• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 13ක් කොටි පාලනයේ තිබූ තොප්පිගල මුදාගත් විජයග්‍රාහී මෙහෙයුම! Sri Lanka Latest News

May 24, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
අවුරුදු 13ක් කොටි පාලනයේ තිබූ තොප්පිගල මුදාගත් විජයග්‍රාහී මෙහෙයුම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකළපුව නගරයේ සිට කිලෝමීටර 40ක් පමණ වයඹ දෙසින් පිහිටි මහා ඝන වනාන්තරයක මුහුදු මට්ටමේ සිට අඩි 1,753ක් (මීටර 534) උසට අහස සිඹින දැවැන්ත පාෂාණමය කන්දක් ඇත. ඒ, අන් කවරක්වත් නොව ලාංකීය යුද ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු තොප්පිගල පර්වතයයි. Sri Lanka Latest News

ඉංග්‍රීසි යටත් විජිත සමයේ සුදු ජාතිකයන් මෙයට ‘බැරන්ස් කැප්’ ලෙසත් දෙමළ වැසියන් කුඩුම්බිමලෙයි ලෙසත් ව්‍යවහාර කළහ. අද ඒ පාෂාණමය කඳුයාය නිහඬය. එහෙත් ඒ නිහඬ බව පසාරු කරගෙන යන මහා ගාම්භීරත්වයක් අදටත් එහි ඇත. ඒ මන්ද යත් 2007 වසරේ එම කඳුවැටිය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගැනීම වෙනුවෙන් තම තාරුණ්‍යය, ලේ, මස් මෙන්ම ජීවිතය පූජා කළ අපේ වීරෝදාර රණවිරුවන්ගේ හෘද ස්පන්දනය හා අභිමානය සැඟවී ඇත්තේ මේ පොළොව තුළ බැවිනි. ‘තොප්පිගල’ සටන යනු හුදෙක් තවත් එක් භූමි ප්‍රදේශයක් අත්පත් කරගැනීමක් පමණක් නොවේ. එය ලෝක යුද ඉතිහාසයේ පවා මවිතයට පත්කළ මිලකළ නොහැකි සටන් වීරත්වයක් මෙන්ම වසර 13ක් පුරා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් නැගෙනහිර පළාතේ රඳවාගෙන සිටි අවසන් මහා බළකොටුව සුනුවිසුනු කර දැමූ ඒකාබද්ධ මානුෂීය මෙහෙයුමයි

තොප්පිගල ප්‍රදේශය යනු වර්ග කිලෝමීටර 800ක් පුරා විහිදී ගිය ඝන කැලෑවලින් කටු පඳුරුවලින් හා ඛාදනය වූ පාෂාණමය කඳුවැටිවලින් වටවූ අතිශය දුෂ්කර භූමිභාගයකි. ස්වභාවික ගුහා සහ බංකර් තැනීමට සුදුසු ගල් පර්වතවලින් සමන්විත වූ මෙම ප්‍රදේශය ගරිල්ලා යුද උපාය මාර්ග සඳහා සොබාදහම විසින්ම නිර්මාණය කර දුන් අපරාජිත කලාපයක් බඳු විය.

මෙම භූමියේ තිබූ දරුණුකම හා සංකීර්ණත්වය කෙතරම්ද යත් එකල ලොව සිවුවැනි විශාලතම හමුදාව වූ ඉන්දීය සාමසාධක හමුදාවට පවා තොප්පිගල යටත් කරගැනීමට නොහැකි විය. 1988 වසරේදී සන්නද්ධ භටයන් 20,000ක් පමණ දැවැන්ත බළඇණියක් සහ නවීන අවි ආයුධ රැගෙන පැමිණි ඉන්දීය හමුදාව තොප්පිගලට දැඩි ප්‍රහාර එල්ල කළද එහි වූ ඝන වනාන්තරය සහ ත්‍රස්තයන්ගේ සැඟවුණු ප්‍රහාර හමුවේ ඔවුන්ට පසුබැසීමට සිදුවිය. එවක ඉන්දීය හමුදාවේ ආඥාපති ජෙනරල් ඒ.එස්. කල්කට් පසුව ප්‍රකාශ කළේ එම ප්‍රදේශය ‘හමුදාමය වශයෙන් විශාල වැදගත්කමක් නොමැති පාළු ප්‍රදේශයක්’ කියාය. නමුත් එය ඔවුන්ගේ අසාර්ථකත්වය වසා ගැනීමට කියූ නිදහසට කරුණක් පමණි.
මක්නිසාද යත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට තොප්පිගල යනු හුදෙක් කැලෑ බිමක් නොවූ බැවිනි. එය ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානය, නවකයන් බඳවා ගන්නා ප්‍රධාන පුහුණු කඳවුර මෙන්ම මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක ත්‍රස්ත පාලනය යටතේ තබා ගැනීමට තිබූ ප්‍රධානතම උපාය මාර්ගික මර්මස්ථානය විය. වසර 13ක් පුරා ඔවුහු මෙම ප්‍රදේශය අවට ජීවත් වූ අහිංසක සිංහල සහ මුස්ලිම් ගම්මානවල ජනතාව ඝාතනය කරමින් පලවා හරිමින් ඉතා කුරිරු වාර්ගික පවිත්‍රකරණයක යෙදී සිටියහ.
2006 වසරේ අග භාගයේ සිට 2007 වසරේ මුල් භාගය දක්වා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවෝ නැගෙනහිර තීරයේ ඉතා සැලසුම්සහගත සාර්ථක ප්‍රහාර මාලාවක් දියත් කළහ. 2006 සැප්තැම්බර් 03 වැනි දින සාම්පූර් ප්‍රදේශය මුදාගැනීමටත් පසුව 2007 ජනවාරි 19 වැනි දින වාකරේ වෙරළබඩ නගරය යටත් කරගැනීමටත් අපේ වීරයන් සමත් විය. මෙම අඛණ්ඩ පරාජයන් නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රමයෙන් නැගෙනහිර පළාතෙන් පසුබැසීමට පටන්ගත් අතර ඔවුන් සතුවූ අවසාන ‘මහා බළකොටුව’ ලෙස ඉතිරි වූයේ මේ බියකරු තොප්පිගල කැලෑව පමණි.

