ආණ්ඩුව දිගින් දිගටම රටේ මහජන මුදල් මිලියන ගණනින් නාස්ති කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ මේ සියලු දේ ආණ්ඩුව සිදුකරන්නේ අත්වැරැදීම් යැයි පවසමින් බවයි.Sri Lanka Latest News
‘මේ ආණ්ඩුවට වැරදීම්මයි සිද්ධ වෙන්නේ. මේ ආණ්ඩුවේ වැරදීමෙන් ජනාධිපතිවරයා ජනාධිපති සමාව දෙනවා නොදිය යුතු පුද්ගලයෙකුට. වැරදීමෙන් කන්ටේනර් 323ක් නිදහස් කරනවා. වැරදීමෙන් බාල ගල්අඟුරු ගේනවා. වැරදීමෙන් ඩොලර් මිලියන 2.5ක් වැරදි එකවුන්ට් එකට දානවා. වැරදීමෙන් ඩොලර් ලක්ෂ හයක් යූ.එස්. පෝස්ටල් එකට ගෙවනවා. වැරදීමෙන් ආර්.ඩී.ඒ. එකට රුපියල් මිලියන 280ක් ගෙවනවා දෙපාරක් කොන්ත්‍රාත්කරුවන්ට. වැරදීමෙන් අස්වැසුම රුපියල් මිලියන 248ක් ගෙවනවා. වැරදීමෙන් ශ්‍රී ලංකන් එයාර් ලයින් එකෙන් පේමන්ට් එකක් කරනවා ඩිරාම් 74,000ක. වැරදීමෙන් චෙන්නායිවල තියෙන ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ ඉන්දියන් රුපීස් (අයි.එන්.ආර්.) මිලියන 2.2කට වෙච්ච දෙයක් නැහැ.
වැරදීමෙන් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ගිහිල්ලා මේ අය ඊ-පාස්පෝට් ක්‍රමවේදය දෙනවා, අන්න පෝලන්තයෙන් ඒකට පැමිණිලි කරලා තියෙනවා. වැරදීමෙන් ඉමිග්රේෂන් එකේ මේ අලුතෙන් ඇතිවෙච්ච නවතම හොයාගැනීම එක තුළ රුපියල් මිලියන 9.83ක් අපිට අහිමි වෙනවා. මේකෙ ප්‍රතිඵලය මොකක්ද? මේකෙ ප්‍රතිඵලය තමයි අද දිනේදී පත්තර කියවලා බලන්න ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල 25%ක් වැඩිවෙලා තියෙනවා. ඖෂධ, ජලය ඇතුළු මේ සියල්ලම 50%කින් වැඩිවෙලා තියෙනවා.
කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 50කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම කිලෝග්‍රෑම් එක රුපියල් 125කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඩොලරය 344ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙමයි මේ අය මේ රටේ ක්‍රියා කරන්නේ.’










