• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුරු කවදා කළාද දන්නේ නෑ! පොලිසියත් අතරමං! කෝටි 1000ක් වටින නුවරඑළියේ අකුණු සන්නායකය ඉස්සුවේ භූතයෙක්ද? Sri Lanka Latest News

May 24, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කවුරු කවදා කළාද දන්නේ නෑ! පොලිසියත් අතරමං! කෝටි 1000ක් වටින නුවරඑළියේ අකුණු සන්නායකය ඉස්සුවේ භූතයෙක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් කාර්යාල පිහිටුවනු ලැබුවේ බි්‍රතාන්‍ය යටත්විජිත සමයේදීය. ඒ, 1798 සැප්තැම්බර් 23 වැනිදාය. කොළඹ, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන මුහුදුබඩ ප්‍රදේශ ආශිතව පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකාවේ පළමු තැපැල් කාර්යාල අතරින් ගාල්ල තැපැල් කාර්යාලය ඇත්තේ ගාල්ල කොටුව තුළය. ඒ ගරාවැටී විනාශ මුඛයට පත්වෙමිනි.Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දැනට ඇති පැරණිතම ක්‍රියාකාරී තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ නුවරඑළිය තැපැල් කාර්යාලයයි. එම තැපැල් කාර්යාලයද ඉදිවන්නේ බි්‍රතාන්‍ය යටත්විජිත පාලන සමයේදීය. ඒ වසර 132කට පෙර එනම් 1894 වස‍රේදීය. වික්ටෝරියා වාස්තු විද්‍යා ආකෘති අනුව යමින් සම්පූර්ණ රතු ගඩොලින් නිමවූ ගොඩනැගිල්ලක ස්ථාපිත නුවරඑළිය තැපැල් කාර්යාලය පුංචි එංගලන්තය ‍ලෙ‍ස විරුදාවලිය ලත් නුවරඑළියට ලබාදී ඇත්තේ එංගලන්ත සිරියකි. මෙම තැපැල් කාර්යාලය තරම් කතාබහකට ලක්වූ ‍‍වෙනත් තැපැල් කාර්යාලයක් මෙරට නැත්තේත් එබැවිනි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සලකුණක් ලෙස සැලකෙන්නේත් නුවරඑළිය තැපැල් කාර්යාලයයි.
මුළු ලෝකයක්ම දන්නා මෙම තැපැල් කාර්යාලය ගැන මෑත කාලයේදී වැඩියෙන්ම කතාබහකට ලක්වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනපති ධුරය අතහැර ගිය පසු අනුප්‍රාප්තිකයා ලෙස කෙටි කාලයකට පත්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වකවානුවේ ‍එය සංචාරක හෝටල් ව්‍යාපෘතියක් සඳහා පැවරීමට පිඹුරුපත් සැකසීමත් සමගිනි.
ඉන්දියාවේ ටාජ් හෝටල් සමූහයට මෙම ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම පරිශ්‍රය ලබාදීමේ එකල පැවැති ආණ්ඩුවේ සැලසුම එළියට ඒන්නේ රනිල් වික්‍රමසිංහගෙනි. ඒ 2023 වසරේ පැවැති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදීය. අදාළ ගොඩනැගිල්ලෙන් තැපෑල ඉවත් කර සංචාරක හෝටල් ව්‍යාපෘතියක් සඳහා එය ලබාදිය යුතු බවට වූ දැඩි ස්ථාවරයක එකල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිටියේය. ඒ සඳහා මුල් පියවර තබමින් 2024 වසරේ අප්‍රේල් 29 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නුවරඑළිය තැපැල් ‍ගොඩනැගිල්ල සහ පරිශ්‍රය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට පවා පියවර ගන්නේ තැපැල් සේවකයන් පමණක් නොව පොදු මහජනතාවගෙන්ද ඊට දැඩි විරෝධයක් එල්ලවෙමින් පැවැති පසුබිමකය. ‍මේ නිසාම 2024 වසරේ පැවැති ජනාධිපතිවරණ වේදිකාවේ පවා නුවරඑළිය තැපැල් කාර්යාලය කතා මවන මාතෘකාවක් බවට පත්විය.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සිය මැතිවරණ වේදිකාවේ මෙන්ම ඉන් පිටතදීත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ගැන කර ඇති කතා බොහෝය. නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියකට ලබා නොදන බවට විජිත හේරත් අමාත්‍යවරයා තැපෑලට වසර 150ක් පිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයේදී ප්‍රකාශයක් සිදුකරන්නේ ඒ කතාබහ යථාර්ථයක් බවට පත්කරමිනි.