කෙසේ වෙතත් 2007 පෙබරවාරි 27 වැනි දින තොප්පිගල සිටි ත්‍රස්තවාදීන් දරුණු කුප්‍රකට ක්‍රියාවක යෙදුණි. මඩකළපුවට පැමිණි ඇමෙරිකානු, ඉතාලි සහ ජර්මානු තානාපතිවරුන් රැගත් හෙලිකොප්ටර් දෙකක් ඉලක්ක කර ඔවුහු මෝටාර් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කළහ. මෙම ප්‍රහාරයෙන් තානාපතිවරුන් තිදෙනාම තුවාල ලැබූ අතර, එය ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. ඒ වන විටත් ශ්‍රී ලංකා රජය සහ යුද හමුදා මූලස්ථානය ස්ථිර තීරණයකට පැමිණ තිබුණි. ඒ තොප්පිගල කැලෑව සහ මහා පර්වතය ත්‍රස්තවාදයෙන් සදහටම මුදාගෙන නැගෙනහිරට නිදහස උදාකර දිය යුතුම බවයි.

2007 අප්‍රේල් 25 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාව නිල වශයෙන් ‘තොප්පිගල මෙහෙයුම’ ආරම්භ කළේය. හමුදා බුද්ධි අංශ ඇස්තමේන්තු කළේ එම ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 500ත් 700ත් අතර ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ සාදන ලද අගල් සහ රහස් උමං මාර්ග ජාලයක් තුළ මැනැවින් සන්නද්ධව රැඳී සිටින බවයි.
මෙම ඓතිහාසික මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා

● කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 2 සහ 3 වැනි බළඇණිය
● ගජබා රෙජිමේන්තුවේ 10 වැනි බළඇණිය
● සිංහ රෙජිමේන්තුවේ 1 වැනි බළඇණිය
● ගැමුණු හේවා බළකායේ 6, 7, 8 සහ 9 වැනි බළඇණි දායක විය.

මීට අමතරව ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, සන්නාහ සන්නද්ධ බළකාය සහ කාලතුවක්කු රෙජිමේන්තුවේ නිලධාරීන් මෙන්ම සෙබළුන් ජීවිත අවදානම නොතකා පෙරමුණට පැමිණියහ.

මෙහෙයුම අතරතුර වන්නි ප්‍රදේශයේ සිට බි්‍රගේඩියර් රමේෂ්ගේ නායකත්වයෙන් යුත් 80ක පමණ අතිරේක සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායමක් තොප්පිගල ශක්තිමත් කිරීමට එවීමට එල්.ටී.ටී.ඊ. නායකත්වය කටයුතු කළේය. කෙසේ වෙතත් අපේ බුද්ධි අංශ සහ විශේෂ බළකා භටයන් ඔවුන් කැලෑව තුළදීම හඳුනාගෙන මාරාන්තික සැඟවුණු ප්‍රහාරයක් දියත් කරමින් එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ කළහ. එහිදී ත්‍රස්ත නායක රමේෂ් යන්තමින් පණ බේරාගෙන පලාගියද ඔහුගේ කිට්ටුම සගයා වූ ලුතිනන් කර්නල් අශෝක් ඇතුළු ත්‍රස්තයන් රැසක් එතැනම අවසන් ගමන් ගියහ.

