• About us
  • Contact us
Monday, June 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් ආයතනය බංකොලොත්? පඩි ගෙවාගන්නත් සල්ලි නෑ! සැලසුම් දෙකක් අනුර අතේ! I Sri Lanka Latest News

June 29, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට පෙරාතුව වරක් අප ක්‍රිකට් සම්බන්ධයෙන් රාජ්‍ය රහස් තීරය ඔස්සේ තොරතුරු වාර්තා කරමින් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මතුවිය හැකි ගැටලුවට මුහුණ දීම සඳහා සැලසුම් දෙකක් ජනාධිපතිවරයා සතුව පවතින බවකි. ඉන් පළමු සැලසුම ලෙස අප අනාවරණ කළේ අයි.සී.සී.යේ. අනුමැතිය සහිතව ක්‍රිකට් අතුරු කමිටුවේ කාලය වසරකට දීර්ඝ කරගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවකි. දෙවැන්න ලෙස අප අනාවරණ කළේ එසේ කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කොට ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ සැලැස්මක් ජනාධිපතිවරයා සතුව ඇති බවකි. ඒ අනුව මෙම සාකච්ඡාවේදී ජේ ෂා දිගටම අයි.සී.සී. නීතිරීතිවලට අනුව ලංකාව කටයුතු කළ යුතු බවට දැනුම් දී සිටීම නිසා අවසානයේදී ජනාධිපතිවරයා කියා සිටියේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වුවහොත් තමන් ඊටද සූදානම් යැයි කියාය. ඒ අනුව දූෂණයෙන් තොර පිරිසිදු කණ්ඩායමක් ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී ජේ ෂාට දැනුම් දී සිටියේය. ජනාධිපතිවරයා සහ ජේ ෂා අතර පැවැති විනාඩි 17ක හමුවේදී සත්‍ය වශයෙන්ම සිදුවූයේ මෙයය. ඊට පරිබාහිර අනෙකුත් සියලු කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බව ‘රාජ්‍ය රහස්’ වගකීමෙන් යුතුව වාර්තා කිරීමට සූදානම්ය.Sri Lanka Latest News

පඩි ගෙවන්නත් සල්ලි නෑ

කෙසේ වෙතත් මේ වනවිට ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකටද මුහුණපා සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. අපට ඇති ඇතැම් තොරතුරුවලින් කියැවෙන්නේ ලබන මාසයේ වැටුප් ගෙවීම පවා අසීරු වන තරමට ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්ත්වය පහත වැටී ඇති බවකි. ඒ බව තහවුරු කරමින් පසුගිය සතයේ පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයකු වූ ප්‍රකාශ් ෂාෆ්ටර් කියා සිටියේ පසුගිය වසරේ ජනාධිපතිවරයා මුල්ගල තැබූ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට පවා අසීරු තත්ත්වයක් මතුව ඇති බවත්, ඒ සඳහා වැයකිරීමට ක්‍රිකට් ආයතනය සතුව මුදල් නොමැති බවත්ය. ඒ අනුව ක්‍රිකට් ආයතනය නැවතත් මුදල්වලින් පිරවීම සඳහා ජේ ෂා දැනුම් දුන් ආකාරයට ජූලි 31 වැනිදාට පෙරාතුව ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ තත්ත්වයක් මේ වනවිට මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එසේ වුවහොත් ජනාධිපතිවරයා සූදානමින් සිටින්නේ ඉරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායමක් ආණ්ඩුව පැත්තෙන් ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කිරීමටය.