එය හුදෙක් වචනයකට පමණක් සීමා නොවී 2025 වසරේ ජුනි 23 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ලබන්නේ රනිල් ආණ්ඩුව 2024 වසරේ අප්‍රේල් 29 වැනිදා ගත් නුවරඑළිය තැපැල් කාර්යාලයේ ඉරණම තීන්දු වූ අමාත්‍ය මණ්ඩල තීරණය අහෝසි කිරීමටය.

දේශීය සහ විදේශීය සංචාරක ආකර්ෂණය වර්ධනය කරගැනීම සහ නව ආදායම් උත්පාදන මාර්ග වැඩිදියුණු කරගැනීමට හැකි වන පරිදි එකී ගොඩනැගිල්ල සහ ඉඩම නවීකරණය කිරීමටද එහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවන්නේ විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කළ සංදේශයකට අනුවය. ඒ අනුව නුවරඑළිය තැපැල් කාර්යාලයේ නවීකරණය කිරීමේ කටයුත්තට අත තබා තවමත් වැඩි කලක් නැත. නුවරඑළිය තැපැල් කාර්යාලය නැවතත් සමාජය හමුවේ දැඩිව කතාබහකට ලක්වන මාතෘකාවක් බවට පත්ව හමාරය. ඒ, තැපැල් කාර්යාල ගොඩනැගිල්ලෙහි සවිකර තිබුණු අකුණු සන්නායකයකට සිදුවූ දෙයක් සොයාගන්නට නොමැති බැවිනි.

‘නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ’ ගයාන් චතුරංග විජයබණ්ඩාර චෝදනා කරන්නේ ප්‍රබල දේශපාලන හස්තයක ක්‍රියාකාරීත්වයක් හේතුවෙන් පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් නොගන්නා බවය. නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කර තිබූ අකුණු සන්නායකය තැපැල් කාර්යාලය හා ඉපැරණිය. එහි වටිනාකම මිල කළ ‌නොහැකි වුවත් ඉපැරණි අකුණු සන්නායක මිල කරමින් මිලදී ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැනද විටෙන් විට අසන්නට‌ ලැබෙයි.

වසර සිය ගණනක් පැරණි වතු බංගලා, වලව්, ගොඩනැගිලි, පන්සල්, පල්ලි ආදී ස්ථානවල ඇති අකුණු සන්නායක සංවිධානාත්මකව සොරාගැනීම් විටෙන් විට අසන්නට ලැබුණේ අකුණු සන්නායක හා බැඳුණු ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය නිසාය. ඉපැරණි ගොඩනැගිලිවල සවිකර ඇති අකුණු සන්නායකය මිල කරන්නේ කෝටි ගණනිනි. ඉපැරණි අකුණු සන්නායකවලට ඇති ‍‍මෙම ඉල්ලුම සම්බන්ධයෙන් විද්‍යාත්මක හේතුවක් පැහැදිලිව අනාවරණ නොවූවත් මෙම ජාවාරම හා බැඳී ඇතැයි පැවැසෙන්නේ සමාජයේ ඉහළ තැන්වල පිරිස්ය. වැඩි දෙනෙක් උගතුන්ය. ඒ අතර ආරක්ෂක අංශවලට සම්බන්ධ වූවෝද නැත්තේම නැත. අකුණු සන්නායක සොරාගැනීම්වලට මෑත ඉතිහාසයේ පොලීසියට හසුවී ඇති සැකකරුවන් ගැන හා විමර්ශන තොරතුරු අධ්‍යයනයක් කළහොත් ඒ ගැන මනාව පැහැදිලි වනු ඇත.

