• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

May 25, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද මම දැක්කා පහුගිය දිනක මේ ආණ්ඩුවේ පක්ෂෙක මහලේකම්වරයා යාපනයේ ගිහින් කියනවා මැතිවරණය තියන්නේ නෑලු.අපේ හාමුදුරුවනේ මැතිවරණයක් තියන්න ඕනද නැද්ද කියල කියලා කියන්න ඕනේ පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි.මේ කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන දවස.පක්ෂෙක ලේකම් කෙනෙක්ට එහෙම කියන්න බෑ ඡන්දෙ තියන්නේ අහවල් දවසේ කියලා හැබැයි මොකක්ද වෙන්නේ ඔහු කියනවා අපි මේ අවුරුද්දේ ඡන්දෙ තියන්නේ නෑ කියලා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.05.24 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කල පානදුරදී පැවැත්වූ රැලියකදීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,Sri Lanka Latest News

මා ස්තූතිවන්ත වෙනවා ආසනයක් විදියට දිස්ත්‍රික්කයක් විදියට සංජීව එදිරිමාන්න මන්ත්‍රීතුමාත් මංජුත් ඇතුළු ඔබ අද පක්ෂය වෙනුවෙන් කරන කැපවීම පිළිබඳව.අද මැතිවරණයක් පිළිබඳව කතාබහක් නෑ.ඊළඟට මැතිවරණයක් තියෙන දවසක් පිළිබඳව ඉඟියකුත් නෑ හැබැයි එහෙම තියෙද්දිත් අද අපි ගම් වලට යනකොට අපි ආසන බල මණ්ඩල කැඳවනකොට දිස්ත්‍රික්කයට එනකොට අපේ ආදරණීය දහස් ගණන් තරුණ තරුණියන් වැඩිහිටියන් අප වටා ඒකරාශී වෙන්නේ අද මේ ආණ්ඩුව කෙරෙහි තියෙන අවිශ්වාසය සහ අපි කෙරෙහි තියෙන විශ්වාසය ඔබ තමුන්නාන්සේලා තවදුරටත් තහවුරු කරමින් කියන බව මතක් කරන්න ඕනේ.

ඒ වගේම තමයි අපේ හාමුදුරුවනේ අපි අභියෝගවලට මුහුණ දීපු පක්ෂයක්.අපි ඉතා කෙටි කාලයකින් ලංකාවේ බලවත්ම දේශපාලන බලවේගය බවට පත්වුණා.අපි යම් පසුබෑමකටත් ලක්වුණා ඒ මොන අභියෝගය තිබ්බත් අපි අභියෝග වලින් පලා ගියේ නෑ.අපි ඔබත් එක්ක දේශපාලනය කරා. අපි ගමේ දේශපාලනය කරා. ඒ ගමේ ඔබත් එක්ක දේශපාලනය කරපු නිසා තමයි අද මේ රටේ ආණ්ඩුව කරගෙන එන ජනතා විරෝධී ආණ්ඩුව අරගෙන යන මේ රටට නොගැලපෙන දේශපාලන ප්‍රතිපත්ති සංස්කෘතීන් සම්බුද්ධ ශාසනයට කරන කෙනෙහිලිකම් පක්ෂයක් විදියට කණ්ඩායමක් විදියට ඊට එරෙහිව නැගී සිටින්න අවකාශය ලැබුණේ.

