• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බස්නාහිර ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම පසුපස පැලවත්තේ ගේමක්? අස්වීමේ ලියුම අස්සට සිංහල වචන දෙකක් රිංගවලාද?  I Sri Lanka Latest News

May 25, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මම ආණ්ඩුකාරකමෙන් ඉවත්වෙන කතාව බොරුවක්! ආණ්ඩුවෙන් යන්නෙත් නෑ! අනුර දාලා යන්නෙත් නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාලිමා ආණ්ඩුව යටතේ පළමු වතාවට රට මේ වනවිට යම් ආර්ථික අර්බුදයක සිරව සිටින බව විවෘතව කතා කරනා ඕනෑම අයකු අවිවාදයෙන් පිළිගන්නා කාරණයකි. එම ආර්ථික අර්බුදය මුල්කරගෙන ආණ්ඩුව මේ වනවිට ක්‍රමක්‍රමයෙන් යම් දේශපාලන අර්බුදයකට තල්ලු වෙමින් සිටින ආකාරයේ ලකුණු පහළ කොට ඇති බවක්ද මේ වනවිට දැකගත හැකිය. සාමාන්‍යයෙන් මීට වසර 30කට පෙර කාලයේ නම්, එනම් 1994න් පසු ලංකාවේ බිහිවූ ආණ්ඩු කිසිදු ගැටලුවකින් තොරව වාර දෙකක්, එනම් වසර 10ක පාලන කලය සම්පුර්ණ කළද, මෑත කාලයේ බිහිවූ ආණ්ඩු වසර 10ක කාලය තබා, තමන්ගේ පළමු වාරය වූ වසර 5ක කාලය පවා ගෙනියන්නේ ඉතා අසීරුවෙන් යුතුව බවක් පෙනේනනට ඇත. 94 බලයට පත් චන්ද්‍රිකා 2005 තෙක් වසර 10ක් සිය පාලන බලය පවත්වා ගත්තාය. 2005 බලයට පත් මහින්ද 2015 තෙක් වසර 10ක් සිය පාලන බලය පවත්වා ගත්තේය. නමුත් 2015න් පසු බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩු කළේ වසර 4ක් පමණි. ඔහු දෙවැනි වාරයේ ජනාධිපතිවරණයකට හෝ ඉදිරිපත් නොවීය. 2019 බලයට පත් ගෝඨාභයට වසර 3කින් පසු සිය ධුරයට සමුදී ජනතා අරගලය හමුවේ පස්සා දොරෙන් වෙනත් රටකට පලා යන්නට සිදුවිය. ඉන් අනතුරුව ගෝඨාගේ ඉදිරි වසර දෙක සඳහා බලය ලබාගත් රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණයෙන් ගෙදර ගියේය. එවැනි අස්ථාවර ආණ්ඩු තුනකින් පසු මාලිමාවෙන් ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් බිහිවූයේ ඉතිහාසයේ පළමු වතාවට තුනෙන් දෙකක අතිදැවැන්ත ජන වරමක් හිමිකර ගනිමිනි. නමුත් වසර එකහමාරක් ගතවන විට අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුවටද බරපතළ දේශපාලන සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීමට මේ වනවිට සිදුව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. Sri Lanka Latest News

සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ඇතුළේ දේශපාලන අර්බුදයක් මතුවෙමින් පවතින ලකුණු පළමුවෙන්ම එළියට පෙනෙන්නට ගන්නේ ආණ්ඩුවේ තනතුරු දැරූ චරිත සහ මධ්‍යස්ථ මතධාරීන් එම ආණ්ඩුවෙන් ඉවත් වීමට පටන්ගැනීමත් සමගය. පසුගිය සතියේ එවැනි ආකාරයේ ආන්දෝලනාත්මක සිදුවීමක් ආණ්ඩුව ඇතුළේ සිදුවූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා වන හනීෆ් යූසුෆ් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව දැනුම් දෙමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකිරීමත් සමගය. ඒ සමගම හනීෆ් යූසුෆ් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබාදුන් ආකාරයක්ද දැකගත හැකි විය.

