• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

June 13, 2026
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පාස්කු බෝම්බය පුපුරනකොට රාජපක්ෂලා හිටියේ ඔක්තෝබර් කුමන්ත්‍රණ බෝම්බයට අහුවෙලා උන්හිටි තැන් නැතිවෙලා…’Sri Lanka Latest News

කවුදෝ කීවේ පත්තර කඩේ පත්තර බලන ගමන්ය.

‘ඉතින් උඹ කියන්නේ බෝම්බේ තිබ්බේ රාජපක්ෂලා කියලද…?’

මුදලාලි ඇහුවේ ඇදේටය.

‘ඒක මම දන්නේ නැහැ. හැබැයි රාජපක්ෂලා තමයි පාස්කු බෝම්බය පාවිච්චි කරලා රනිල් මහත්තයාගේ ආණ්ඩුව පුපුරුවලා දැම්මේ…’

එහෙම කියාගෙන කඩේට ගොඩවුණු හාදයා පත්තරේත් නොගෙනම යන්න ගියේය.

කතාවේ ඇත්තක් තිබේ. 2018 ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කරලා එවක ජනාධිපති මෛත්‍රී රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කරලා මහින්දව අගමැති කළ විට මහින්දට 113 පෙන්න ගන්න බැරිව ඉමහත් ලැජ්ජාවට පත්විය. ඉන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මහින්දට වහාම අගමැති ධුරයෙන් ඉවත් වෙන්න යැයි නියෝග කළ විට මහින්ද අන්ත අසරණ විය. ඊට පෙර 2018 පුංචි ඡන්දයෙන් මහින්ද සහ පොහොට්ටුව ගත්ත ගැම්ම මහින්ද මෛත්‍රීගෙන් අගමැතිකම භාරගන්න ගොස් නැති කරගත්තේය. මහින්ද කරගත්ත ගොන්කම ගැන හිතාගන්න බැරිව පොහොට්ටුව තැන තැන වැටී සිටියදී පාස්කු බෝම්බය පිපිරුවේ රාජපක්ෂලාට සහ පොහොට්ටුවට ලොතරැයියක් ඇදුණා සේය.

බෝම්බය පිපිරුණු විගස තමන් ජනාධිපතිවරණයට එන බවට ගෝඨාභය විදේශ මාධ්‍යයන්ට ප්‍රකාශයක් කළේය. එතැන් සිට ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුළු රාජපක්ෂ පවුලත්, පොහොට්ටුවත් විමල්, උදය, දිනේෂ් ඇතුළු පොහොට්ටුවේ සන්ධාන පක්ෂ නායකයනුත් එකතු කරගෙන වැඩේට බැස්සේය.

2004 රනිල්ගේ ආණ්ඩුව වට්ටවන්න චන්ද්‍රිකා ගහපු ගේම රනිල් කොටි හුරතල් කරනවා කියාය.

2019 රනිල්ගේ ආණ්ඩුව පුපුරුවන්න රාජපක්ෂවරු ගහපු ගේම රනිල් මුස්ලිම් ත්‍රස්තයන් හුරතල් කරනවා කියාය. 2004 රනිල් කොටි හුරතල් කරනවා කියන්න චන්ද්‍රිකාලා පාවිච්චි කළේ ප්‍රභාකරන්වය. 2019 රනිල් මුස්ලිම් ත්‍රස්තවාදීන් හුරතල් කරනවා කියන්න රාජපක්ෂලාට ප්‍රභාකරන් වගේ චරිතයක් මුස්ලිම් ප්‍රජාව තුළ හොයාගන්න නොහැකි විය. ඔවුන් ප්‍රභාකරන්ට ආදේශ කළේ රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රබලතම ඇමැතිවරයා වූ රිෂාඩ් බදුර්දීන්ය. රාජපක්ෂවරු ඔහුව ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගැසීය. රනිල් සහ යූ.ඇන්.පී. ආණ්ඩුව රිෂාඩ් ඇතුළු මුස්ලිම් ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන මුස්ලිම් නායකයන් පෝෂණය කරලා බෝම්බ පිපිරෙන තෙක් ඇස් කන් පියාගෙන සිටියා යැයි රාජපක්ෂවරු චෝදනා කළහ.