ජුනි මාසය එළැඹෙන විට ශ්‍රී ලංකා රණවිරුවෝ සතුරා වෙව්ලන මහා ජයග්‍රහණ කිහිපයක් පිට පිටම අත්කර ගත්හ. ජුනි 8 – 9 සතුරාගේ ප්‍රධානතම සැපයුම් මධ්‍යස්ථාන වූ ඉබ්බන්විල, අක්කරතිවු, මාවඩි ඔඩේ සහ වෙප්පන්වෙලි යන ප්‍රධාන කඳවුරු 4ක් හමුදාව සතු කරගන්නා ලදී. මෙම දරුණු ගැටුම්වලදී ත්‍රස්තයන් 30කට අධික පිරිසක් මියගිය අතර අපේ වීරෝදාර සෙබළෙකුද දේශය වෙනුවෙන් දිවි පිදුවේය. එහිදී ආයුධ මහා පරිමාණ තොගයක් හමුදා භාරයට ගැනුණි.

ජුනි 19 නාරකමුල්ල ප්‍රදේශයට නැගෙනහිරින් පිහිටි එල්.ටී.ටී.ඊ. උපකඳවුරු 3ක් සම්පූර්ණයෙන්ම සුනුවිසුනු කරදැමීමට හමුදාව සමත් විය. එහිදී ත්‍රස්තයන් 25-30ත් අතර ප්‍රමාණයක් ඝාතනය විය.

ජුනි 22 – 24 යුද්ධයේ අවසාන සහ භයානකම සටන ඇවිළුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සන්නිවේදන සහ පරිපාලන මධ්‍යස්ථානය වූ බංකර් පේළි 6කින් සහ කුඩා බළකොටු 3කින් සන්නද්ධ කර තිබූ බේරූට් සංකීර්ණය වෙත හමුදාව කඩාවැදුණි.

ත්‍රස්තවාදීන් කොන්ක්‍රීට්වලින් ශක්තිමත් කරන ලද බංකර් සහ ගල්ගුහා තුළ සැඟවී සිටි බැවින් හමුදාවේ දරුණු මෝටාර්, කාලතුවක්කු සහ ටැංකි ප්‍රහාර හමුවේ පවා ඔවුහු පසුබැසීම ප්‍රතික්ෂේප කළහ. සටන ඉතා අවදානම්සහගත තත්ත්වයකට පත්විය.

හරියටම ඒ මොහොතේදී යුද ඉතිහාසය උඩුයටිකුරු කළ ඒ අසිරිමත් අභීත තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ තේරීපත්වුණු නිර්භීත භටයන් 50 දෙනකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් මරණය අතැඟිල්ලක තබාගෙන රාත්‍රී අඳුරේ මහා ඝන වනාන්තරය මැදින් සතුරා සිහිනෙකින්වත් නොසිතූ අයුරින් සතුරු බංකර් තුළටම රිංගා ගත්හ.

ඔවුහු ක්ෂණිකව අතිශය දරුණු සහ මාරාන්තික ප්‍රහාරයක් සතුරා වෙත එල්ල කළහ. මර බියෙන් ත්‍රස්තයන් කෑගසද්දී සැඟව සිටි දරුණුතම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 30 දෙනකු එතැනම ඝාතනය කිරීමට කොමාන්ඩෝවරු සමත් වූහ. ප්‍රහාරයේ දරුණුකම දරාගත නොහැකි වූ තවත් ත්‍රස්තයන් තිදෙනෙක් සයනයිඩ් කා සියදිවි නසාගත්හ. මෙම තනි අභීත රහස් මෙහෙයුම මුළු තොප්පිගල යුද්ධයේම ගමන් මග වෙනස් කළේය.

කොමාන්ඩෝවරුන්ගේ මේ අදහාගත නොහැකි ලේ පිරුණු ප්‍රහාරයෙන් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මනෝවිද්‍යාත්මක ශක්තිය සහ ප්‍රතිරෝධය සුනුවිසුනු වී බිඳවැටුණි. සතුරන් තොප්පිගල අතහැර පලා යන්නට විය. මාස ගණනාවක් පුරා ලෙයින් සහ යකඩින් පැවැති දරුණු මාරාන්තික සටන් මාලාවකින් පසුව 2007 ජූලි මස 11 වැනි දින හිමිදිරි උදෑසන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ කොමාන්ඩෝ බළඇණිවල වීරෝදාර රණවිරුවෝ තොප්පිගල කඳු මුදුනටම නැගී ශ්‍රී ලාංකීය අභිමානය ලොවටම කියාපාමින් නිදහස් සිංහ ධජය අභිමානයෙන් යුතුව අහස උසට ඔසවා තැබූහ.

