• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති යළි ‘විධායක ජනපති’ වෙයි

September 4, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනපති යළි ‘විධායක ජනපති’ වෙයි
Share on WhatsAppShare on Facebook

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවත වතාවක් ජනාධිපතිවරයාට විධායක බලතල ලබා දීමට පියවර ගෙන ඇති අර 19 වන ව්‍යවස්ථාවේ ඇතුළත් වගන්ති 3ක් හැර සෙසු සියලුම කරුණු ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

19න් ඉතිරිවූ කරුණු:

තොරතුරු දැන ගැනීමේ අයිතිය
ජනාධිපතිවරයාට දෙවරකට වඩා ජනාධිපතිවරණයකට තරඟ කළ නොහැකි වීම
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 05කට සීමා කිරීම

එම කරුණු පමණක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති අතර අනෙකුත් කරුණු සියල්ලම අහෝසි කර තිබේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වන අතර ඔවුන්ට ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීමට ඇති අයිතිය ද අහෝසි වේ.

අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත්කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයා යටතට පැවරේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට වසර 4 1/2 යනතුරු නොහැකිය යන වගන්තිය ඉවත් වී පාර්ලිමේන්තුව වසරක් ගතවූ පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට යළි අවස්ථාව හිමිවේ.

අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස් මත සිදුකළ යුතු යන වගන්තිය ද අහෝසි වේ.

අමාත්‍ය මණ්ඩලය 30කට සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40 සීමාව ඉක්මවා නොයා යුතුයි යන වගන්තිය ද ඉවත් වේ.

ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ නොහැක යන වගන්තිය ද මේ යටතේ අහෝසි වන තවත් වැදගත් කරුණකි.

ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඉවත් කිරීමටත්, ඔවුන් සතු විෂයන් සහ අමාත්‍යාංශ තමා යටතේ තබා ගැනීමටත්, 20 වන සංශෝධන පනත් කෙටුම්පතෙන් යෝජනා වී තිබේ.

ජනාධිපතිවරයාට යම් විෂයන් හෝ කාර්යයන් තමා යටතේ තබා ගැනීමට ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් යළි අවස්ථාව ලබාදී තිබේ.

ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනා පත් කිරීමටත්, ඉන් එක් අයෙකු සභාපතිවරයා ලෙස පත්කිරීමටත් වගකීම පැවරී තිබේ.

SendShareShare
Previous Post

පගා පප්පෙක් පාර්ලිමේන්තුවටත් රිංගයි

Next Post

මැකො තීන්දුව වෙනස් කරයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.