සිංහරාජ වනාන්තරය ආරක්ෂා කරගැනීමේ සටනට එක්වීමට දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මියද පියවර ගෙන ඇත.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් දේවානි ජයතිලක මහත්මිය සදහන් කොට ඇත්තේ ‘ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමැති අයෙක් අමතන්න’ යනුවෙනි.
දෙණියාය ලංකාගම යා කරමින් සිංහරාජය ආසන්නයේ ඉදිවන මාර්ගය සදහා ජනාධිපතිවරයා විසින් අවසර ලබා දීමෙන් අනතුරුව දේවානි මහත්මිය මෙම සටහන තබා තිබේ.
ඇය විසින් මෙම සටහන තැබීමෙන් අනතුරුව විශාල පිරිසක් ඊට ප්‍රතිචාර දක්වමින් තම තමන්ට අයත් ඉඩම්ද සිංහරාජය වෙනුවෙන් පැවරීමට කැමැත්ත ප්‍රකාශ කොට තිබේ.
ඉකුත් සමයේදී මීගමුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් විනාශ කරමින් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා වන යෝජනාවක් පැමිණි අවස්ථාවේ ඊට සෘජුව විරෝධය පළකිරීම හේතුවෙන් දේවානි ජයතිලක මහත්මිය රට ඇතුළේ විශාල කීර්තියක් දිනා ගත් නිලධාරිනියක් ලෙස ප්‍රකට විය.











