• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරු සාක්ෂි හදා එකම පුද්ගලයෙකුට එරෙහිව පොලිසිය එකම දිනයේදී නඩු දෙකක් දාලා! ගම්පහ මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දොස් සහ උපදෙස්! ලක්ෂ 2ක වන්දියකුත් ගෙවන්න වෙයි!  I Sri Lanka Latest News

May 29, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ව්‍යාජ සාක්ෂි මත නඩු පැවරූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙස ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න නියෝග කළේ ය.Sri Lanka Latest News

එක් මාසයකට වඩා ඊළඟ මාසයේ නඩු සංඛ්‍යාව වැඩි කර ගත යුතු බවට පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ නියෝග මත ක්‍රියාත්මක වුවහොත් වසර 5ක කාලයක් ගත වන විට පොලිසියට නඩු පැවරීම සඳහා ලංකාවේ ජනගහනය ද ප්‍රමාණවත් නොවන බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා රට වැසියෙකුට පීඩාකාරී වන අන්දමට පොලිස් නිලධාරීන් නිස්සාරණ නඩු පැවරීමක් කර ඇතැයි තීන්දු කරමින් ඔහුට වන්දි ගෙවීමට මෙලෙස නියෝග කළේ ය.

ගම්පහ මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ, නඩු සංඛ්‍යාව වැඩිවීම යනු සැබවින් ම ප්‍රදේශය භාර පොලිසියේ අකාර්යක්ෂමතාව විදහා පෙන්වන්නක් බව ය.

එම නියෝගයේ පිටපතක් පොලිස්පතිවරයාට යොමු කරන ලෙස ද අධිකරණ ලේඛකාධිකාරීවරයාට නියම කළේ ය.

නිස්සාරණ නඩු පැවරීමකට යටත් කළ දෙවලපොළ, මාකන්දන පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසය පවරා තිබූ නඩු දෙකෙන් ම ඔහු නිදහස් කළ මහේස්ත්‍රාත්වරයා නියම කළේ, ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුව අදාළ වන්දිය ගෙවිය යුතු බව ය.

එක ම චෝදනාව යටතේ එක ම දිනයේ නඩු දෙකක්

2026 මැයි 06 වන දා හෝ ඊට ආසන්න දිනයක ගම්පහ අස්ගිරිය මංසන්ධියේදී අයිස් මිලිග්‍රෑම් 130ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 500ක් ළඟ තබා ගත් බවට ගම්පහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා චාමර චතුරංග මාරසිංහ නමැත්තා ට එරෙහිව නඩුවක් පවරා තිබිණි.

එහි සාක්ෂිකරුවන් වශයෙන් ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසයේ පොලිස් සැරයෙන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු නම් කර තිබිණි.

විත්තිකාර චාමර චතුරංග නමැත්තාට එරෙහිව මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එක් නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු අදාළ චෝදනාවලට වරද පිළිගැනීම නිසා දඩයක් නියම කෙරුණු අතර, තවත් සුළු මොහොතකින් ඔහුට එරෙහිව එම චෝදනාව යටතේ ම තවත් නඩුවක් කැඳවිණි.

දෙවන නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එක ම පුද්ගලයෙකුට එරෙහිව එක ම දින නඩු දෙකක් පවරා ඇති බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න, රට වැසියන්ට පීඩාකාරී වන අන්දමින් නඩු පැවරීම සම්බන්ධයෙන් එම නඩුවල සාක්ෂිකරුවන්ට සහ ඉහළ නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(1) යටතේ කටයුතු නොකළ යුත්තේ මන්දැයි විමසීම සඳහා අදාළ නිලධාරීන් අධිකරණයට කැඳවුව ද ඔවුන් කිසිවෙකුත් අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.

නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අදාළ පොලිස් සැරයන්වරයා ප්‍රකාශ කළේ, මෙම වැටලීම කළ දින මෙම විත්තිකරු සමග තවත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් හෙයින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා වැරදි ලෙස ගොනුකර ඇති අතර, චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව පවරා ඇති නඩු දෙකෙන් එක් නඩුවක් ඉල්ලා අස්කර ගන්නා බවත්, අනෙක් නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේ ය.

පොලිසිය වැටලීම් කළ යුත්තේ වැටලීමේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට එරෙහිව අධිකරණයක් හමුවේ සාක්ෂි දී ඔවුන් වරදකරුවන් බව පෙන්වීම සඳහා සාක්ෂි සහිතව බව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, මෙම විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු නම් කිරීම මගින් විත්තිකරු නඩු විභාගයකදී වරදකරු කිරීමේ අරමුණින් යුතුව නඩු පවරා ඇති බව පැහැදිලි වන්නේ යැයි ද ඒ අනුව පොලිසියේ ඉල්ලීම පිළිගැනීමට නොහැකි බව සඳහන් කරමින් ඉල්ලීම එම ප්‍රතික්ෂේප කෙරිණි.

පොලිසිය විශාල වශයෙන් මත්ද්‍රව්‍ය නඩු පවරනු ලැබූවත් එම නඩුවල ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සැලකිල්ලට ගැනීමේදී පොලිසිය සඳහන් කළ ප්‍රමාණයට වඩා ඉතා ම අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අඩංගු බව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා රස පරීක්ෂකවරයාට යවනු ලැබූ ඇතැම් නඩු භාණ්ඩවල මත්ද්‍රව්‍ය ඉතා ම සුළු ප්‍රමාණයන් අඩංගු බව මෙන් ම ඇතැම් නඩු භාණ්ඩවල කිසිදු මත්ද්‍රව්‍යයක් අනාවරණය නොවන අවස්ථා ද ඇතැයි අවධාරණය කළේ ය.

මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇතත්, එම උපදෙස් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතා ම අවිධිමත් ලෙස බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එක් මාසයකදී ගන්නා නඩු සංඛ්‍යාවට වඩා වැඩි නඩු සංඛ්‍යාවක් ඊළඟ මාසයේදී ගත යුතු බවට අණකර එමගින් පොලිසියේ හා නිලධාරීන්ගේ ප්‍රගතිය සලකා බැලීම නිරන්තරයෙන් සිදුවූවත් එමගින් පොලිසියේ හෝ නිලධාරීන්ගේ ප්‍රගතිය සලකා බැලීමට කිසිදු හැකියාවක් නැතැයි ද පෙන්වා දුන්නේ ය.

සැබැවින් ම පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා අපරාධ වැටලීම් කරන්නේ නම් එක් මාසයකදී ගත් නඩු සංඛ්‍යාවකට වඩා අඩු නඩු සංඛ්‍යාවක් ඊළඟ මාසයේදී වාර්තා විය යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න, බල ප්‍රදේශයේ නඩු වැඩිවීම යනු සැබවින් ම එම ප්‍රදේශය භාර පොලිසියේ අකාර්යක්ෂමතාව විදහා පෙන්වන්නක් බව ද අවධාරණය කළේ ය.

එක් මාසයකදී ගත් නඩු සංඛ්‍යාවකට වඩා වැඩි නඩු සංඛ්‍යාවක් ඊළඟ මාසයේදී ගත යුතු බවට පොලිසියේ ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන්ට අණ කිරීම මගින් තවත් වසර පහක කාලයක් ගත වන විට පොලිසියට නඩු පැවරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනගහනය ප්‍රමාණවත් නොවනු ඇති බව ද මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න පෙන්වා දුන්නේ ය.

ඇතැම් අවස්ථාවල අධිකරණයේ අභිමතය සීමා කිරීමේ උපක්‍රමයක් වශයෙන් පොලිසිය අන්තරායදායක ඖෂධ පනතේ 54 වගන්තිය උපයෝගී කර ගන්නා බව අධිකරණයේ මතය බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, මෙහි අවසාන ප්‍රතිඵල පොලිස් නිලධාරීන් කෙරෙහි අධිකරණයට ඇති විශ්වාසය පළුදු වීම බව ද අවධාරණය කළේ ය.

මෙම ක්‍රමවේදය පිළිබඳව පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ අවධානය වහා ම යොමු කර එම ක්‍රමවේදය වහා ම වෙනස් කළ යුතු බව අවධාරණය කළ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකරණයට කැඳවා ඇතත් ඔහු අධිකරණයේ පෙනී නොසිටීම මගින් ඔවුන් අධිකරණයේ කටයුතු පිළිබඳ දැඩි නොසැලකිලිමත් බවකින් කටයුතු කරන බවක් පෙනී යන බව ය.

මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව පීඩාකාරී අන්දමින් නඩු පැවරීම පිළිබඳව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(1) වගන්තියේ යටතේ කටයුතු නොකළ යුත්තේ මන් ද? යන්න පිළිබඳ පොලිසිය විසින් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩු දෙකේ වැටලීම කළ බව පවසමින් සාක්ෂිකරුවන් වශයෙන් නම් කර ඇති පොලිස් නිලධාරීන් විසින් ඔහුට රුපියල් 25000 බැගින් වන්දි ගෙවිය යුතු බවට නියම කළේ ය.

පොලිසියට දුන් උපදෙස්

විෂ වර්ග සහ අබිං අන්තරායදායක ඖෂධ පිළිබඳ පනත යටතේ අය කර ගනු ලබන දඩ මුදල්වලින් විශාල මුදල් ප්‍රමාණයක් පොලිස් තෑගි අරමුදලට බැර කරනු ලබන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මෙවැනි ආකාරයේ නිස්සාරණීය ලෙස නඩු පැවරීම්වලදීත් එම අරමුදල භාවිත කළ යුතු බව ද තීරණය කළේ ය.

ඒ අනුව විත්තිකරුට එරෙහිව නිස්සාරණීය ලෙස පවරා ඇති එක් නඩුවකට රුපියල් පනස් දහස බැගින් නඩු දෙකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා මෙම නඩුවේ පිටපතක් පොලිස්පතිවරයාට යැවීමට ද නියම කළේ ය.

පොලිස් නිලධාරීන්ගේ වැරදි පුරුදු සම්බන්ධයෙන් අවධානය යොමු කරවීමේ අරමුණින් මෙම නියෝගය දෙන ලද බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, මෙම නිලධාරීන් කිසිදු විනය ක්‍රියාමාර්ගයකට යටත් නොවිය යුතු බව ද අවධාරණය කළේ ය.

මෙම පොලිස් නිලධාරීන් කිසියම් හෝ විනය ක්‍රියාමාර්ගයකට යටත් කරන්නේ නම් මෙවැනි ආකාරයෙන් වැටලීම් කරන ලෙසට ඔවුන්ට උපදෙස් දී ඇති ඉහළ සිට සියලු ම පොලිස් නිලධාරීන් වගකීමට යටත් කළ යුතු බව ද මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න වැඩිදුරටත් පැවසීය.

BBC සිංහල

SendShareShare
Previous Post

විදුලිය-තෙල්-ගෑස්-ප්‍රවාහන ඇතුළු සේවා රැසක් ‘අත්‍යවශ්‍ය’ කරමින් අනුරගෙන් අතිවිශේෂ ගැසට් එකක්!  I Sri Lanka Latest News

Next Post

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන-ගලගෙදර ඉදිකිරීම් අනුරගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹීමට ඔන්න මෙන්න කියා තිබියදී ප්‍රවාහන-මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.