියෙනවා. මේක මේ දිව්‍ය වාක්‍යයක් නෙමෙයි. දෙවියන්ගෙන් අහලා කියනවා නෙමෙයි. මේක ගණිතමය වශයෙන් කෙරෙන පුරෝකථනයක්. එතකොට අපි ඒ ඒ ග්‍රහ පිහිටීම් බලලා මෙහෙම වෙන්න පුළුවන් කියන එක කියන්නේ සිද්ධාන්ත ඇතිවයි, න්‍යාය භාවිතයක් ඇතිවයි. මේවා කොච්චර බරට සිද්ධ වෙනවද කොච්චර අඩුවට සිද්ධ වෙනවද කියන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. මෙවැනි අනතුරක් තියෙනවා, අවදානමක් තියෙනවා, අන්න ඒ අවදානමට සූදානමින් සිටීම තමයි වැදගත්ම පණිවුඩය. ඉතින් බුද්ධිමත් පාඨකයන් හැමදාමත් ඒ පණිවුඩය ගන්නවා. මේ විෂය පිළිගන්න අයටත් නොපිළිගන්න අයටත් විවිධ වූ දේශපාලන මතවාදවල ඉන්න අයටත් ගන්නවා නම් පණිවුඩයක් මේ තුළ තියෙනවා. කොහොම වෙතත් අපි හැමෝටම ඇත්තටම විපරීත කාලයක් එන්නේ. පරිස්සම් වෙමු.

SendShareShare
Previous Post

ජාතිවාදීන් – හොරු – මංකොල්ලකාරයෝ! දයාසිරි ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න…! Sri Lanka Latest News

Next Post

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට නීතීඥ සංගමය එළිපිට විරුද්ධ වෙයි! මේ වෙලාවේ එහෙම එකක් අනවශ්‍යයි.. යෝග්‍ය නෑ..! නීති පද්ධතිය ගැන ජනතා විශ්වාසයට හානියක්.. -සභාපති රජීව් අමරසූරිය! Sri Lanka Latest News

තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News
Exclusive

තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News
Exclusive

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

අපි ආණ්ඩුව දණගැස්සුවා! අත්අඩංගුවට ගැනීම් රනිල්ගෙන් නතර වුණා! දයාසිරි එජාප වේදිකාවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජාතිවාදීන් – හොරු – මංකොල්ලකාරයෝ! දයාසිරි ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න…! Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට නීතීඥ සංගමය එළිපිට විරුද්ධ වෙයි! මේ වෙලාවේ එහෙම එකක් අනවශ්‍යයි.. යෝග්‍ය නෑ..! නීති පද්ධතිය ගැන ජනතා විශ්වාසයට හානියක්.. -සභාපති රජීව් අමරසූරිය! Sri Lanka Latest News

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව්...

Read more
තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News

තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.