• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

June 20, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් පී.ටී.ඒ. පනත 1979 සිට භාවිතා කර ඇති පනතකි. දශක ගණනාවක් පුරා දහස් ගණනක් පුද්ගලයන් මේ යටතේ අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා නඩු නොපවරා දීර්ඝ කාලයක් රඳවා තබාගෙන ඇති බව විවිධ මානව හිමිකම් වාර්තාවලින් තහවුරු කර තිබේ. Sri Lanka Latest News

වධහිංසා ‘පද්ධතිමය’ සහ ‘සාමාන්‍ය’ ලෙස…
2020දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධ්‍යයනයකට අනුව, පී.ටී.ඒ. යටතේ රඳවා සිටි සිරකරුවන්ගෙන් 84%ක් පමණ අත්අඩංගුවට ගැනීමෙන් පසු දරුණු වධහිංසාවන්ට ලක්කර ඇති බව වාර්තා වී ඇත.

2015-2022 කාලය තුළ ආරක්ෂක අංශ විසින් දෙමළ පුද්ගලයන් 123 දෙනකු වධහිංසා, ලිංගික අපයෝජන සහ නීති විරෝධී රඳවා තබාගැනීම්වලට ලක්කළ බවට ජාත්‍යන්තර සත්‍ය හා යුක්ති ව්‍යාපෘතිය (ITJP) වාර්තා කර ඇත.

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් සහ Human Rights Watch ආයතනය පී.ටී.ඒ. යටතේ වධහිංසා ‘පද්ධතිමය’ සහ ‘සාමාන්‍ය’ ලෙස සිදුව ඇති බව සඳහන් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ (2019- ජූලි 2022) සහ රනිල් වික්‍රමසිංහ (ජූලි 2022 – සැප්තැම්බර් 2024) පාලන කාලයන් තුළ පී.ටී.ඒ. යටතේ අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවනු ලැබූ හෝ මරාදැමූ පුද්ගලයන්ගේ නිශ්චිත නිල සංඛ්‍යාවක් නොමැති නමුත්, වෙනත් ප්‍රසිද්ධ වාර්තා අනුව විශේෂයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධ්‍යයනයකට අනුව පී.ටී.ඒ. සිරකරුවන්ගෙන් 84%ක් පමණ අත්අඩංගුවට ගැනීමෙන් පසු වධහිංසාවට ලක්ව ඇති බව වාර්තා කර තිබේ.

2020දී පී.ටී.ඒ. යටතේ පුද්ගලයන් 212 දෙනකු සහ 2021දී 109 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ බව Human Rights Watch (HRW) සංවිධානය විසින් උපුටා දක්වන දත්ත පෙන්වාදී ඇත.

ජාත්‍යන්තර සත්‍ය හා යුක්ති ව්‍යාපෘතිය 2015-2022 කාලය තුළ දෙමළ පුද්ගලයන් 123 දෙනකු සම්බන්ධ පැහැරගැනීම්, රඳවා තබාගැනීම් සහ වධහිංසා සිද්ධීන් ලේඛනගත කර ඇති අතර, එම සිද්ධීන් 11ක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුවූ බවද වාර්තා කර ඇත.

මානව හිමිකම් සංවිධාන කිහිපයක් ගෝඨාභය සහ රනිල් යන දෙපාර්ශ්වීය පාලන කාලවලද පී.ටී.ඒ. භාවිතය, අත්තනෝමතික රඳවා තබාගැනීම් සහ වධහිංසා චෝදනා දිගටම පැවැති බව ප්‍රකාශ කර ඇත. එබැවින් සත්‍ය වශයෙන්ම කිව හැක්කේ, පී.ටී.ඒ. යටතේ අත්අඩංගුවට ගත් පිරිස සිය ගණනක සිට දහස් ගණනක් අතර ප්‍රමාණයක වධහිංසා චෝදනා පුළුල් ලෙස ලේඛනගත වී ඇති බවයි.

සලේ යටතේ පී.ටී.ඒ. භාවිත කරමින් සිදුකර ඇති වධහිංසා..
2019 දෙසැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කළේය. ඔහු 2024 ඔක්තෝබර් දක්වා එම ධුරයේ කටයුතු කළේය. ගෝඨාභය රාජපක්ෂගෙන් පසුව රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය පුරාම එම තනතුරේ සිටියේ සුරේෂ් සලේය. ඒ අනුව, පසුගිය අරගල සමයේදී පී.ටී.ඒ. භාවිත කරමින් අත්අඩංගුවට ගැනීම් සහ ආරක්ෂක මෙහෙයුම් සිදුවූයේද සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස සිටින විටදීය.

ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ පාලන කාලයන් තුළ පී.ටී.ඒ. යටතේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූ නඩු කිහිපයක් විය. මේවා අධික ලෙස මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධානවල අවධානයට ලක්වූ සිද්ධීන්ය.

ප්‍රසිද්ධ නීතිඥයකු වන හිජාස් හිස්බුල්ලා 2020 අප්‍රේල් මාසයේදී පී.ටී.ඒ. යටතේ අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව දීර්ඝ කාලයක් රඳවා තබාගෙන ඇති බවට මානව හිමිකම් සංවිධාන ඇඟිල්ල දිගු කළේය. නමුත් 2022 දී ඔහුව අධිකරණ විසින් නිදහස් කරනු ලැබීය.

