• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

June 20, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන රැසක් මේ වනවිට කරළියට පැමිණ ඇති බවත්, ඒවායේ ආයෝජනය නොකරන ලෙසත් සඳහන් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය දා විශේෂ දැනුවත් කිරීමක් සිදුකළා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනතාව දැනුවත් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය 04 වැනිදා දෙරණ රූපවාහිනියේ ‘බික් ෆෝකස්’ වැඩසටහන ඔස්සේ සිදුකෙරුණු අතර, ඊට ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චමරි ජයසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මේ, එම වැඩසටහනේදී අදාළ නීති විරෝධී ආයෝජන ක්‍රම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නවලට චමරි ජයසිංහ මහත්මිය ලබාදුන් පිළිතුරුයි. Sri Lanka Latest News

මාධ්‍යවේදී චතුර අල්විස්
සමහරු කියනවා දින 30කින් මුදල දෙගුණ කරලා දෙනවා කියලා. තව අය කියනවා 20%ක පොලියක් දෙනවා කියලා. එහෙම ගානක් දෙන්න බැරිද ඔය වගාවක් කරන කට්ටියට? ඒක මිථ්‍යාවක්ද?

චමරි ජයසිංහ
එහෙම දෙන්නේ කොහොමද කියන එක තමයි අපිට අහන්න වෙන්නේ. දැන් යම්කිසි වගාවක් කරනවා නම් අපි අත්දැකීමෙන්ම දන්නවා වගාවේ ප්‍රතිලාභ ලැබෙන්න යම්කිසි කාලයක් යනවා. අද වවලා හෙට ගෙඩි එන්නේ නැහැනේ කිසිම භෝගයක. මාසෙකට 20% කියන එක නම් ඉතාම ඉහළ පොලියක්. එතකොට වාර්ෂික පොලිය 240%යි. ඉතින් මොන ව්‍යාපාරයක්වත් කරලා අපේ දැනුමේ හැටියට නම් එහෙම පොලියක් ගෙවන්න බැහැ. සාමාන්‍ය බැංකු පද්ධතියේ 10%ට අඩුයි වාර්ෂික පොලී මට්ටම.

මාධ්‍යවේදී චතුර අල්විස්
එහෙමනම් ඔබතුමියලාගේ මුහුණු, ඔබතුමාගේ අපිත් එක්කම කරපු වැඩසටහන්වල ඔබලා කියන ප්‍රකාශයන් අපි දකිනවා ලංකාවේ ඔය විදියට වගාකරන ආයතන ඒගොල්ලෝ රැස් කරලා ඒගොල්ලන්ගේ යූටියුබ්වල, සෝෂල් මීඩියාවල, වෙබ් අඩවිවල ඔක්කොගෙම පාවිච්චි කරනවා. නීති විරෝධී නැහැ, වගාවන්ට මුදල් රැස් කරන්න පුළුවන් කියලා. ඒක කොහොමද එහෙමනම් වෙන්නේ නීති විරෝධී නම්?

චමරි ජයසිංහ
නීති විරෝධී තමයි. ඒක තැන්පතුවක් විදිහට නමින් ගන්නේ නැහැ. යම් යම් ලියකියවිලි දීලා මහජනතාවගෙන් මුදල් රැස්කිරීම තමයි ඔය කරන්නේ. අන්න ඒක තමයි නීති විරෝධී. වගාව නෙමෙයි, වගාව මුවාවෙන් මහජනතාවගෙන් මුදල් රැස්කිරීම නීති විරෝධීයි. වගාව මුවාවෙන් මොනම ආකාරයෙන්වත් මහජනතාවගෙන් තැන්පතු රැස්කිරීම, මුදල් රැස්කිරීම මුදල් ව්‍යාපාර පනතේ වගන්ති යටතේ.

මාධ්‍යවේදී චතුර අල්විස්
දැනට පැමිණිලි ලැබිලා තියෙනවා නම් මොන වගේ වගාවන් සම්බන්ධවද මුදල් රැස් කරනවා කියලා පැමිණිලි ලැබිලා තියෙන්නේ? මොකද එහෙම නැතුව මේක උඩින් කිව්වම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මොන ක්ෂේත්‍රවල වගාවන්ට මුදල් එකතු කරනවා කියලා ද පැමිණිලි ලැබිලා තියෙන්නේ?

චමරි ජයසිංහ
වර්ග වශයෙන් කිව්වොත් වැනිලා වගාව, නයි මිරිස්, කොච්චි මිරිස්, කංකුන්, කිලෝ පේර, වල්ලපට්ටා වගේ විවිධාකාර වගාවන්. එක වර්ගයක් නෙමෙයි. විවිධ භෝග. ඉතින් අපිට කියන්න බැහැ මේ එක වගාවක් ගැන විතරක් කියලා. නමුත් අපි දන්න හැටියට ලංකාව කෘෂිකාර්මික රටක්. එතකොට කෘෂිකාර්මික රටක් වුණාම මේවා දිගුකාලීනව වවන්න ඇතිනේ මීට කලිනුත්. දැන් තමයි අලුතෙන් මේ වගාවල්වලට සල්ලි එකතු කරන්නේ. නමුත් එහෙම වවලා ලංකාව දියුණු වෙන්න එපැයි. අපි ශතවර්ෂ ගානක් ගොවිතැන් කරපු මිනිස්සු. එතකොට ඕවයින් ඔය තරම් ලාභ ගන්න පුළුවන් නම් අපි මේ රැකියාවල් කරන්නවත් වෙන දෙයක් කරන්නවත් ඕනේ නැහැ, වගාව කරලා ඔහොම ලොකු ගණන් ගන්න පුළුවන්.

මාධ්‍යවේදී චතුර අල්විස්
බොහොම සරලව කියනවා නම්, ඔබ මේ කියපු වගාවන් කිසිම එකකට ඔබ මුදල් දීලා වගාව කරන්නේ නැතුව මුදල් ආයෝජනය කරන්න යනවා නම්, හම්බ කරන්න හිතාගෙන මුදල් දෙන්න එපා.

SendShareShare
Previous Post

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

MORE NEWS

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News
Exclusive

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News
Exclusive

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News
Exclusive

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

Load More
වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.