වසර 13ක් තිස්සේ සාමාන්‍ය වැසියන්ට තහනම් කලාපයක්ව ත්‍රස්තයන්ගේ අණසකට යටත්ව තිබූ වර්ග කිලෝමීටර 800ක භූමිය සම්පූර්ණයෙන්ම මුදාගැනීමට අපේ වීරයන් සමත් විය. මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානය නැගෙනහිර පළාතෙන් සදහටම අතුගා දමන ලදී. නමුත් අප සැමරූ සෑම ජයග්‍රහණයක් පිටුපසම මහා ලේ ගඟක් සහ ජීවිත පූජාවන්ගේ මිලක් ඇත.

යුද හමුදා නිල වාර්තාවලට අනුව මෙම සමස්ත තොප්පිගල මෙහෙයුම වෙනුවෙන් රට වෙනුවෙන් සටන් වැදුණු යුද හමුදා විශේෂ බළකා, කොමාන්ඩෝ සහ සිවිල් ආරක්ෂක බළකායේ වීරෝදාර සාමාජිකයන් ඇතුළු රණවිරුවන් 48 දෙනකු තම මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පුදා අමරණීයත්වයට පත්වූහ. තවත් වීරයන් විශාල පිරිසක් තුවාල ලැබූහ. තොප්පිගල රණබිමේදී ජීවිත පූජා කළ ඒ හැම රණවිරුවකුගේම ලේ සුවඳ අදටත් ඒ හමන සුළඟේ මුසුවී ඇත.

එල්.ටී.ටී.ඊ. පාර්ශ්වයෙන් ඔවුන්ගේ දරුණුතම සටන්කාමීන් 700ත් 800ත් අතර ප්‍රමාණයක් මියගිය බව හමුදා වාර්තා පෙන්වා දෙයි. යුද්ධයේ කුරිරුකම සහ බියකරු බව මනාව විද්‍යමාන කරන මෙම සංඛ්‍යාලේඛන අවසානයේ දෙපාර්ශ්වයේම පවුල්වලට ඉතිරි කළේ කිසිදා පිරවිය නොහැකි දරුණු හිස්තැනක් පමණි.

එදා මරණයේ සෙවණැල්ල වැතිර තිබූ ත්‍රස්තයන්ගේ දරුණු බළකොටුව වූ තොප්පිගල අද වනවිට දේශමාමක ලාංකිකයන්ගේ අභිමානවත් සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එහි ‘තොප්පිගල උරුම උද්‍යානය’ (Thoppigala Heritage Park) සහ රණවිරු ස්මාරකය ඉදිකර තිබේ.

එහි ඇති විශේෂිත ස්මාරකයේ පිහිටුවා ඇති මහා ගල් කුට්ටි හතරෙන් නිරූපණය වන්නේ මේ මහා විමුක්ති සංග්‍රාමයට උරදුන් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය (විශේෂ කාර්ය බළකාය ඇතුළුව) යන වීරෝදාර ආරක්ෂක අංශයන්ය.

එමෙන්ම තොප්පිගල වටා ඇති ඝන වනාන්තරය තුළ අතීතයේ වැඩවිසූ මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පූජනීය වූ අනුරාධපුර සහ පොළොන්නරු යුගයන්ට අයත් කටාරම් කෙටූ ගුහා සහිත නාරකමුල්ල සංඝාරාමය වැනි ඓතිහාසික බෞද්ධ නටබුන්ද පිහිටා ඇත. එයින් පසක් වන්නේ මේ භූමිය අතීතයේ සිටම හෙළ උරුමයේ අනුපමේය කොටසක් බවයි.

තොප්පිගල සටන යනු හුදෙක් ඉතිහාස පොතක ලියැවුණු තවත් එක් සටනක් පමණක් නොවේ. එය වසර 30ක් පුරා මේ රට වෙළාගෙන තිබූ ශාපලත් යුද්ධයේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයයි. එය ගෝත්‍රික භේදවාදයට වෛරයට සහ භීෂණයට එරෙහිව ශ්‍රී ලාංකීය ජාතික එකමුතුකම සහ වීරත්වය ලබාගත් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක සදාකාලික සංකේතයයි

හිරු නැගෙන මොහොතේත්, හිරු බසින මොහොතේත් මේ නිදහස් අහස යට හුස්ම ගන්නා සෑම තත්පරයකදීම වීරෝදාර රණවිරුවනි… අප ඔබව අතිශය ගෞරවයෙන් සහ ප්‍රණාමයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.

යුද බිමේදී තම අත්, පා, ඇස්, මස් අහිමි කරගෙන අදටත් පීඩා විඳින සියලු අභීත රණවිරුවන්හට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.

CHAMATH VLOGS

SendShareShare
Previous Post

පිස්සු හැදෙන ‘පිස්ZOO’ වැඩ අල්ලයි! Sri Lanka Latest News

Next Post

රුපියල්වලට මවු සෙනෙහස යට වුණාදෝ…! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.