මේ ආණ්ඩුව බලයට ආවේ අමූලික බොරු කියලා බොරු බලාපොරොත්තු දීලා. එක අපේ හාමුදුරුවනේ මම මතක් කරන්න යන්නේ නැහැ.මොකද මේ ආසනය පහු කරනකොට මගේ ගිණුමට ඩොලර් බිලියන 18ක් වැටෙනවා හැබැයි තාම ඇවිල්ලා නෑ.කියනවනම් දැන් තමයි වෙලාව ඩොලර් හිඟයක් තියෙන වෙලාවේ අපේ හාමුදුරුවනේ දැන් තමයි බිලියන 18 ඕනේ.හැබැයි අමූලික බොරු කිව්වා ජනතාව රැවට්ටුවා ජනතාව නොමඟ යැව්වා තරුණ පරම්පරාවට අසීමිත බලාපොරොත්තු දුන්නා එක කාලයක් නංගි කෙනෙක් ගියා පුංචි කාර් එකක ඒක හරි ගියෙත් නෑ. ඊට පස්සේ ලක්ෂ දොළහට වාහනයක් ගන්න ගියා හැබැයි දැන් කියනවා එහෙම එකක් කිව්වේ නැහැලු අර එක කාලයක් කිව්වා උමා ඔයේ හිලක් කියලා ඊට පස්සේ කිව්වා හිල වහලා කියලා. ලක්ෂ දොළහට වාහනයක් දෙනවා කිව්වා දැන් කියනවා එහෙම එකක් කිව්වේ නැහැයි කියලා මේ රටේ තරුණ පරම්පරාව රැවැට්ටුවා. උපාධිධාරියාට රැකියා දෙනවා කිව්වා. කර්මාන්ත ජනපද නිර්මාණය කරනවා කිව්වා. තරුණයාගේ ආර්ථික ප්‍රශ්නයට මේ ආණ්ඩුව පිළිතුරක් දෙනවා කිව්වා අපේ හාමුදුරුවනේ ඒ හැම එකක්ම අද බොරුවක් බවට පත්වෙලා තියෙනවා.

ආණ්ඩුවට සැලැස්මක් නෑ අපි ආණ්ඩුවෙන් අහනවා අද මේ රටේ ලෝකයේ රටේ තියෙන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න ආණ්ඩුවේ තියෙන සැලැස්ම මොකක්ද?පහුගිය ආණ්ඩුවට බනින එකද නැත්නම් හැකර් කෙනෙක් පැන්නා සල්ලි ඉස්සුවා කියනඑකද නෑ ආණ්ඩුව සැලැස්මක් දෙන්න ඕනේ. ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ මුදල් අමාත්‍යාංශයට කතා කරාම මුදල් අමාත්‍යංශයෙන් ප්‍රශ්න කරාම මුදල් අමාත්‍යංශෙන් ගානකටවත් ගණන් ගන්නේ නැතුව උත්තර දෙන්නේ ඇමතිවරයා.ඇමතිවරයා කියනවා ඩොලරයට සාපේක්ෂව රුපියල 400ට 450ට ගියත් කමක් නෑලු.එයාට කමක් නෑ හැකර්ලට ඒක ප්‍රශ්නයක් නෑ.තව එක්කෙනෙක් එනවා ආර්ථිකය ගැන දිශානතියට අනුව ඒ අයට හරියටම නිශ්චිතව දෙයක් කියන්න බෑලු.අද සම්පූර්ණ ආණ්ඩුව තමන් කරගෙන යන වැඩපිළිවෙල ගැන අනවබෝධයෙන් යුතුව වැඩකරන්නේ.

අවසානයට මොකක්ද වෙන්නේ බදු බර වැඩි කරන්නේ මේ රටේ මහජනතාවගෙන්.තෙල් මිල වැඩි කරනවා විදුලි බිල වැඩි කරනවා විදුලිබිල වැඩි කරනකොට ජල බිලත් වැඩි කරනවා මේ හැමදේම අවසානයේ ගෙවන්න වෙන්නේ මේ රටේ මහජනතාවට.ආණ්ඩුවේ ඉන්න අයට ප්‍රශ්නයක් නෑ නෑ. ඉන්න එකසිය පනස් නම දෙනාටත් ප්‍රශ්නයක් නැතුව ඇති. හැබැයි තමන් විසින් අවභාවිතා කරන තමන් විසින් අතුරුදහන් කරන හැම රුපියලක්ම හැම ඩොලර් එකක්ම තමන්ගෙම හැකර්ලා පැනලා ප්‍රාදේශීය සභාවේ සේප්පුවෙන් කඩන හැම රුපියලක්ම ගෙවන්න වෙන්නේ මේ රටේ මහජනතාවට ඒ බදු බර දෙන්නෙ මේරටේ ජනතාවට.ජනතාවට බදු පිට බදු බර පටවනවා ඇහුවම කියන්නේ අයිඑම්එෆ් කියලා.හැබැයි අවසානයේ ඒ හැම බදු බරම උහුලන්න වෙන්නේ මේ රටේ මහජනතාවට.

