ජනතාවාදී, ජනහිතකාමී විපක්ෂයක් ලෙස රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පක්ෂය සිය පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු කරමින් යන අතර එහි තවත් පියවරක් 2026 ජුනි මස 13 වැනි දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දී සිදු විය.Sri Lanka Latest News
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ආසනයේ ක්‍රියාකාරී සාමාජික හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
මෙම ජනතා හමුව හොරොව්පතාන ආසන ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්දසෝම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා හොරොව්පතාන ආසන සහය සංවිධායක නූර් ෆාසිල් මැතිතුමාගේ සංවිධානත්වයෙන් පැවැත්විණි. මේ අවස්ථාව වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මැතිතුමන් ඇතුළු අනෙකුත් ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළුව හොරොව්පතාන ආසනය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්විය.










ජනතාවාදී, ජනහිතකාමී විපක්ෂයක් ලෙස රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පක්ෂය සිය පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු කරමින් යන අතර එහි තවත් එක් පියවරක් ඊයේ (13) අනුරාධපුර දිස්ත්‍රික්කයේ දී සිදු විය.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අනුරාධපුර ආසනයේ ක්‍රියාකාරී සාමාජික හමුවක් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
මෙම ජනතා හමුව බටහිර අනුරාධපුර ආසන සංවිධායක සාගර අමරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ අවස්ථාව වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මැතිතුමන් ඇතුළු අනෙකුත් ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළුව බටහිර අනුරාධපුර ආසනය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්විය.




