දේශපාලනය දන්නා කියන අය හොඳින්ම දන්නා කාරණාවක් වනුයේ හනීෆ් යූසුෆ් යනු ජනාධිපතිවරයාගේ ළඟම හිතවතකු බවය. ප්‍රකට ව්‍යාපාරිකයකු වූ හනීෆ් යූසුෆ් මහතා ඉකුත් ජනාධිපතිවරණ සමයට පෙර සිටම අනුර කුමාර දිසානායක මහතා සමග අතිශය සමීප හිතවත්කමක් පවත්වාගෙන ගියේය. එමෙන්ම තිරය පිටුපස වෙනත් දේශපාලන මෙහෙයුම්වලදීද සක්‍රීයව දායකත්වය ලබාදෙමින් කටයුතු කළ අයකු ලෙසට හනීෆ් යූසුෆ් මහතා ප්‍රකටය. නමුත් අප දන්නා තොරතුරුවලට අනුව නම් හනීෆ් යූසුෆ් මහතාට ආණ්ඩුකාර ධුරයේ තවදුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳ ගැටලුව මතුවූයේ අදක ඊයේක සිට නොව, මීට වසරක පමණ කාලයක සිටය. මන්ද යත් පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේද හනීෆ් යූසුෆ් මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමේ සූදානමකින් පසුවන බවට මාධ්‍ය වාර්තා පළකොට තිබිණි. ඒ පිළිබඳ කළ සොයාබැලීම්වලදී වාර්තා වූයේ හනීෆ් යූසුෆ් මහතාගේ සමීපයට පැලවත්තෙන් ඔත්තුකරුවන් යොදා තිබීම සම්බන්ධයෙන් යූසුෆ් මහතා කිසියම් අප්‍රසාදයකින් පසුවූ බවකි. එම ඔත්තුකරුවන් හනීෆ් යූසුෆ් මහතාගේ සෑම කටයුත්තකටම මැදිහත් වෙමින් තීන්දු තීරණ ගැනීමේ තත්ත්වයට පවා පැමිණෙද්දී හනීෆ් යූසුෆ් මහතා එය ඉවසුවේ නැත. ඒ අනුව වහාම ජනාධිපතිවරයා හමුවූ හනීෆ් යූසුෆ් මහතා මතුව ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කොට මේ ආකාරයට තමන්ට කටයුතු කළ නොහැකි බවත්, එම නිසා තමන් තනතුරෙන් ඉවත් වීමට කටයුතු කරන බවත් දැනුම්දී සිටියේය. නමුත් ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා හනීෆ් යූසුෆ් මහතාට දැනුම්දී සිටි කාරණාව වූයේ කලබල නොවන ලෙසත්, මේ අවස්ථාවේදී යූසුෆ් මහතා ඉල්ලා අස්වුවහොත් එය තමාටද අහිතකර ලෙස බලපානු ඇති බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීමට හිස නමමින් තවදුරටත් ආණ්ඩුකාර ධුරයේ රැඳී සිටීමට හනීෆ් යූසුෆ් මහතා කටයුතු කළේය.

නමුත් මේ අවස්ථාවේදී හනීෆ් යූසුෆ් මහතා කෙළින්ම සිය ඉල්ලා අස්වීමේ මාධ්‍ය නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කොට කියා සිටියේ තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වුවද තවදුරටත් විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපතිවරයාගේ උපදේශක ධුරයේ කටයුතු කිරීමට සූදානමින් සිටින බවකි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ මත කිහිපයක්ම කියැවෙන ආකාරයක් මේ වනවිට දැකගන්නට තිබේ. ඉන් එක් කතාවකින් කියැවෙන්නේ පැලවත්ත ඔත්තුකරුවන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හේතුකොට ගෙන හනීෆ් යූසුෆ් මහතා මෙසේ දෙවන වතාවටත් ආණ්ඩුකාර ධුරය අත්හැරීමට තීරණය කොට ඇති බවකි. තවත් කතාවකින් කියැවෙන්නේ හනීෆ් යූසුෆ් යනු ප්‍රබල ව්‍යාපාරිකයෙක් නිසා ආර්ථිකය මුල්කරගෙන පැමිණීමට නියමිත බරපතළ අර්බුදය කල්තියාම දැක මෙසේ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කොට ඇති බවකි. ඒ අනුව ඊට පක්ෂව අදහස් දක්වන බොහෝ දෙනා කියා සිටින්නේ මෙවැනි ප්‍රබල ව්‍යාපාරිකයන්ට නැව යන දිශාව සහ සුළඟේ වේගය පිළිබඳ හොඳහැටි ඉවක් ඇති නිසා නැව ගිලෙන්නට පෙර ඉන් පිටතට පැනීමට කටයුතු කරන බවකි.

