පසුගිය 26 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ කැපී පෙනෙන විදේශීය කොටස් අලෙවියක් වාර්තා වී තිබෙනවා. Sri Lanka Latest News
ඒ රුපියල් බිලියන 3.03ක දැවැන්ත ශුද්ධ විදේශීය ගලායෑමක් සටහන් කරමින්.
එදින වෙළෙඳපොළේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 4.92 ක් ලෙස ඉහළ අගයක් ගත් අතර, එහිදී දේශීය ආයෝජකයින් සක්‍රීය ලෙස දායකත්වය සපයා තිබෙනවා.
දේශීය මිලදී ගැනීම් රුපියල් බිලියන 4.87 ක් ලෙස වාර්තා වෙද්දී, දේශීය විකිණුම් සටහන් වූයේ රුපියල් බිලියන 1.84 ක් ලෙසයි.
කෙසේ වෙතත්, විදේශීය ආයෝජකයින්ගේ මිලදී ගැනීම් රුපියල් මිලියන 48 ක් වැනි ඉතා පහළ මට්ටමකට සීමා වූ අතර, ඊට සාපේක්ෂව රුපියල් බිලියන 3.08 ක දැවැන්ත විදේශීය විකිණුම් ප්‍රමාණයක් වාර්තා වීම විශේෂත්වයකි.
මෙම තත්ත්වය හේතුවෙන් සමස්ත දෛනික තත්ත්වය දැඩි ශුද්ධ පිටතට ගලායෑමක් ලෙසයි සටහන් වූයේ.
මෙයට හේතු වී ඇත්තේ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ මුල් පෙළේ විදෙස් කොටස්කරුවකු විසින් සිය කොටස් හිමිකාරීත්වයෙන් කොටසක් අලෙවි කර තිබීමයි.