නුවරඑළිය තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකය අස්ථානගතවීම සම්බන්ධයෙන් පවා සමාජ‍යේ අවධානය වඩාත් යොමුවන්නේ ද අකුණු සන්නායක හා බැඳුණු ජාවාරම් ගැන දන්නා බැවිනි. නුවරඑළිය තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකයටද ඒ ජාලයටම සම්බන්ධ වූ‍වෝ වැ‍ඩේ දී තිබේදැයි ඇත්තේ සියුම් සැකයකි. ඒ සැකය රට හමුවේ මුදා හරින්නේ නුවරඑළිය සුරකීමේ සංවිධානයයි.

මෙම අකුණු සන්නායකය නුවරඑළිය තැපැල් කාර්යාලය හා සමාන පැරණිය. එබැවින් ඔවුන් මෙම අකුණු සන්නායකයේ වටිනාකම මිල කරන්නේ රුපියල් කෝටි 500ත් 1000ත් අතර මිලකටය. මහ දවාලයේ කළ මෙම කොල්ලයට ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයිදැයි ඔවුහු බලධාරීන්ගෙන් ප්‍රශ්න ද නගති.

මෙම සොරකම ගැන නුවරඑළිය පොලිසියට තැපැල් දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් පැමිණිල්ලක් කර ඇතත් ඒ ගැන අඩුම තරමින් අධිකරණයට කරුණු වාර්තා කර නොතිබීම ගැන ඔවුන්ට ඇත්තේ විමතියකි. ඒ පොඩි දේටත් උසාවි ගානේ දුවන පොලිසිය මෙහිදී ඇටිකෙහෙල් කෑ උගුඩුවන් ලෙස සිටින බැවිනි.

මේ ගැන දීර්ඝ ලෙස කරුණු සොයාබැලීමකදී අනාවරණ වන්නේ නුවරඑළිය තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකයක් තිබ්බාද නැද්ද යන්න වගවත් තැපෑලට සම්බන්ධ කිසිවෙක් දැන සිට නැති බවය. අඩුම තරමින් එම ගොඩනැගිල්ලෙහි ‍දේ‍පළ සම්බන්ධයෙන් ඇති ඉපැරණි ලේඛනවල පවා මෙම අකුණු සන්නායකය ගැන වචනයක් සොයාගන්නට නැති තරම්ය. අකුණු සන්නායකය අස්ථානගත වී ඇති බව නුවරඑළිය තැපැල් කාර්යාලයේ වගකිව යුත්තන් පවා දැනගන්නේ එහි අලුත්වැඩියාවක නිරතවූ හමුදා සාමාජිකයන් විසින් ඒ බව දැනුම් දීමත් සමගින් වීම පුදුමයට කරුණකි.

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ලෙහි සුවි‍ශේෂ අංගයක් වන්නේ ගොඩනැගිල්ලෙහි වහලය මතින් උඩට උස්සා සකසන ලද ඔරලෝසුවය. එංගලන්තයේ SAINSBURY WACTHAMSTOහි නිෂ්පාදිත අඩි 40ක් පමණ උසකින් සමන්විත කුලුනක පිහිටි මෙම ඔරලෝසුව පිත්තල හා වානේ සම්බන්ධ කරගනිමින් නිර්මාණය කොට ඇති බව සඳහන්ය. අකුණු ඇදගන්නා සන්නායක කොටස ස්ථාපිත කර ඇත්තේ මෙම ඔරලෝසුව සවිකර ඇති කුලුනේය. එම සන්නායකය විසින් ඇදගන්නා අකුණු ශක්තිය තඔ පටියක් ඔස්සේ ඇදීගොස් භූතලයට මුසු කරනු ලබන්නේ පොළොව යට ඇති තඹ තැටියක් ඔස්සේය. කොටි ගණන් වටිනාකමක් ඇතැයි පැවැසෙන්නේ එම තඹ තැටියයි. ජාවාරම්කරුවන් විශ්වාස කරනු ලබන්නේ වසර සිය ගණනක් අකුණු වැදීමෙන් එම තැටියේ ලොකු ශක්තියක් ගබඩාවී ඇති බවය. ඒවා මිලදී ගන්නේ යැයි පැවසෙන්නේ විදේශිකයන්ය. මේවා මිථ්‍යා මත බව පවසන්නෝද නැත්තේම නැත. ඒ යැයි කියා ඉපැරණි අකුණු සන්නායක සඳහා අප්‍රසිද්ධ වෙළෙඳපළේ ඉල්ලුමේ අඩුවක්ද නැත.

