යුද පරාජයක් යනු යුද්ධයකදී හෝ යම් සටනකදී යම් පාර්ශ්වයක් තම ප්‍රතිවාදියා හමුවේ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් හෝ පසුබෑමට, අඩපණ වීමට සහ පාලනය අහිමි වීමට ලක්වීමයි. මෙය හමුදාමය වශයෙන් මෙන්ම උපායමාර්ගික හා දේශපාලනික වශයෙන්ද බලපෑම් ඇතිකරන සංකීර්ණ ක්‍රියාවලියකි. යුද පරාජයක ප්‍රධානතම ලක්ෂණ ගණනාවක්ම දැකිය හැකිය. මෙහිදී හමුදාමය ක්‍රියාලියේ බිඳවැටීම ප්‍රධානතම තැනක් ගනී. එහිදී භූමි ප්‍රදේශ අහිමිවී යෑම මෙන්ම යුද උපකරණ සහ සටන්කාමීන්ගේ අහිමිවී යෑම සිදුවෙයි. තවද අණදෙන නිලධාරීන්ගේ නායකත්වයද අඩපණ වෙයි. එසේම යුද පරාජයකදී දේශපාලනික නායකයන්ගේ පසුබෑමද ප්‍රබල ලෙස බලපානු ලබයි. එනම් පරාජය වන පාර්ශ්වයේ ස්වෛරීභාවයට හානි වීම සහ ජාත්‍යන්තර වශයෙන් ස්ථානගතවීම දුර්වල වෙයි. තවත් යුද පරාජයකට හේතු වන්නේ යුදවදින පාර්ශ්වවල මානසික ධෛර්යය හීන වීමයි. මෙම තත්ත්වය අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි.Sri Lanka Latest News
යුද පරාජයක් යනු ආර්ථකථනය කරමින් මෙම කතාව ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? එය නම් මෙයට දින කිහිපයකට පෙරදී ජාත්‍යන්තරයෙන් අපට අසන්නට ලැබුණු සුවිශේෂ පුවතක් හේතුවෙනි. එම කතාව කුමක්ද? ‘ඩොනල්ඩ් ට්‍රම්ප් පරාදයි-ඇමෙරිකා -ඉරාන යුද්ධයෙන් ඇමෙරිකාව පරාදයි’ යන කතාන්දරය පසුගියදා ගෝලීය මාධ්‍ය විසින් වාර්තා කරන ලද ප්‍රධානතම පුවතක් විය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙයට මාස 4කට පෙරදී ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද මහා යුද්ධය දැන් මහා පරාජයකට ලක්ව ඇති ආකාරය මෙම පුවත්වලින් හෙළිවෙයි. ඔහු එලෙස යුද්ධය ආරම්භ කරන විටදී කියා සිටියේ ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවත්, එසේම ඇමෙරිකාව යුද්ධයෙන් සම්පූර්ණ ජයග්‍රහණයක් ලබාගන්නා බවත්ය. එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? ඇමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය අවසන් කිරීමට ඉරානය සමග ගිවිසුමකට එළඹීමට කැමැති බවයි. මෙම ගිවිසුම ගැන ඇමෙරිකාව පසුගියදා තම කැමැත්ත ප්‍රකාශ කළ අතර එම ක්‍රියාවලියට මැදිහත් වීම සිදුකර ඇත්තේ පාකිස්තානය විසිනි. පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් පසුගියදා මෙම ගිවිසුම ප්‍රකාශයට පත්කළ අතර, එය ඉදිරි දිනයකදී යුරෝපයේ රටකදී අස්සන් තැබීමට නියමිතය. මෙම ගිවිසුම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් ගලිබාෆ් විසින් නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය හරහා අස්සන් කළ බව ඇමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇත.