නමුත් මේ සම්බන්ධයෙන් අපට ඇති යම් යම් තොරතුරුවලින් නම් කියැවෙන්නේ යූසුෆ් ඉල්ලා අස්වන බවට සකස් කළ මාධ්‍ය නිවේදනය හරහා කිසියම් අර්බුදයක් මතුවන ආකාරයේ සිදුවීමක් සිදුව ඇති බවකි. හනීෆ් යූසුෆ් මහතා මුස්ලිම් ජාතිකයකු බැවින් ඔහු සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ ඉංග්‍රීසි මාධ්‍ය උපයෝගී කොටගෙනය. එමෙන්ම සිංහල භාෂාව කියැවීමේ ගැටලුවක්ද හනීෆ් යූසුෆ් මහතාට තිබේ. ඒ අනුව හනීෆ් යූසුෆ් මහතා සිය ඉල්ලා අස්වීමේ නිවේදනය මුලින්ම සකස් කොට තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඒ නිසා අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ යූසුෆ් මහතා ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර දුන් ලිපියේ ඇති කරුණුවලට පරස්පර කරුණක් සිංහල භාෂාවෙන් මාධ්‍යයට නිකුත් වූ ලිපියේ තිබී ඇති බවකි. ඒ අනුව ඉංග්‍රීසි ලිපිය සිංහලෙන් සකස් කළ වෙනත් කණ්ඩායමකගේ වුවමනාවකට අනුව ලියුමේ වචන වෙනස් කොට ඇති බවට වූ කතාබහක්ද මේ වනවිට ආණ්ඩුකාර කාර්යාලය ඇතුළේ යන බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව එය දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස හුවාදක්වන පිරිස්ද ආණ්ඩුකාර කාර්යාලය ඇතුළේ නැතුවාම නොවේ. මන්ද යත් හනීෆ් යූසුෆ් මහතාට සිංහල භාෂාව නිවැරැදිව හැසිරවීමට නොහැකි නිසා ඉතාම රාජ්‍යතාන්ත්‍රික ආකාරයකින් ඉංග්‍රීසි භාෂාව යොදාගෙන ඒ මහතා කියා තිබුණේ තමන් කෙටි කාලයකට ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවත්, තවදුරටත් ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකයකු ලෙස කටයුතු කිරීමට සූදානම් බවත්ය. නමුත් සිංහල භාෂාවෙන් නිකුත්වූ ලිපියේ කෙළින්ම ‘ඉල්ලා අස්වීමට’ යනුවෙන් සඳහන්ව තිබීම මෙම ආන්දෝලනයට බලපා තිබූ කාරණාව විය. හනීෆ් යූසුෆ් මහතාට සිංහල භාෂාව නිවැරැදිව කියවිය නොහැකි නිසා ඊට සිය අස්සන යොදා තිබූ බවක්ද කියවේ. ඒ අනුව මෙම ඉල්ලා අස්වීම යන වචන දෙක හනීෆ් යූසුෆ් මහතාගේ සිංහල භාෂාව හැසිරවීමේ දුර්වලතාව පිළිබඳ දන්නා පැලවත්තෙන් ඇතුළු කළාද, එසේ නොමැති නම් වෙනත් පාර්ශ්වයක් විසින් එය සිදුකළාද යන්න පිළිබඳ සාකච්ඡාවක් මේ දිනවල ආණ්ඩුකාර කාර්යාලය ඇතුළේ සිදුවෙමින් පවතින බවක් දැකගැනීමට පුළුවන. කෙසේ වෙතත් හනීෆ් යූසුෆ් මහතාගේ ඉල්ලා අස්වීම මේ වනවිට ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් යම් ඍණාත්මක බලපෑමක් සිදුකොට ඇති බවක් පැහැදිලිවම දැකගන්නට තිබේ.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ඇතුළට යන්න බලාගෙන ආපු විමල්ව පොලිසිය ඇතුළටම ගනී! I Sri Lanka Latest News

Next Post

ජනාධිපති ලේකම් ගැන අනුර තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.