අද අපි ගම්වලට යනකොට රටේ ජනතාව ජීවන වියදම ගැන කතා කරනවා.ජීවන වියදම් පාලනය කරන්න ආණ්ඩුවට සැලැස්මක් නෑ.එක පැත්තකින් ගොවිජනතාව යල කන්නයට පොහොර ටික දී ගන්න බැරි වෙනකොට මහ කන්නය ගැන සැලැස්මක් නෑ අපේ හාමුදුරුවනේ.අපි අහනවා පොහොර ටික දෙන්න ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද.ජනතාවට තුන් වේල කන්න පුළුවන් වෙන විදියට පෝෂදායි ආහාර වේලක් ගන්න පුළුවන් වෙන විදියට මේ රටේ ජීවන වියදම් පාලනය කරන්න ආණ්ඩුවේ තියෙන සැලැස්ම මොකක්ද.රටේ අහිංසක දුවා දරුවාගේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් දෙන්න අලුතින් කර්මාන්තශාලා ඉදිකරන්න රැකියා නිපදවන්න ආණ්ඩුවේ තියෙන සැලැස්ම මොකක්ද කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අහනවා.ආණ්ඩුවට බෑ පහුගිය ආණ්ඩු වලට බැනලා අත හෝද ගන්න අපේ හාමුදුරුවනේ.ඔබ දීපු පොරොන්දු ඉටු කරන්න ඕනෙ වගේම අද තියෙන අභියෝග වලටත් ඔබ මුහුණ දෙන්න ඕනේ.මේ පීඩනය ජනතාව පිට දාලා ආණ්ඩුවට ඕනේ විදියට අත්තනෝමතික පාලනයක් ගෙනියන්න බෑ.දැන් මේ ගැන කතා කරාම මම දැක්කා ගොවි මහත්වරුන්ට පොහොර නෑ කිව්වොත් පොලිසියෙන් අරගෙන යනවලු.දැන් ටින් නම්බරේ නැත්නම් හිරේ දානවා මාස හයකට.තේ ගොවියගෙ පොහොර ටික බඩ ඉරිඟු ගොවියගේ පෝර ටික මේ ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන්ම කප්පාදු කෙරුවා.මේ හැම දිස්ත්‍රික්කයකම තේ ගොවියෝ ඉන්නවා ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ආණ්ඩුවෙන් තියෙන සැලැස්ම මොකක්ද අපි අහනවා ආයේ නිකන් මේ ප්‍රංශයට ගිහින් අහන් ආවා නාමල් රාජපක්ෂ පිල්ලෙයාන් බලන්න ගියාද ඔව් මම ගියා ඇයි ප්‍රශ්නයක්ද මම ගියා තමයි මොකද? බන්ධනාගාරේ තාප්පෙන් පැනලා ගියාද මම නෑ ගේට්ටුවෙන් ගියේ මොකද මම තනියෙන් හම්බුනාද නෑ නිලධාරියා එක්ක තමයි හම්බවුණේ ඇයි ප්‍රශ්නයක්ද ඕක අහන්නද මේ ප්‍රංශෙට ගියේ හැබැයි ගිහිල්ලා අහන්නේ කාගෙද වරෙන්තු කරුවෙක්ගෙන්.තමන්ට වරෙන්තුවක් තියෙද්දී තානාපති කාර්යාලයට ගෙනල්ලා වාඩි කරගෙන තානාපතිවරයත් එක්ක එකතු වෙලා කට උත්තරේ ලියා ගත්තු පොලිස් නිලධාරීන්ටත් විරුද්ධව අපි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ.නීතිය සමාන නම් දැන් ජනාධිපතිවරයා කිව්වනේ නීතියට උඩින් කවුරුවත් නෑ කියලා දැන් නීතියට උඩින් කවුරුවත් නැත්නම් වරෙන්තකරුවෙක්ව තානාපති කාර්යාලයට ගෙනල්ලා කට උත්තරයක් ලියාගෙන ගෙන වරෙන්තුකරුවාව අතහැරපු එක ගැන කවුද නීතියක් ක්‍රියාත්මක කරන්නේ.පරීක්ෂණ කටයුතු කරන්න ආයි අපිට එන්න කිව්වම අපි හැංගෙනවද අපි එනවා ආයි අපිට හැංගි හැංගි ඉන්න වුවමනාවක් නෑ මට හැංගෙන්න පුළුවන්ද අපි එනවා හැබැයි අපි ආණ්ඩුවටත් කියන්නේ මේ රටේ පොලිස් නිලධාරියාගේ ගෞරවය ආරක්ෂා කරන්න.ඔබේ දේශපාලන වේදිකාවේ හිටපු සමහර නිලධාරීන්ට ඉහළ තනතුරු දීලා තානාපතිකම් දීලා බොහෝ හොඳ උසස්වීම් දෙන්න පුළුවන් හැබැයි ගමේ අහිංසක පොලිස් නිලධාරියා තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ ඔහු අසරණ කරන්න එපා. අද ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක ඔහු අසරණ වෙනවා.

