විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ලබන සෙනසුරාදා (23) දින කුලියාපිටිය නගරයේ ඇති පෙරපාසල්වල දරුවන්ට පාසල් බෑගයක් ලබා දීමට කටයුතු යොදා ඇති බව ස.ජ.බ. කුලියාපිටිය ප්‍රධාන සංවිධායක උපාලි පියසෝම මහතා පවසයි. Sri Lanka Latest News
මෙම සද්කාර්යය සෙනසුරාදා උදේ 10 ට කුලියාපිටිය නගර ශාලාවේ දී සිදුකෙරේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට සහභාගී වන ලෙස උපාලි පියසෝම මහතා සියලු දෙනා හට ආරාධනා කොට තිබේ.










