• About us
  • Contact us
Saturday, July 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

July 4, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිස්ටර් කියලා කිව්වම ඊළඟට ඔයාට කෑමක නමක් කියන්න කිව්වොත් මතක් වෙන්නේ මොනවාද? හරි. හොඳයි. ඔයාට මතක් වුණේ රටේ හැමතැනම තියෙන, සද්ද දාලා හදන, චීස් දැම්මම වෙනම ජොලියක් තියෙන, මට්න් එක්ක බීෆ් එක්ක, පෝක් එක්ක කන්න පුළුවන්කම තියෙන, සමහර තැන්වල 2000ට 3000ට යන සමහර තැන්වල 600ට 700ට හම්බවෙන කෑමක් නේද? අපි කියන්න යන්නේ ඒ ගැන තමයි. හැබැයි රහ ගුණ ගැන නෙවෙයි.Sri Lanka Latest News

මේ කතාවෙන් ගන්න තියෙන දේ තමයි සමාජ මාධ්‍යයත් එක්ක ගනුදෙනු කරනවා නම්, සමාජ මාධ්‍ය ඇතුළේ ඔබ ජීවත් වෙනවා නම්, සමාජ මාධ්‍ය ඇතුළේ වීරයෙක් වෙනවා නම් ඒ වීරයා නඩත්තු කරන එකත් කරන්න. එහෙම කරන්න බැරි නම් සෝෂල් මීඩියා ඇතුළේ ‘පොරත්වයක්’ හදාගන්න එපා.

අපි ඔහුව දැකලා තිබුණේ නැහැ. අපි ඔහුව දැක්කේ ඔහු අපිට ඔහුව පෙන්නපු නිසා. ඔහු ඒ වැඩේට වියදම් කළා, මහන්සි වුණා, ඒකට මිනිස්සුන්ව හයර් කරන්න ඇති. එහෙම කරලා ඔහු අපිට ඔහුව පෙන්නුවා. ඔහු කරන දේවල් පෙන්නුවා. ඔහු වීරයෙක් බවට සමාජ මාධ්‍ය ඇතුළේ බලහත්කාරයෙන් ඔහුම පත්කර ගත්තා. ඉන් පස්සේ අපි ඔහුගෙන් වීරයෙක් බලාපොරොත්තු වුණා. ඔහු සුදු චරිතයක් බව සමාජ මාධ්‍ය ඇතුළේ අපිට පෙන්නුවා. අපි ඔහුගෙන් සුදු චරිතයක් බලාපොරොත්තු වුණා. ඔහු අපිට කිව්වා ඔහු මාරයි කියලා. අපි ඔහුගෙන් මාරකම බලාපොරොත්තු වුණා. අපිට ඔහු ඔහුව පෙන්නන්නේ නැතුව හිටියා නම් ඔහු කනේ පාරක් ගහන එකවත්, තව කෙනෙක්ට තර්ජනය කරන එකවත් අපිට අදාළ වෙන්නේ නැහැ.

හැබැයි ඔහු අපිට ඔහු වීරයෙක් බව පෙන්නලා ඔහුගේ කඩවල් ඇතුළට අපිව ගෙන්න ගත්තා. ඔහුගේ බ්‍රෑන්ඩ් එක ඔහු අපේ අතරට එව්වා. ඒ බ්‍රෑන්ඩ් එක අපි අතරට ඔහු එවලා ඔහු ඒකෙන් ලාභ උපයා ගත්තා. අන්න ඒ ලාභ උපයා ගත්ත ඔහුට දැන් අයිතියක් නැහැ අපිට නොගැළපෙන විදිහට ජීවත් වෙන්න. අපේ හිත ඇතුළේ තිබිච්ච ප්‍රතිරූපය බිඳපු ගමන් අපි ඔහුට වටකරගෙන ගහනවා. ඒක තමයි ඔහුට වුණේ. කාටත් එහෙමයි. ප්‍රතිරූප නිර්මාණය කරගත්ත මිනිස්සුන්ට තමන්ගේ ප්‍රතිරූපය වෙනස් කරගන්න අයිතියක් නැහැ. හේතුව මේ ප්‍රතිරූපයට අපි කැමැති නිසා සහ අපි ඒ ප්‍රතිරූපය තුළින් ඔහුව දකින නිසා, ඔහුව මනින නිසා.