අවසන් ස්ථිර ගිවිසුම අස්සන් කිරීම ඉදිරි සතියේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සිදුකිරීමට නියමිතය. ගිවිසුමේ මුල් පියවරේදී ඉරාන වරායන් සඳහා ඇමෙරිකානු නාවික හමුදා අවහිර කිරීම් වහාම ඉවත් කරන ලෙසට ජනාධිපති ට්‍රම්ප් නියෝග කර ඇත. එසේම ස්ථිර ගිවිසුම අස්සන් කිරීමෙන් පසු වසාදමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ඔහු තම Truth Social අන්තර්ජාල ගිණුමෙහි මෙවැනි ප්‍රකාශයක් තබා තිබිණි. ‘ලෝකයේ නැව් වෙතයි ඔබගේ එන්ජින් පණගන්වන්න සෑම දෙසටම තෙල් ගලායෑමට ඉඩ දෙන්න. මේ ගිවිසුම මගින් මුළු කලාපයටම සාමය සහ ආරක්ෂාව ගෙන එනු ඇතිය’ යනුවෙන් සඳහන්ව තිබිණි. මෙම ක්‍රියාවලියත් සමග ඉරාන විදේශ අමාත්‍යවරයා රූපවාහිනියෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉරානයේ හමුදා මෙහෙයුම් අවසන් කරන බවත්, මෙම ගිවිසුම මගින් පෙනී යන්නේ ඉරානයේ ජයග්‍රහණයක් බවත්ය. ඉරානයේ ඉහළම සියලු හමුදා අණදෙන නිලධාරියා ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයට පරාජය පිළිගැනීම සහ යටත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මෙම ගිවිසුම හරහා පෙන්වාදී ඇති බවයි. එසේම ඊශ්‍රායලයද එම පරාජය භාරගත යුතු බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. ඇමෙරිකා-ඉරාන යුද්ධ පසුබිම තුළදී මෙසේ හෙළිවන සත්‍ය වතගොත කුමක්ද? ලෝකයේ සිටින ප්‍රකට සහ ප්‍රවීණ දේශපාලනික සහ යුද විශ්ලේෂකයන් මෙන්ම විචාරකයන් මෙම සිදුවීම් ගැන සුවිශේෂ මත රැසක් ප්‍රකාශ කර ඇත. ඔවුන් බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමෙරිකා-ඉරාන යුද්ධයෙන් පරාජයවී ඇති බවත්, එසේම නව ගිවිසුම හරහා පෙන්වා සිටින්නේ ඔහු යුද්ධයේ පරාජය භාරගෙන ඇති බවත්ය. එම සුවිශේෂ විශ්ලේෂණයන් එක්තැන් කළ විට මෙවැනි අර්ථකථනයක් ගෙනහැර දක්වයි.
‘ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා-ඉරාන යුද්ධයෙන් පරාජයට පත්වූයේ ඔහුගේ මූලික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කරගැනීමට අපොහොසත් වීම, කොංග්‍රස් අනුමැතිය ලබාගැනීමට අරගල කිරීම සහ දැඩි දේශීය හා ජාත්‍යන්තර ප්‍රතිවිපාකවලට මුහුණ දීම හේතුවෙනි. ජනාධිපති ට්‍රම්ප් නිසි සැලසුමක් නොමැතිව යුද්ධය ආරම්භ කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානයට ඇති හැකියාව පිළිබඳ බුද්ධි අංශ අනතුරු ඇඟවීම් නොසලකා හැරියේය. ගෝලීය සහචරයන්ගේ විරෝධය නොසලකා හැරියේය. මිලිටරි මැදිහත්වීම සහ ඉන් පසුව ඇතිවූ ගෝලීය බලශක්ති බාධාවන් හේතුවෙන් ඇතිවන ගෝලීය ආර්ථික පීඩනය මායිම් නොකළේය…’
එම විද්වත් විශ්ලේෂණයන් තවදුරටත් මෙසේ කියා සිටියි. ඒ සඳහා ඔවුන් විවිධ පියවර ගෙනහැර දක්වයි.
