බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබ ඇති නඩුවේ තීන්දුව ලබන ජූලි මස 31 දින ප්‍රකාශයට පත් කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (15) තීරණය කළා.Sri Lanka Latest News
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරළ කළ වාචික දේශන ඉදිරිපත් කිරිම අවසන් කිරීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කෙරුණා.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද (15) කැඳවනු ලැබුවා.
එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරල විත්තියේ දේශනය වැඩිදුරටත් ඉදිරිපත් කරමින් මෙසේ ප්‍රකාශ කළා.
“මෙය තහවුරු නොකළ බුද්ධි තොරතුරක් බව නිලන්ත ජයවර්ධන තමන්ට ප්‍රකාශ කළ බව විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශය නිලන්ත ජයවර්ධන මූලික සාක්ෂියේදී තහවුරු කළා. ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු තොරතුර බුද්ධි තොරතුරක් ලෙස වර්ධනය වී නැති බව එහිදී නිලන්ත කියලා තියෙනවා. බුද්ධි සමාලෝචන රැස්වීමේ දී හැමෝම කරුණු දක්වලා ඉවර වුණාම විත්තිකරු ඒ තොරතුර ගැන අහනවා.
එතකොට තමයි එය තහවුරු කර නොගත් තොරතුරක් බව කියන්නේ. මේ තොරතුර ගැන අනිත් අයව දැනුවත් කරන ලෙස සිසිර මෙන්ඩිස් ට දැනුම් දුන්නා. එහෙත් නිලන්ත ජයවර්ධන පොලිස්පතිට දැනුම් දීමක් කරන්නේ සැර බාල කරලා.