බෝම්බය පුපුරපු දිනට පසු දිනම මහින්ද කාදිනල් හිමි හමුවෙන්න ගොස් බෝම්බය පිපිරුණේ ආණ්ඩුවේ වරදින් යැයි කාදිනල් හිමි ලවාම තහවුරු කර ගත්තේය.

මේ වෙලාවේ රනිල් හිටියේ වෙනම ලෝකයකය. ඔහුව හමුවෙන්න යන යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන්ට රනිල් කීවේ අමුතු කතාවකි.

‘බලන්න මහින්දලා මේක මෛත්‍රීට කරකවන හැටි…’

රනිල් ඔවුන්ට කීවේය. රනිල් හිතුවේ මහින්දලාගේ වෛරය තියෙන්නේ මෛත්‍රී එක්ක නිසා, ආරක්ෂක ඇමැති මෛත්‍රී නිසා මහින්දලා බෝම්බයෙන් මෛත්‍රීව ඉවර කරයි කියලාය. මහින්දලා ඒ ලණුව රනිල්ට දීලා රනිල් ලව්වා බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තේ ආරක්ෂක ඇමැති ලෙස මෛත්‍රී යැයි රනිල් සහ යූ.ඇන්.පී.ය ලව්වා කියවා ගත්තාද දන්නේ නැත. යූ.ඇන්.පී. මන්ත්‍රීවරු කීවේත් තම නායක සහ අගමැති රනිල්ව මෛත්‍රී ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගි කරගත්තේ නැති බවත්, බෝම්බයේ වගකීම මෛත්‍රී භාරගත යුතු බවත්ය.

ඒත් මේ වෙනකොට රාජපක්ෂලා මෛත්‍රී එක්ක එකට ජනාධිපතිවරණය තරග කරන්න ඩීල් එක දමාගෙන සිටියහ. ඒ, 2018 පුංචි ඡන්දයේදී මෛත්‍රීට හිමිවුණු ඡන්ද ලක්ෂ 14 සාක්කුවට දමාගන්නටය. මේ නිසා පාස්කු ප්‍රහාරය රනිල් සහ යූ.ඇන්.පී.ය පිට දමා යූ.ඇන්.පී.ය විනාශ කළ යුතු යැයි රාජපක්ෂවරු ගණන් හැදූහ.

පාස්කු බෝම්බයට ගින්දර තියා රාජපක්ෂවරු රටම ගිනි තැබූහ. රනිල් සහ යූ.ඇන්.පී.ය මිනිස්සුන්ට පෙනුණේ රට විනාශ කරන ත්‍රස්තවාදීන්ට කිරි පොවන දේශද්‍රෝහීන් ලෙසය. ප්‍රභාකරන්ට කිරි පොවා යුද්ධය අවසන් කරන්න මහින්දට ඉඩ නොදුන් රනිල් සහ යූ.ඇන්.පී.ය දැන් මුස්ලිම් ත්‍රස්තවාදීන්ට කිරි පොවා රට මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ ක්ෂේම භූමියක් කරන්න යනවා යැයි රාජපක්ෂලා, උදයලා, විමල්ලා, දිනේෂ්ලා කී කතා ඇත්ත යැයි මිනිස්සු පිළිගත්හ. රනිල් සහ යූ.ඇන්.පී. ආණ්ඩුව ජාත්‍යන්තර මුස්ලිම් ත්‍රස්තවාදී ඉලක්කවලට මිනිස් බෝම්බ හදන රටක් බවට පත්කර ඇතැයි රාජපක්ෂවරුන් චෝදනා කළේ ලාංකික රැඩිකල් මුස්ලිම්වරු සිරියාවේ පුහුණුව ලබන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්ය.