පණිවුඩ දෙපැත්තටම යනවා

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වාට ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව නැවත වතාවක් සභාපති ධුරයට තරග වැදීමට නොහැකි නිසා බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ ශම්මිගේ පාර්ශ්වයෙන් තවත් කණ්ඩායමක් ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කරනු ඇති බවටය. මන්ද යත් ක්‍රිකට් සංගම්වල වැඩි බලය ශම්මි ප්‍රමුඛ පාර්ශ්වයට හිමිව තිබීම නිසා ක්‍රිකට් ආයතනයේ යළි බලය ඇල්ලීම ඔවුන්ට අසීරු කාර්යයක් නොවේ. නමුත් ‘රාජ්‍ය රහස්’ තීරයට ඇති ආරංචිවලින් කියැවෙන්නේ අනුරගේ පාර්ශ්වයෙන් දැනටමත් ඉරාන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් නිලවරණයට ඉදිරිපත් කරන බවට ශම්මිගේ පාර්ශ්වයට පණිවුඩයක් ලබාදී ඇති බවකි. එහිදී ශම්මිගේ පාර්ශ්වයෙන්ද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට යවා ඇතැයි කියන පණිවුඩයකින් කියැවෙන්නේ ඉරාන්ගේ නායකත්වය පිළිගැනීමට සූදානම් නමුත්, කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශම්මිගේ පාර්ශ්වයෙන් නම් කිහිපයක් යෝජනා කිරීමට සූදානම් බවකි. නමුත් ඊට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කිසිදු එකඟතාවක් පළවී නොමැති බවක්ද දැනගන්නට තිබේ. ඒ අනුව මේ දිනවල ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් සහ ඊට පත්කිරීමට නියමිත සාමාජිකයන් සම්බන්ධයෙන් දෙපැත්තට පණිවුඩ හුවමාරු වන ආකාරයක් දැකගන්නට පුළුවන. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුව හොඳින් හෝ නරකින් ක්‍රිකට් පරිපාලනය සුද්ද කිරීම සඳහා අවශ්‍ය සියලු සැලසුම් සකස් කරමින් ඇති බවකි.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ජවිපෙ නීතීඥයන් කණ්ඩායමක් ඇවිත් අනුර හමුවෙලා! අපි විරුද්ධයි කියලා මූණටම කියයි! I Sri Lanka Latest News

Next Post

ICC සභාපති ලංකාවට ඇවිත් අනුර එක්ක ඇත්තටම කතා කළේ මොනවාද? සමහර පත්තර අතේ රෝල් ගහලා නෝන්ඩි වුණා! මෙන්න ඇත්තම කතාව! I Sri Lanka Latest News

MORE NEWS

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ලංකාවට ඇවිත් අනුර එක්ක ඇත්තටම කතා කළේ මොනවාද? සමහර පත්තර අතේ රෝල් ගහලා නෝන්ඩි වුණා! මෙන්න ඇත්තම කතාව! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ නීතීඥයන් කණ්ඩායමක් ඇවිත් අනුර හමුවෙලා! අපි විරුද්ධයි කියලා මූණටම කියයි! I Sri Lanka Latest News

පොසොන් පෝ දා තවත් මහා පිංකමක්! සජබ මූලස්ථානයේදී සජිත් බත් දන්සලකුත් දීලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොසොන් පෝ දා තවත් මහා පිංකමක්! සජබ මූලස්ථානයේදී සජිත් බත් දන්සලකුත් දීලා! VIDEO I Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේ පොසොන් ධර්ම දේශනය මෙවර නුගේගොඩ නාලන්දාරාමයේදී! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂ නායක කාර්යාලයේ පොසොන් ධර්ම දේශනය මෙවර නුගේගොඩ නාලන්දාරාමයේදී! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News
Exclusive

ලංකාව දැන් ලෝකයේ උඩටම ඇවිත්! Sri Lanka Latest News

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේම මේ මොකද්ද වුණේ? කෝටි ගණනක් වියදම් කරලා හදපු මඩකලපු පාලම දෙකට කැඩෙයි! ජනතාව කැළඹෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ලංකාවට ඇවිත් අනුර එක්ක ඇත්තටම කතා කළේ මොනවාද? සමහර පත්තර අතේ රෝල් ගහලා නෝන්ඩි වුණා! මෙන්න ඇත්තම කතාව! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කිරීමත් සමග මතුවූ තත්ත්වයන් එකින් එක පියවරෙන්...

Read more
Sri Lanka Latest News

ක්‍රිකට් ආයතනය බංකොලොත්? පඩි ගෙවාගන්නත් සල්ලි නෑ! සැලසුම් දෙකක් අනුර අතේ! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

ජවිපෙ නීතීඥයන් කණ්ඩායමක් ඇවිත් අනුර හමුවෙලා! අපි විරුද්ධයි කියලා මූණටම කියයි! I Sri Lanka Latest News

පොසොන් පෝ දා තවත් මහා පිංකමක්! සජබ මූලස්ථානයේදී සජිත් බත් දන්සලකුත් දීලා! VIDEO I Sri Lanka Latest News

පොසොන් පෝ දා තවත් මහා පිංකමක්! සජබ මූලස්ථානයේදී සජිත් බත් දන්සලකුත් දීලා! VIDEO I Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේ පොසොන් ධර්ම දේශනය මෙවර නුගේගොඩ නාලන්දාරාමයේදී! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේ පොසොන් ධර්ම දේශනය මෙවර නුගේගොඩ නාලන්දාරාමයේදී! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.