ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර ගමන්ගත් කැබ් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අද (17) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. Sri Lanka Latest News
පස්වරු 2.00 ට පමණ දුංහේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙනවා.
අනතුරින් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් රියැදුරු හා අට හැවිරිදි දරුවෙකු බවත්, ඔවුන් දෙදෙනාව ප්‍රථිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, අනතුරට පත් කැබ් රථය පැදවූ රියදුරාව අත්අඩංගුවට ගෙන ඇති අතර කැබ් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.










