පසුගිය මහමැතිවරණයේදීී පක්ෂ නායකයකු නොවන අපේක්ෂකයන් අතරින් කොළඹ දිස්ත්රික්කයේ සිය ආසනයෙන් වැඩිම මනාප ප්රතිශතය දිනාගත් අපේක්ෂකයා බවට එස්.එම්. මරික්කාර් මහතා පත්ව තිබේ.
ඒ අනුව මරික්කාර් මහතා නියෝජනය කරන කොලොන්නාව ආසනයෙන් ජන්ද 23,379ක් ලබාගෙන ඇති අතර එහි ප්රතිශතය 63.67%කි.
ඊළගට එසේ වැඩිම ප්රතිශතයක් සිය ආසනයෙන් වාර්තා කොට ඇත්තේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.
ඒ මහතා නියෝජනය කරන කෝට්ටේ ආසනයෙන් ජන්ද 9,449ක් ලබා ගෙන ඇති අතර එය ප්රතිශතයක් වශයෙන් 63.22%කි.










