ඇස් ඇර බලනු මැන නීතිය රකින දොරේ….
පන්සල් පල්ලි කෝවිල් දැහැමි කඳවුරූ
විරසක කරන මත ගොඩනගති සමහරූ
පිරිසක් නිසා එවැනිවු අමන තකතිරූ
ඉවසිය නොහේ මගෙ රට නැසෙයි පින්සරූ Sri Lanka Latest News
සම්බුදු පියා තෙවරක් වැඩිය බොදු බිමයි
එදවස දහම් දියරෙන් තෙමුණු මුදු බිමයි
අද නොරටුන්ට හිරිකිත නැතිව දණ නමයි
මිනිසුනි සමගි වී රට රැකුම යුතු කමයි
අපමණ පුරා විදු සලකුණු උතුරු කරේ
සමගම පොළව යට පවතී නැගෙන හිරේ
එළිපිට නැසෙයි මේවා නෙත කඳුළු පිරේ
ඇස් ඇර බලනු මැන නීතිය රකින දොරේ
උරුමය හෙළයෙ තවමත් සිය පරවේණී
ලෙස සිතනා අන්තයන්ගෙන් වන හානී
දන්ත මැඳුර වුව නැසුමට දැමු පානී
අමතක නොකර සිහිකර ගැනුමට ඕනී
නොදමා දකුණ – උතුරද දෙකකට අන්ත
මෙය එක රටක් ලෙස සලකා නැණ වන්ත
රැකවරණය ලබාගෙන මැඳුරෙහි දන්ත
සමගිය වඩමු රට රැකගමු පින් වන්ත