කවියකු සහ ගුරුවරයකු වූ අහ්නාෆ් ජසීම් 2020දී පී.ටී.ඒ. යටතේ අත්අඩංගුවට ගන්නා ලද අතර, ඔහුගේ Navarasam කාව්‍ය සංග්‍රහය අන්තවාදය ප්‍රවර්ධනය කරන බවට චෝදනා එල්ල විය. මානව හිමිකම් සංවිධාන සහ ලේඛක සංවිධාන මෙම අත්අඩංගුවට ගැනීම ප්‍රකාශන නිදහසට එල්ල වූ ප්‍රහාරයක් ලෙස විවේචනය කළහ. 2022දී ඔහු ඇප මත නිදහස් විය.

මරා දමන්න ගඟ ළඟටත් රැගෙන ගිය මුදලිගේ…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ වසන්ත මුදලිගේ 2022 අරගල සමයේ පී.ටී.ඒ. යටතේ රඳවා තැබිණි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පී.ටී.ඒ. භාවිතය පිළිබඳ ජාත්‍යන්තර අවධානය වැඩි වූ ප්‍රධාන සිද්ධිය මෙය විය.

වසන්ත මුදලිගේ රඳවා තබාගෙන සිටින තැන පවා එළිදරව් නොකොට, ඔහුව නවගමුව පත්තිනි දේවාලය අසල ගඟ අසලට රැගෙන ගොස් මරාදැමීමට පවා සැලසුම් සකස් කර තිබූ බවට චෝදනාවක් තිබිණි. එම සැලසුම එළිදරව් වීම නිසා ඔහුගේ ජීවිතය රැකගැනීමට ඔහුට හැකි විය. මාස කිහිපයකට පසු ඔහු නිදහස් විය.

අරගලයට සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් 2022 දී පී.ටී.ඒ. යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම් විවාදයට ලක්විය. භික්ෂුන් වහන්සේලාට පී.ටී.ඒ. යෙදවීම පිළිබඳ විවේචන දැඩි ලෙස එල්ල විය.

Ceylon Teachers Union හි ලේකම් ජෝසෆ් ස්ටාලින්ට එරෙහිව 2022 දී පී.ටී.ඒ. භාවිත කිරීමට උත්සාහ කළ බවට චෝදනා මතුවිය. ඔහු සම්බන්ධ සිද්ධිය පී.ටී.ඒ. භාවිතයේ සීමා පිළිබඳ විවාදයට හේතු විය.

ගෝඨාභය සහ රනිල් යන දෙපාර්ශ්වයේම පාලන කාලයන් තුළ සිදුවූ වධහිංසා චෝදනා පිළිබඳවත්, පී.ටී.ඒ. රැඳවියන්ට වධහිංසා, බලහත්කාර ප්‍රකාශ ලබාගැනීම්, නීතිඥ ප්‍රවේශය ප්‍රමාද කිරීම සහ දිගුකාලීන රඳවා තබාගැනීම් පිළිබඳ වාර්තා Human Rights Watch, Amnesty International, International Truth and Justice Project සහ ්‍Human Rights Commission of Sri Lanka යන ආයතන ප්‍රකාශයට පත්කර ඇත.

කැත නින්දිත ම්ලේච්ඡයන්ට එරෙහිව අද පී.ටී.ඒ.
ඉහත සඳහන් සියලු වධහිංසා, බලහත්කාරකම්, ප්‍රමාද කිරීම් සහ දිගුකාලීන රඳවා ගැනීම් පී.ටී.ඒ. යොදාගනිමින් කැත නින්දිත ලෙස හැසිරුණු ම්ලේච්ඡයන්ට එරෙහිව මේ වන විට පී.ටී.ඒ. ක්‍රියාත්මක වෙමින් පවතින්නේ දෛවයේ සරදමක් ලෙසය. දැන් ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය සිහිපත් වී තිබේ. දැන් ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය සොයමින් හඬා වැටෙමින් සිටිති.
මේ අතර තවත් සමහරුන්, මේ පී.ටී.ඒ. පනත යොදාගනිමින් පාහර වැඩ කළ ම්ලේච්ඡයන්ව රණවිරු සායමින් පින්තාරු කරන්නට දැඩි වෙහෙසක් දරමින් සිටිති. අපි නම් පී.ටී.ඒ. පනතට එදත් විරුද්ධය. අදත් විරුද්ධය. හෙටත් විරුද්ධය. නමුත් පී.ටී.ඒ. පනත කැත නින්දිත ලෙස යොදාගනිමින් එදා ම්ලේච්ඡයන් ලෙස හැසිරුණු අය දැන් පූස් පැටව් මෙන් අහිංසකකම් පෙන්වමින් අනුකම්පාව දිනාගැනීමට උත්සාහ කරමින් සිටිති. ඒ අයට අපට නම් කියන්නට ඇත්තේ ‘කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ’ කියා පමණය.

සුනිල් ගාමිණී ජයලත්ගේ

SendShareShare
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

Next Post

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

MORE NEWS

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News
Exclusive

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

Load More

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.