විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් විසින් සෑම පොහෝ දිනකම සංවිධානය කරනු ලබන ධර්ම දේශනය මෙවර පොසොන් පොහෝ දිනය නිමිති කර ගෙන අද නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.Sri Lanka Latest News
සඳහම් පවුර බෞද්ධ සංවිධානයේ අනුග්‍රහයෙන් සහ නීතිඥ සුදත් ජයසුන්දර මහතාගේ සංවිධානයෙන් පැවැති මෙවර ධර්ම දේශනය ගොතටුව ජන්දන විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හිගුරේ පඤ්ඤාසේකර හිමියන් විසින් සිදු කරන ලද අතර ඒ අවස්ථාව වෙනුවෙන් සැදැහැති බෞද්ධ ජනතාව රාශියක් එක්ව සිටියේය.





