පොලිසියේ ගෞරවය නැති වෙනවා ත්‍රිවිධ හමුදාවේ ගෞරවය නැතිවෙනවා ඒ හින්දා අපි ආණ්ඩුවෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂා කරන්න.

දැන් පහුගිය දවස්වල රණවිරුවා සමරන්න යනකොට පොලිසියට කට උත්තර දෙන්නත් දැන් වෙලා තියෙනවා.ඇයි රණවිරු ස්මාරකයට මල් තියන්න ගිහිල්ලා.හැබැයි ත්‍රස්තවාදීන් සමරන අයට හෙල්මට් නැතුව උනත් යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මම දැක්ක ගායකයෙකුත් ගිහිල්ලා තියෙනවා හෙල්මට් දාලා වෙලාවට මායි නෝනයි හෙල්මට් එක දාගෙන ගියේ නැත්නම් මටත් හෙන තොප්පියක් සෙට් වෙන්නේ.අපිට දමිළ ජනතාව එක්ක ප්‍රශ්නයක් නෑ කරුණාකරලා ආණ්ඩුවට කියනවා මේක දමිළ ජනතාව එක්ක ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න එපා.

අද මම දැක්කා පහුගිය දිනක මේ ආණ්ඩුවේ මහලේකම්වරයා යාපනයේ ගිහින් කියනවා මැතිවරණය තියන්නේ නෑලු.අපේ හාමුදුරුවනේ මැතිවරණයක් තියන්න ඕනද නැද්ද කියල කියලා කියන්න ඕනේ පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි.මේ කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන දවස .පක්ෂෙක ලේකම් කෙනෙක් එහෙම කියන්න බෑ ඡන්දෙ තියන්නේ අහවල් දවසේ කියලා හැබැයි මොකක්ද වෙන්නේ ඔහු කියනවා අපි මේ අවුරුද්දේ ඡන්දෙ තියන්නේ නෑ.අපි ආණ්ඩුවට අභියෝග කරනවා බස්නාහිර පළාත් සභාව තියන්න බය නම් දකුණු පළාත් සභාව තියන්නත් බය නම් අඩුම තරමේ උතුරු පළාත් සභාවත් පුළුවන් නම් තියන්න කියලා අභියෝගය අපි ආණ්ඩුවට දෙනවා.බය අපිටනේ දකුණටනේ. උතුරට තියන්න උතුර තියලා පෙන්නන්න ආණ්ඩුවට කොන්දක් තියෙනවා නම් ඡන්දකට යන්න පුළුවන් කියලා.ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දෙන්න.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පස්සේ අද වෙනකන් උතුරේ ඡන්දයක් තියල නෑ හැබැයි හැමෝම කතා කරන්නේ උතුරේ ජනතාවගේ අයිතිය ගැන දෙන්න ඡන්ද අයිතිය.