සමාජ මාධ්‍යවලට කිසිම විනයක් නැහැ. ඔබ දන්නවද දන්නේ නැහැ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යවලට නියාමනයක්, ආචාරධර්ම පද්ධති කිසි දෙයක් නැහැ. සමාජ මාධ්‍ය ඇතුළේ මට දැන් අවශ්‍ය නම් ඕනෑම පුද්ගලයෙක්ට අපහාස කරලා පෝස්ට් එකක් දාන්න පුළුවන්. ඒක දැම්මට පස්සේ මට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක වෙනම කතාවක්. හැබැයි මම ඒක දාලා, ඒක වයිරල් වෙලා, ඒක මිනිස්සු අතරට ගිහිල්ලා, ලක්ෂ පහක්, දහයක් සමහර විට මිලියනයක් දෙකක් බැලුවට පස්සේ ඒ දාපු එක අයින් කරගත්තත් එකයි නැතත් එකයි. ඕක තමයි හැබෑ කතාව. ඒක නිසා මතක තියාගන්න සමාජ මාධ්‍ය කියලා කියන්නේ කාගෙවත් අම්මගේ අප්පගේ බූදලයක් නෙවෙයි.

සමාජ මාධ්‍ය ඇතුළේ තමන් වීරයෙක් නිර්මාණය කරනවා නම් ඒ වීරයාව නඩත්තු කරන්න ඕනේ. කඩේට යද්දි අඳින ඇඳුම ගැන පවා ඔබට දෙපාරක් හිතලා කරන්න වෙනවා. ඔබ අතින් අල්ලන්නේ කාගෙද? ඔබ හිනාවෙන්නේ කවුරු එක්කද? ඔබ කන්නේ මොනවද? ඔබ හිටගන්නේ කොතැනද? ඔබ ඉඳගන්නේ කොතැනද? කියන එක ඔබට බලන්න සිද්ධ වෙනවා. එහෙම මේක නඩත්තු කරගන්න බැරි නම් ඔබට තියෙන්නේ පැත්තකට වෙලා ඉන්න.

මේ තරුණයා සල්ලි සුදු කරනවද කළු කරනවද, ඒ කාගේ සල්ලිද කියන චෝදනා ගැන අපිට වැඩක් නැහැ. ඔහුගේ කෑම රසද නැද්ද කියන එක අපිට වැඩකුත් නැහැ. ඒ කඩවල් ඇතුළේ ඔහු කරන දේ අපිට වැඩකුත් නැහැ. හැබැයි මේකෙන් ගන්න තියෙන පණිවුඩය තමයි ඔබ නඩත්තු කරනවා නම් ඔබව ඔබට ඔබව නඩත්තු කරන්න සිද්ධ වෙනවා.
අපි දන්නේ නැහැ ඥානා මුදලාලිලා නවලෝක මුදලාලිලා කඩවල් ඇතුළේ හැසිරුණේ කොහොමද කියලා. අපි දන්නේ නැහැ ඒ මිනිස්සු තමන්ගේ ගෝලයින්ට ගැහුවද බැන්නද නැද්ද කියලා. මොකද ඒගොල්ලෝ සෝෂල් මීඩියා ඇතුළේ ඒගොල්ලන්ව අපිට පෙන්නලා තිබුණේ නැහැ. අපි දැනුයි ඒගොල්ලන්ගේ කතන්දර දන්නේ. කතාව ලියන කෙනා ලියන්නේ රස දේවල් ටික විතරයි, හොඳ දේවල් ටික විතරයි, නිර්මාණශීලී දේවල් ටික විතරයි.

ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනක් තියෙනවා. ඒ මාධ්‍ය ආයතන තුනේ එක මාධ්‍ය ආයතනයක මාධ්‍ය සහ වෙනත් ව්‍යාපාර තියෙන තැනක පටියක් අරගෙන කාමරයක දාගෙන සේවකයන්ට ගැහුවා කියලා අපි අහලා තියෙනවා. ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන දෙකක් තිබිලා තියෙනවා. පුවත්පත් ආයතන වෙන්නත් පුළුවන් සමහර විට ඒවා. ඒවායේ හිමිකාරයෝ පොඩි වැරැද්දක් අහු වුණාම මිනිස්සුන්ට ගහලා, බැනලා, දත් කඩලා, ඉස්පිරිතාලවල නවත්තලා, පොලිසියට අල්ලලා දීලා ප්‍රශ්නේ විසඳනවා. ගොඩක් කඩවල්වල කතාව ඕක තමයි. රතිඤ්ඤා මඩුවල කතාව ඕක තමයි. සමහර වෙලාවට රතිඤ්ඤා මඩුවල බෝම්බ පුපුරනවා. සමහර වෙලාවට කඩවල්වල වැඩ කරන මිනිස්සුන්ට ගහලා ගහලා පොලිසියට බාර දෙනවා. මේක හරි නෑ. මේක වැරදියි. හැබැයි මේක තමයි ක්‍රමය. මේ ක්‍රමය එළියට එනතාක් කල් මේවා ඇතුළේ මේ ජඩ වැඩ සිද්ධ වෙනවා. හැබැයි අපි දන්න කෙනාගේ තියෙන ප්‍රශ්නය තමයි එයා එළියේ බෝධිසත්වයෙක් වෙලා, සිල් අරගෙන, ලෝකෙට බයිලා කියලා, බණ කියලා, වැඩකරන මිනිස්සුන්ව බදාගෙන උම්මා දීලා, තනතුරුවලින් උසස් කරලා ‘හොඳයිද බොස් හොඳයිද බොස් හොඳයිද’ කිය කියා කටමැත දොඩවලා අන්තිමට කඩේ ඇතුළට ගිහිල්ලා කනට ගහනවා, කුණුහරුපයෙන් බණිනවා.
ඒ වගේම මේ මනුස්සයා දන්නේ නැහැ සමාජ මාධ්‍ය කියන්නේ මොකක්ද කියලාවත් අඩුම තරමේ. ඒවාට තමන් පොදුවේ දේවල් දැම්මට පස්සේ මේක ඇතුළේ ඉන්න උන් ඒවා එළියට දානවා. තමන්ගේ සීසීටීවී කැමරාවෙන් තමන් ගිහිල්ලා කනට ගහන එක එළියට යන එක නවත්වා ගන්න බැරි මේ මිනිස්සු තමයි සෝෂල් මීඩියාවල ඇවිල්ලා පම්පෝරි ගහලා තියෙන්නේ. බලාගෙන ගියාම මේගොල්ලෝ අදාළ කෑම වර්ග හදන්න දන්නෙත් නැහැ, සමාජ මාධ්‍ය නඩත්තු කරන්න දන්නෙත් නැහැ. ඇතුළේ ඉන්න සුදු මිනිහා කළුම කළුයි. හැබැයි මේ කළු මිනිහටවත් බැහැ තමන්ව හරියට නඩත්තු කරගන්න.

ඒ නිසා මේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ පිස්සන්ට පිස්සු කෙළින්න තියෙන එකක් නෙමෙයි කියලා විතරක් අපි අවසාන වශයෙන් ඔබට මතක් කරනවා. මේක ඇතුළේ යම් ක්‍රමවේදයක් නැතුව ජීවත් වෙන්න ගියොත් එහෙම ඉවරෙටම ඉවරයි. අර නන්දා මාලනී කියන්නේ ‘පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ’ කියලා. ඒක හරියටම හරි. මොකද ඒකට හේතුව මල් තිබ්බ එකාට අයිතියක් තියෙනවා ගල් ගහන්න. මොකද ඔබව උස්සලා තියලා තියෙන්නේ කරු ගහගෙන, කරු අල්ලගෙන ඉඳලා තියෙන්නේ කරේ තියන් ඉඳලා තියෙන්නේ ඒ මිනිහා. කරේ තියන් හිටපු එකාට තමයි අයිතිය තියෙන්නේ පොළොවේ ගහන්න. කරේ තියන් හිටියේ නැත්නම් පොළොවේ ගහන්න අයිතියක් නැහැ. හැබැයි කරේ තියන් හිටපු එකා තමයි දන්නේ මේ බර.