‘ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද්ධය අවසන් කරන ගිවිසුම සාදරයෙන් පිළිගත හැකි නමුත් ඒ සමගම කටුක සත්‍යයන්ද ගෙන එයි. ඔහු මෙම යුද්ධය සිදුකළේ නීතියට පටහැනිව නොසැලකිලිමත් ලෙස තමන්ගේම හිතුමනාපයටය. රටක නායකයකුට එවැන්නක් සිදුකළ නොහැකිය. මේ නිසා ඇමෙරිකාව මිලිටරිමය වශයෙන්ද රාජ්‍යතාන්ත්‍රිකව සහ ආර්ථික වශයෙන්ද දුර්වල විය. එසේම එය ඔහුට සහ ඔහු නායකත්වය දෙන ජාතියටද නින්දාසහගත පරාජයකි. ගැටුමේ ප්‍රතිඵලය මගින් ප්‍රධාන උපායමාර්ගික ප්‍රතිවිපාක කිහිපයක්ම මතු කරයි. යුද්ධය සඳහා ඩොලර් බිලියන සිය ගණනක සම්පත් විනාශ කර දැම්මේය. එහෙත් නොවිසඳුණු න්‍යෂ්ටික ගැටලු ගැන තත්ත්වය එසේම පැවැතුණේය. එසේම මුළුමහත් ලෝකයේම ආර්ථික අස්ථාවරත්වයට හේතු විය. එම තත්ත්වය දිනෙන් දින උත්සන්න වූවා මිස විසඳුමක් වම සිදුව නැත. යුද්ධය නිසා ගෝලීය සන්ධානවලට දැඩි ලෙස හානි සිදුවිය. මේ නිසා යුරෝපීය සහ ගල්ෆ් සහචරයන් ට්‍රම්ප් පාලනය විචාරයට ලක් කළේය. මේ නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුද සහ අසාර්ථකත්වයන් රැසක් ඇති විය. යුද්ධය ඇතිවූ කාලයේ සිටම ඇමෙරිකානු කොංග්‍රසය, සෙනෙට් සභාව, ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සඳහා විරුද්ධත්වය දැක්වීය. එය ඔහු මුහුණ දුන් විශාලතම අර්බුදයක්ද විය…’
ඇමෙරිකානු කොංග්‍රසය (පාර්ලිමේන්තුව) ජනාධිපති ට්‍රම්ප්ට විරුද්ධ වන්නේ ක්‍රමවේද කිහිපයක් හරහාය. ව්‍යවස්ථාදායක බාධක, භාණ්ඩාගාරයේ මූල්‍යමය බලය, කොංග්‍රස් මණ්ඩල විභාග සහ නීතිමය අභියෝග ප්‍රතිසන්ධාන පනත් කෙටුම්පත්, ඡන්ද හා මත විමසීම්, සිතාසි බලය මෙන්ම නීතිමය අභියෝග සහ නඩුහබ මෙම ක්‍රියාවලීන් වෙයි. එසේම ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රධාන වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධ වන්නේ බලතල බෙදීම දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සහ විධායකයේ සීමාව ඉක්මවා යෑම සීමා කිරීමෙනි. ඔහුගේ ඒකපාර්ශ්වික උත්සාහයන් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙහිදී විදේශ ප්‍රතිපත්ති සහ යුද බලතල ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි අවධානය යොමුකර තීන්දු තීරණ සහ නියෝග පනවයි. මෙයට අමතරව සෙනෙට් සභාවද ජනාධිපති ට්‍රම්ප්ගේ යුදමය තීන්දුවලට එරෙහි වූයේය. නිදසුනක් වශයෙන් යෝජිත ඩොලර් බිලියන 1.8ක ‘ආයුධ විරෝධී අරමුදලට’ එරෙහිව සෙනෙට් සභාව කැරැලි ගැසුවේය. මෙය දැන් තාවකාලිකව අත්හිටුවා ඇත.
යුද්ධයෙන් පැරැදුණු ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ කතාව අතරතුරදී තවත් විශේෂ පුවතක්ද හෙළිවෙයි. එනම් පසුගියදා පවත්වන ලද ප්‍රකට AP-NORC නමැති මහජන මත විමසීමේදී ඇමෙරිකානු ජනතාවගෙන් 56%ක්ම ට්‍රම්ප් ප්‍රතිපත්තිවලට විරුද්ධ වී ඇති අතර, සහාය දක්වා ඇත්තේ 36%ක ප්‍රමාණයක් පමණි. 8%ක ප්‍රමාණයක් පමණක් මධ්‍යස්ථ මත දරා ඇත. මෙම ප්‍රතිඵල ඩොනල්ඩ් ට්‍රම්ප් ලැබූ මහා පරාජයකි. මෙම යුද්ධයෙන් ගොඩ ගියේ චීනය හා රුසියාව පමණි.

ප්‍රියන්ත හෙට්ටිගේ