නුවරඑළිය තැපැල් කාර්යාලයේ අකුණට සැබෑ ලෙසම සිදුවූ දෙයක් තවමත් පැහැදිලිව අනාවරණ වී නැතත් අකුණට වැඩක් දී ඇති බව කොයි කවුරුත් දැනගන්නේ වහල පිළිසකර කරමින් සිටි හමුදා සෙබළුන් කී විටදීය. ඒ අකුණු සන්නායකයේ සිට පොළොවට ගිල්වා ඇති තඹ තැටිය වෙත ඇති තඹ පටිය නැති බව ඔවුන්ට නිරීක්ෂණය වීම හේතුවෙනි.
මේ ගැන නුවරඑළිය පොලිසියේ පැමිණිල්ලක් සටහන් වන්නේ පසුගිය අප්‍රේල් 09 වැනිදාය. ඒ තැපැල් කාර්යාල ගොඩනැගිල්ලෙහි තිබූ අකුණු සන්නායකය අස්ථානගතවී ඇති බව කියමිනි. තැපැල් ස්ථානාධිපති දිල්කා නිල්මිණී එදිරිසිංහ කළ එම පැමිණිල්ලට අනුව නුවරඑළිය පොලිසිය ආරම්භ කළ විමර්ශනය තවමත් ඇත්තේ අතරමගය. අකුණු සන්නායකය අස්ථානගතව ඇත්තේ සොරකම් කර ඇති නිසාද? සොරකමක් සිදුවී නම් ඒ කවදාද? කවුරුන් විසින් කළේද යන්න පවා තවමත් ඇත්තේ අබිරහසක් ලෙසිනි. ඒ ඊට අදාළ කිසිවක් මෙතක් සොයාගැනීමට පොලිසිය සමත්කම් දක්වා නැති බැවිනි.

තැපැල් ස්ථානාධිපති දිල්කා නිල්මිණී එදිරිසිංහ පොලිසියට පවසා ඇත්තේ තමා සේවයට පැමිණ වසර දෙකක පමණ කාලය තුළ අකුණු සන්නායකයක් මෙහි ඇති බව දැනගත්තේද මේ සමග බවය. සහකාර තැපැල් ස්ථානාධිපතිවරයා ඇයට වඩා මෙහි වැඩි කාලයක් සේවයේ නිරතව සිටින්නෙකි. ඔහු නමින් ලක්සිරිය. ඔහුද පවසන්නේ වසර 12ක සිය සේවා කාලය තුළ තැපැල් කාර්යාලයේ ඇති අකුණු සන්නායකයක් දැක නැති බවය.

මේ තත්ත්වය මත උභතෝකෝටික ප්‍රශ්න වැලක පැටලී සිටින නුවරඑළිය පොලිසියේ නිලධාරීන් තැපැල් කාර්යාලයේ ඇති උපකරණ ලේඛනයද පරීක්ෂා කර බැලීමට අමතකර නැත. අකුණු සන්නායක ගැන සටහනක් ඒ මගින්ද සොයාගන්නට පොලිසියට හැකියාවක් ලැබී නැත.