මේක අවබෝධ කරගන්න බැරි නම් මේක තේරුම් ගන්න බැරි නම් සෝෂල් මීඩියාවලට එන්න එපා. තමන්ගේ ප්‍රොෆයිල් එකක් හදාගෙන, තමන්ගේ පින්තූරයක් දාගෙන, කවියක් සින්දුවක් ලියාගෙන, බණක් භාවනාවක් කරගෙන සමාජ මාධ්‍ය ඇතුළේ ඉන්න. සමාජ මාධ්‍ය තුළින් තමන් නඩත්තු වෙනවා නම් මතක තියාගන්න ඔබ ඔබට අයිති නැහැ කියන එක. සමාජ මාධ්‍ය ඇතුළේ ඔබ ඔබේ ලෝකය ගොඩනගනවා නම් ඔබට තනිකරම ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ ආර්ටිෆිෂල් මනුස්සයෙක් වගේ සමාජ මාධ්‍යවලට ගැළපෙන විදිහට.

ඔබ අඳින ඇඳුම ගැන පවා ඔබට හැම තත්පරයකම හිතන්න සිද්ධ වෙනවා. මොකද ඔබ පාරේ යද්දී ඔබව වීඩියෝ කරලා කවුරු හරි දාන්න පුළුවන්. ඉස්සර වගේ නෙවෙයි, මිනිස්සුන්ගේ ඩෑෂ් කැමරා තියෙනවා, සීසීටීවී කැමරා තියෙනවා. හැම මිනිහෙක්ගෙම අතේම මොබයිල් ෆෝන් එකක් තියෙනවා. ඔබ යන එන අඳින පලඳින කන බොන හැම වෙලාවකම අහල පහළ ඉන්න කෙනෙක් ඔබේ ෆොටෝ එකක් ගන්න පුළුවන්.

ඔබට තියෙනවා ඔබේ වටයක්. ඔබේ මිතුරන්, පුංචි කාලේ ඉඳන් දන්න අය, පවුලේ අය, නෑදෑයෝ. ඒගොල්ලන්ගෙන් පිටට ඔබව දැනගන්න ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්න දවසෙම ඔබට ඔබව අහිමි වෙනවා කියන එක මතක තියාගන්න. ඔබ මිස්ටර්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඇත්තටම ඔබේ හැසිරීම මත. ඒ නිසා ඔබ මහත්තයෙක් වෙන්නේ නැහැ තමන් මහත්තයෙක් බව ලෝකය ඉදිරියේ පුන පුනා කිව්වට. පුන පුනා මහත්තයෙක් බව කියලා මහත්තයෙක් බවට පෙනී ඉඳලා මහත්තයෙක් බව පෙන්නලා පෙන්නලා පෙන්නලා පෙන්නලා අන්තිමට පාත්තයෙක් බවට පත්වුණාට පස්සේ කොත්තුත් නෑ තොත්තුත් නෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

Next Post

තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට නීතීඥ සංගමය එළිපිට විරුද්ධ වෙයි! මේ වෙලාවේ එහෙම එකක් අනවශ්‍යයි.. යෝග්‍ය නෑ..! නීති පද්ධතිය ගැන ජනතා විශ්වාසයට හානියක්.. -සභාපති රජීව් අමරසූරිය! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News
Exclusive

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News
Exclusive

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

අපි ආණ්ඩුව දණගැස්සුවා! අත්අඩංගුවට ගැනීම් රනිල්ගෙන් නතර වුණා! දයාසිරි එජාප වේදිකාවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජාතිවාදීන් – හොරු – මංකොල්ලකාරයෝ! දයාසිරි ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න…! Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට නීතීඥ සංගමය එළිපිට විරුද්ධ වෙයි! මේ වෙලාවේ එහෙම එකක් අනවශ්‍යයි.. යෝග්‍ය නෑ..! නීති පද්ධතිය ගැන ජනතා විශ්වාසයට හානියක්.. -සභාපති රජීව් අමරසූරිය! Sri Lanka Latest News

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව්...

Read more
තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News

තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.