ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල විශාල ලෙස පහත වැටී තිබියදීත්, රජය සැබෑ තත්ත්වය වසන් කරමින් ජනතාව මුළා කරන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ රෝහණ පෙරේරා මහතා දැඩි ආවේගයෙන් යුතුව චෝදනා කරයි.Sri Lanka Latest News
එමෙන්ම, රියදුරන් සූරාකන ඇප් සමාගම් ආරක්ෂා කිරීමට ත්‍රිරෝද රථ ක්ෂේත්‍රය තුළම “දෙකයි පනහේ” ව්‍යාජ සංගම් බිහිවී ඇති බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රෝහණ පෙරේරා මහතා රජයේ සහ ජනාධිපතිවරයාගේ පිළිවෙත මෙසේ දැඩි විවේචනයට ලක් කළේය:
“ඇප් සමාගම් කරන අමන වැඩ සහ රියදුරන් ගසාකෑම වහන්න දැන් ත්‍රීරෝද රථ සංගම් කියාගන්නා දෙකයි පනහේ සංගමුත් බිහිවෙලා තියෙනවා. රජය මේවා දිහා බලාගෙන විහිළු සපයනවා. ලෝක වෙළඳපොලේ අද බොරතෙල් මිල තියෙන්නේ ලංකාවේ ඉන්ධන ලීටරය රුපියල් 290ට තිබ්බ කාලේ තත්ත්වයටයි. මේවා හංගලා ගහන්න ලෑස්ති වෙන්න එපා, මේ රටේ මිනිස්සු බබාලා නෙවෙයි!”
ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳවද ඔහු සිය කෝපය පළ කළේය:
“පහුගිය දවස්වල ජනාධිපතිතුමා ත්‍රීරෝද රථ රියදුරන් ගැන අති අනර්ඝ විදිහට කතා කරා. හැබැයි අල්පමාත්‍රයක දෙයක්වත් ඒ වෙනුවෙන් කරලා නෑ ජනාධිපතිතුමා ඔබතුමා! අපි දුන්න සංදේශයටවත් පිළිතුරක් ලැබෙයි කියලා අපි තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.”
පවතින තත්ත්වය හමුවේ කිසිදු ලෙසක ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන බව ස්ථාවරව ප්‍රකාශ කරමින් ඔහු මෙසේ ද පැවසීය:
“ගාස්තු සංශෝධනයක් නම් වෙන්නේ නැහැ කියන එක අපි වගකීමෙන් කියනවා. දැනට ක්‍රියාත්මක වෙන විදිහටම ත්‍රීරෝද රථ ගාස්තුව පළවෙනි කිලෝමීටරයට රුපියල් 110යි, දෙවැනි කිලෝමීටරයේ ඉඳන් රුපියල් 90යි විදිහටම දිගටම ක්‍රියාත්මක වෙනවා කියන පණිවිඩය අපි සමාජයට දෙනවා.”