අපේ හාමුදුරුවනේ අද සංස්කෘතියට ගහනවා මහා සංඝරත්නයට අපහාස කරනවා ආණ්ඩුව උත්සාහ කරනවා මහා සංඝරත්නයට අපහාස කරන්න මේ රටේ සංස්කෘතීන් යට ගහන්න පුංචි දරුවන්ගෙ ඉඳන් වැඩිමහලා දක්වා වෙනකන් සංස්කෘතියක අගය විශ්වාසය ගෞරවය බිඳින්න ආණ්ඩුව උත්සාහ කරනවා.ඒක ජේවීපී එකේ දේශපාලනය වෙන්න පුළුවන් මේ අයට දරුවෝ කෙරෙහි කැක්කුමක් නැති වෙන්න පුළුවන් මේ අයට කාන්තාවෝ කෙරෙහි ගෞරවයක් නැති වෙන්න පුළුවන් ඒක ඒ අයට දේශපාලන භාණ්ඩයක් වෙන්න පුළුවන් දැන් අපි විශ්වාස කරනවා අපේ හාමුදුරුවනේ අපි මහා සංඝරත්නය ආරක්ෂා කරන්න ඕනේ. මේ රටේ සම්බුද්ධ ශාසනය බුද්ධ රත්නය අපි ආරක්ෂා කරන්න ඕන.කාන්තාවගේ අයිතිය පුංචි දරුවාගේ අයිතිය වැඩිහිටියාගේ අයිතිය අපි ආරක්ෂා කරන්න ඕනේ.පුංචි දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වා ඔවුන්ගේ නිසි ගෞරවය වගේම මේ රටේ සංස්කෘතියට ගොඩනැගෙන සමාජය තුළ නීතිය සමානව ක්‍රියාත්මක වෙන්න ඕන.ආණ්ඩුවට ඕන තැන්වල නීතිය වෙනස් කරන්නයි ආණ්ඩුවට වාසි වෙන තැන්වල නීතිය වෙනස් කරන්නයි ආණ්ඩුවට අවාසි වෙන්න තැන්වල නීතිය මාරුකරන්නයි රටේ නීති දෙකක් තියෙන්න බෑ.තිබ්බා ප්‍රභාකරන්ගේ කාලේ අද රටේ නීති දෙකක් තියෙන්න බෑ.ඒ හින්දා අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා පරීක්ෂණ කටයුතුවලට ඇගිලි ගහන්න ලෑස්ති වෙන්න එපා මේ රටේ නීති දෙකක් ක්‍රියාත්මක වෙන්න බෑ.සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕන ඕනෑම තැනක තරාතිරම අදාල වෙන්නෙ නෑ ඕනෑම තරාතිරමක අයෙක් වැරැද්දක් කෙරුවොතින් නීතිය හමුවේ දඬුවම් විඳින්න ඕනේ ඒ වගේම ඒක මාලිමාවෙද ආණ්ඩුවේ ඇමැතිවරුද කියන දේ අදාල වෙන්නේ නෑ.ඒ වගේම තමයි මගේ අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය අපි මේ රටේ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරන්න කටයුතු කරනවා.අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලන්නේ අපි මේ රටේ මහ පොළොවේ පය ගහපු දේශපාලන පක්ෂයක් අපි වැඩ කරපු දේශපාලන බලවේගයක් අපි වැඩ කරලා වැඩ පෙන්නපු දේශපාලන බලවේගයක් යම් අතපසුවීම් වෙලා තියෙනවා අපි නෑ කියන්නේ නෑ. අපි ඒ අතපසුවීම් හදාගෙන වැරදිත් හදාගෙන මේ රටට ගැලපෙන මහ පොළොවේ පය ගහපු දේශපාලන බලවේගයක් නිර්මාණය කරන්න පෙළගැහෙන්වා කියන එකත් අපි ඔබට මතක් කරන්න ඕන.

අද සමහරු කියනවා මේ විපක්ෂය මදි ඉතින් එහෙම කියනවා ජේවිපී එකේ සහෝදරයන්ට මම කියන්නේ තාම අපි වැඩේට හරියට බැස්සේ නැහැ.මේ පටන්ගෙන්ම විතරයි මේ පානදුරට ආවේ අපි පටන් ගැම්ම විතරයි මේ ජන බලවේගය අපි ගොඩනගනවා මේ ජන බලය අපි ගොඩනගනවා මේ රටේ මහ පොළොවේ පය ගහලා ඔබට ඔබට ඔබේම ආණ්ඩුවක් ජනතාවාදී ආණ්ඩුවක් හදනකම් මේ බලවේගයට නායකත්වය දෙනවයි කියන ඉල්ලීම කරමින් එය බලාපොරොත්තුව දෙමින් ඔබ තමුන්නාන්සේලාට ජයවේවා කියමින් සුබ අනාගතයක් පතනවා.

SendShareShare
Previous Post

ඇතුළට යන්න බලාගෙන විමල් පොලිසිය ඇතුළට යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් සජබ ගුරු සංගමය පිහිටුවයි! රට මුහුණ දෙන අවදානම ගැන කල්තියාම පෙන්වයි! කළ යුතු දේ ගැනත් ආණ්ඩුවට මතක් කර දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.