පසුගිය සතියේ ආණ්ඩුව සිටියේ දේශපාලන වශයෙන් විපක්ෂය විසින් එල්ල කරනු ලැබූ චෝදනා රැසක සිරවය. ඉන් ප්‍රධානම එකක් වූයේ ජනාධිපතිවරයා විසින් මාස 6ක් තිස්සේ පුරප්පාඩුව පවතින උපරිමාධිකරණ විනිසුරු ධුර 8ක් පිරවීමට කටයුතු නොකිරීමය. මීට අමතරව අගවිනිසුරු සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුව පිළිබඳවද විපක්ෂය පසුගිය සතියේ ආණ්ඩුවට එල්ල කර තිබුණේ විශාල විරෝධයකි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා පසුගිය සතියේ සජබය ප්රමුඛ විපක්ෂයේ සියලු පක්ෂ ලිපියකට අත්සන් තැබීමටද කටයුතු කොට තිබිණ.Sri Lanka Latest News
විපක්ෂය විසින් මතුකළ මෙම විරෝධය කෙතරම් ප්‍රබල වූවාද කියනවා නම් එහි උණුසුම ආණ්ඩුව ඇතුළටත් නොදැනුණා නොවේ. ඒ අනුව පසුගිය සතියේ ජවිපෙ පමණක් නියෝජනය කරන නීතිඥවරුන් කණ්ඩායමක් හමුවී මෙම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබූ බවක් ආරංචිය. ඒ, ජවිපෙ නීතිඥවරුන් විසින් කාලයක් තිස්සේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය බවට පැලවත්ත පක්ෂ මූලස්ථානයට කර තිබූ දැනුම්දීම්වලට අනුවය. මෙම නීතිඥවරුන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා තිබුණේද අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇතැයි කියන තීන්දුවට විරෝධය පළකිරීම සඳහාය. ජවිපෙ නමගිය නීතිඥවරුන් විශාල පිරිසක් එම තීන්දුවට පක්ෂය ඇතුළේ විරෝධය පළකොට තිබුණද, ඔවුන් කිසිදු අවස්ථාවක එය එළියට පැමිණ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමට කටයුතු කොට නොතිබිණි.
මොකද්ද හේතුව?
ඒ අනුව පැවැති මෙම සාකච්ඡාවේදී ජවිපෙ නීතිඥවරු කෙළින්ම ජනාධිපතිවරයාට විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ගෙන ඇති තීන්දුවට විරෝධය පළකරමින් අදහස් දැක්වීමට කටයුතු කළහ. නමුත් එහිදී ජනාධිපතිවරයා එම තීන්දුව ගන්නේ නම් ඊට බලපාන හේතු රැසක් නීතිඥවරුන් හමුවේ තැබීමට කටයුතු කළේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙය කිසිසේත්ම ආණ්ඩුවට ප්රචාරක වාසි හෝ ඡන්ද වාසි හෝ වෙනයම් වාසියක් ලබාගැනීමේ අරමුණකින් සිදුකරන එකක් නොවන බවකි. කෙසේ වෙතත් එහිදී ජනාධිපතිවරයා පෙරළා ජවිපෙ නීතිඥවරුන්ගෙන්ද එක ප්‍රශ්නයක් ඇසීමට පියවර ගත්තේය. ඒ, එවැනි යෝජනාවකට විරෝධය පළකිරීමට ජවිපෙ නීතිඥවරුන්ට ඇති හේතුව කුමක්දැයි කියාය. එහිදී බොහෝ දෙනා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ නඩු විභාගවල දින ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් පැවැති සම්ප්රදාය අහෝසි වීම මේ හරහා සිදුවනවා යැයි කියාය. නමුත් එහිදී ජනාධිපතිවරයා සිනාසෙමින් කියා සිටියේ ‘ඉතින් හොඳයිනේ. නඩු මාස හය, හත, අවුරුද්ද කල් දදා ඉන්නවට වඩා ටක් ටක් ගාලා අහලා ඉවර කරන එක කොච්චර හොඳයිද? රටේ මිනිස්සුත් ඒකටනේ කැමැති? ඉතින් ඒක ඔබතුමාලා කියන්නේ හොඳ නෑ කියලද?’ යැයි කියාය.