ගොඩනැගිල්ලෙහි ඇති දොර ජනෙල්, වහලයේ ඇති උළුකැට ආදිය ගැන උපකරණ ලේඛන පොතේ සටහන්ව නැති බැවින් අකුණු සන්නායකයද ගොඩනැගිල්ලෙහි කොටසක් බැවින් ඒ ගැන සඳහන්ව නොතිබෙන්නට ඇති ඉඩ බොහෝය. උපකරණ ලේඛන ‌පොත භාරව සිටින ඥානරත්න නමැති සේවකයාද මෙහි සේවයට පැමිණ වසර තුන හතරකට වඩා කල් නැති තරම්ය. ඔහුද පවසන්නේ අකුණු සන්නායකයක් ගොඩනැගිල්ලෙහි ඇති බවක් තමා දැක නොමැති බවය.

නුවරඑළිය තැපැල් කාර්යාලයේ සේවයේ දැනට සිටින පැරණිතම සේවකයා ප්‍රදීප්ය. ඔහුගේ සේවා කාලය අවුරුදු 24කි. 2001 වසරේදී තැපැල් කාර්යාලයේ බිම පිඟන් ගඩොල් ඇතිරීමකදී බිම තිබූ යම් පටි වගයක් ගලවා දැමූ බවක් ඔහුට යාන්තමට මතකය. ඒ අකුණු සන්නායකගේ පටි බවට ඔහුට පැහැදිලිවම කියන්නට මතකයක් නැත. පිඟන් ගඩොල් ඇතිරීමේදී බිම තිබූ තඹ පටි ගැලවී ගියේ නම් හෝ ගලවා ඉවත් කළේ නම් වහලයේ සිට බිම දක්වා වූ කොටසේ තඹ පටි සුරැකිව තිබිය යුතුය. ඒවාත් සොයාගන්නට නැත. පුදුමය වන්නේ ගොඩනැගිල්ලෙන් පිටත අකුණු සන්නායකගේ තඹ තැටියද අස්ථානගතව තිබීමය. එම තඹ තැටිය වළදමා තිබූ ස්ථානයේ අද ඇත්තේ වැසිකිළියකි. අනාවරණ වන්නේ එම වැසිකිළිය එම ස්ථානයේ ඉදිකර ඇත්තේ 2012 වසරේදී බවය. ඒ පුරාවිද්‍යා අවසර ඇතිවය. එදා වැසිකිළිය ඉදිකරන විටදීවත් එතැන වූ තඹ තැටිය හමුවී ඇති බවක් අනාවරණ වන්නේ නැත. අකුණු සන්නායකයේ ඉහළ වටිනාකමක් ඇතැයි ඇතැමුන් පවසන්නේ ඔය කොටසය. කෝටි ප්‍රකෝටි ගණනකට මිල නියම කරනු ලබන්නේද ඊටය.
අකුණු සන්නායකයට වූ දෙයක් මින් එහාට සොයාගන්නට පොලිසියට හැකියාවක් තවමත් ලැබී නැත. 2001 වසරේදී පිඟන් ගඩොල් ඇතිරූ සේවකයන් තබා කොන්ත්‍රාත්කරු කවුරුන්දැයි කියාවත් සොයාගන්නට පොලිසිය තබා තැපැල් බලධාරීන්ද කියන්නට දන්නේ නැත. එම වකවානුවේ එහි සිටි තැපැල් ස්ථානාධිපතිවරයා අද ජීවතුන් අතර නැත. මේ තත්ත්වය මත නුවරඑළියේ ඇති ‌ඓතිහාසික තැපැල් ගොඩනැගිල්ලෙහි තිබූ අකුණු සන්නායකයට සිදුවූ දෙයක් නම් පොලිසියට සොයා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. ඒ පොලිසියද කිසිවක් කරකියා ගැනීමට නොහැකිව දැනටමත් අතරමංව සිටින බැවිනි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

අපේ එවුන් දැන් ජාත්‍යන්තරයත් ජය අරන්!!! ‘ඉන්ටපෝල් රෙඩ් නෝටිස් ලිස්ට්’ එකේම 226ක් ඉන්නවා! I Sri Lanka Latest News

Next Post

පොඩි මිනිස්සුන්ගේ වාහන සිහිනය තවත් බොද වෙයි! මුලින් බද්ද උඩට තව 50%ක අධිභාරයක් දැම්මා! දැන් ලීසිං දෙන ණය සීමාව තව දැඩි කරලා! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.