පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන අද (03) නියෝගයක් නිකුත් කළා.Sri Lanka Latest News
එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත වහාම යොමු කරන ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා.
මෙලෙස විදෙස් ගමන් තහනම් කෙරුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, යුධ හමුදාවේ හිටපු කර්නල්වරයෙක් වන මොහොමඩ් අන්සාර් සහ හිටපු බුද්ධි අංශ නිලධාරියෙක් වන ප්‍රේමානන්ද උදලාගම යන අයවලුන්ගේයි.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශන සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ යන අයව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේවන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාලව ගොනු කර තිබෙන නඩුකරයේ තුන්වන සැකකරු ලෙස සුරේෂ් සලේ නම් කර තිබෙනවා.










