කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඒ උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශි‍්‍රත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද සාකච්ජාවේදීය.
කහ සහ ගම්මිරිස් අවශ්‍යතාව දේශීය වගාවෙන් සපුරා ගැනීමටත්, අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනයටත් විධිමත් සැලසුම් සැකසීම කෙරෙහි මෙහිදි සාකච්ඡුාවට බදුන් වූ අතර ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ කහ සහ ගම්මිරිස් වගාකරුවන් ආරක්ෂා කිරීම සදහා එම භෝග ආනයනය නතර කළ බවයි.
අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.
ගම්මාන 100ක කහ සහ ඉගුරු වගාකිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහහැතැම්ම ප‍්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කිරීමට ද සැලසුම් කර ඇති බව මෙහිදී ප‍්‍රකාශ කෙරිණ..
මිරිස් පරිභෝජනය වෙනුවට ජනතාව අතර ගම්මිරිස් ප‍්‍රචලිත කිරිමේ වැදගත්කම පිළිබදවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාච්ඡුාවේදී පෙන්වා දී ඇත.
ඊට අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු හා ඊට අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් රේඛීය ආයතන නිලධාරීන් සහ වගා සංගම් නියෝජිතයන් එක්ව සිටියා.