රනිල් සහ යූ.ඇන්.පී. ආණ්ඩුව රාජපක්ෂවරු නිර්මාණය කළ මේ මුස්ලිම් සහ රනිල් – යූ.ඇන්.පී. විරෝධී සුනාමිය ඉදිරියේ කොයි තරම් අසරණ වූවාද කියනවා නම් ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරුන් සියල්ලටම ඉවත් වෙන්න කීවේය.

චන්ද්‍රිකා සහ මහින්ද රනිල් සහ යූ.ඇන්.පී.ය විනාශ කළේ රනිල් සහ යූ.ඇන්.පී.යට කොටි හංවඩුව ගහලාය. යුද්ධය අවසන් වීමෙන් පසු මිනිස්සුන්ට කොටි හංවඩුව අමතක විය. 2015 රනිල් සහ යූ.ඇන්.පී.ය දින්නේ ඒ නිසාය. කොටි හංවඩුව ගලවාගෙන යාන්තම් දෙපයින් නැගිටින්න රනිල් සහ යූ.ඇන්.පී.ය උත්සාහ කරද්දී රාජපක්ෂලා රනිල්ට සහ යූ.ඇන්.පී.යට අයි.එස්.අයි.එස්. හංවඩුව ගැසූහ. යූ.ඇන්.පී. ආණ්ඩුවට සම්බන්ධකම් ඇති වෛද්‍ය සාෆි සිංහල බෞද්ධ කාන්තාවන්ට වඳ සැත්කම් කරනවා කියමින් රාජපක්ෂවරු, විමල්ලා, උදයලා රටම බය සන්ත්‍රාසයට පත් කළහ.

රාජපක්ෂලා රනිල්ට සහ යූ.ඇන්.පී. ආණ්ඩුවට එරෙහිව මේ මුස්ලිම් ත්‍රස්තවාදී හංවඩුව ගහන්නේ පාස්කු බෝම්බයටත් පෙරය. ඒ සඳහා ඔවුන් පාවිච්චි කළේ ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල් අතර ප්‍රශ්න හදමින් ගෝඨාභයගේ ගෝලයකු වූ ඇවන්ගාඩ් අධිපතිට එරෙහි චෝදනා යටපත් කළ විජයදාස රාජපක්ෂවය. ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුව විනාශ කරන ඔහුව අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැති ධුරයෙන් ඉවත් කරන ලෙස යූ.ඇන්.පී.ය මෛත්‍රීට බල කළ විට මෛත්‍රී අකැමැත්තෙන් යූ.ඇන්.පී. හඬට කන් දුන්නේය.

ඇමැති ධුරයෙන් ඉවත් කළ විජයදාස පළමු වරට රාජපක්ෂවරුන්ගේ වුවමනාවට ආණ්ඩුවේ ඉදිරි පෙළ අය මුස්ලිම් ත්‍රස්තවාදීන් සුරතල් කරනවා යැයි චෝදනා කළේය. පාස්කු බෝම්බය පුපුරා ගිය විට තමන් කලින් කී දේ හරි ගියා කියමින් ගෝඨාභය ජනාධිපති කරන්න එක් විය.

පාස්කු බෝම්බය යූ.ඇන්.පී.යට කරකවා යූ.ඇන්.පී.ය සුන්නත්ධූලි කළ රාජපක්ෂලාට සහ පොහොට්ටුවට අද පාස්කු බෝම්බය කරකැවී ඇත. ඒ, අන් කවුරුවත් නිසා නොව, අනුර කුමාර සහ ජවිපෙ නිසාය. හරි නම් යූ.ඇන්.පී.ය සහ සමගි ජන බලවේගය අනුරට මල් පහන් තියා පූජා කළ යුතුව ඇත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

Next Post

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.