පාරම්පරිකව මාදැල් රැකියාවේ සිදු කරන මේ ජනතාවගේ බලපත්‍ර අහිමි කර ඇති බවත් මාදැල් තොටුපොළවල් 3ක් තිබුණත් 1ක් ලෙස ලියාපදිංචි කර ඇති බවත් ධීවර වරාය සංවර්ධනය කිරීම නිසා මාදැල් තොටුපොළ ඉවත් කිරීමත් බහුදින යාත්‍රා පොරොන්දු වී එක්දින යාත්‍රා ලබා දීමේ වැඩසටහනක් තුළ මේ පරම්පරාවල අය එකග වී ඇති බවත් මේ එකග වීම නිසා නිත්‍යානුකූල මාදැල් බලපත්‍රය ඉවත් කර ඇති මුත් ඔවුන් වසර 22ක් මේ රැකියාවේ නිරතව ඇති බවත් එහි සිටි ධීවරයන් විපක්ෂ නායකවරයා හමුවේ පැවසීය.Sri Lanka Latest News
කුඩා බෝට්ටු සහ සෙසු ධීවර රැකියාවන්ට හානියක් නොවන ආකාරය මීටර් 750ක ප්‍රමාණය අතහැර නව මාදැල් කර්මාන්තයෙ නියැලීමට බලපත්‍රයක් අපේක්ෂා කරන බවත් දැන් සිටින ධීවර නිලධාරීන් බලපත්‍ර නොමැතිව මේ මාදැල් රැකියාව සිදු කිරීමට ඉඩ නොදෙන බවත් උසාවියට පවා මේ ගැටලුව දිග්ගැස්සී ඇති බවත් විපක්ෂ නායකවරයා හමුවේ පැවසීය. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ ගැටලු කෙරෙහි අවධානය යොමු කර එය රජයේ අවධානයට යොමු කර විසදුම් ලබා දීමට මැදිහත්වන බවට පොරොන්දු විය.


















