වත්මන් රජයේ ප්‍රබලයෙකුගේ බිරිඳගේ සහෝදරයා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2045 ක් සමග ත්‍රිකුණාමල කොට්ඨාඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
ඔහු ත්‍රිකුණාමලය සුමේදගම පදිංචිකරුවෙකි.
කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
මෙම පුද්ගලයා ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මස්සිනා බව අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.
මෙම සැකකරු ත්‍රිකුණාමල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.










