ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමත් සමග කලින් පැවැති ආණ්ඩුවල දූෂණ වංචා සිදුකළ ජනාධිපතිවරුන්, මැති ඇමැතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. දෙරණ රූපවාහිනියේ පැවැති සංවාදයක් අතරතුරදී ඒ මහතා සඳහන් කළේ පැවැති ආණ්ඩුවල ඉහළ තනතුරු දැරූ කිහිප දෙනකුටම එරෙහිව ගොනුකර ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධ නඩු නුදුරේදීම අධිකරණය හමුවේ විභාග වීමට නියමිතව ඇති බවයි. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කර සිටියා. Sri Lanka Latest News
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
අද අපේ රටේ ඓතිහාසික දිනයක්. මේ රටේ හිටපු ජනාධිපතිවරු, ඇමැතිවරු, මන්ත්‍රීවරු බලය තමන්ට තියෙන වෙලාවේ කල්පනා කළේ නීතිය තමන්ට අදාළ නැහැ කියලා. නීතියට වඩා උඩින් ඉන්නවා කියලා තමයි ඔවුන් කල්පනා කළේ. හැබැයි අද මේ රටේ ජනතා අභිලාෂයන් ඉටු කරමින් මහින්ද රාජපක්ෂ පස්වැනි ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට ගේනවා. ජනතාව කවුරුවත් කවදාවත් කල්පනා කරපු, හිතපු දෙයක් නෙවෙයි. ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උසාවියට ගේනවා. කවදාවත් හිතුවේ නැහැ මේ රටේ ජනතාව ජනාධිපතිවරුන්ට නෙවෙයි, ඇමැතිවරයකුට මන්ත්‍රීවරයකුටවත් අත තියයි කියලා. එහෙමයි මේගොල්ලෝ හැසිරුණේ.
මැයි 08 විමල් වීරවංශගේ. ප්‍රියංකර ජයරත්නගේ ඊළඟ දවස ජුනි 30. මේ විදිහට 18 දෙනෙක්ගේ නඩු මේ මැයි සහ ජුනි මාසේ එන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි අනුර දිසානායක සහෝදරයත් අපේ නීතිඥ හර්ෂණ නානායක්කාර සහෝදරයත් එදා මැයි දිනයේදී කිව්වේ.
ප්‍රශ්නය
ඒ නඩු ටික පොඩ්ඩක් පිළිවෙළට කියන්න පුළුවන්ද ඔබතුමාට?
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
පුළුවන්. ඒවා ෂෙඩියුල් කරන්නේ අධිකරණය, මේ අපි කරපු ඒවා නෙවෙයි.
මැයි 08 විමල් වීරවංශගේ. ප්‍රියංකර ජයරත්නගේ ඊළඟ දවස තියෙනවා ජුනි 30. රාජිතගේ නඩුව තිබුණා අප්‍රේල් 29. රවි කරුණානායකගේ නඩුව තියෙනවා මැයි 13 සහ මැයි 15. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මැයි 05 තිබුණා. සජින් වාස්ගේ මැයි 06, ඊට පස්සේ තව එකක් තියෙනවා අගෝස්තු 22. චාමර සම්පත්ගේ අප්‍රේල් 30, තව එකක් තියෙනවා ජූලි 07. සරණ ගුණවර්ධනගේ මැයි 26 තීන්දුව ප්‍රකාශයට පත්කරන්න නියමිතව තිබෙනවා.
ලක්ෂ්මන් යාපාගේ මැයි 04 සහ 07. මර්වින් සිල්වාගේ මැයි 25. නාමල් රාජපක්ෂගේ මැයි 29 ක්‍රිෂ් නඩුව. ශෂීන්ද්‍රගේ නඩුව ජූලි 10. පාඨලී චම්පික රණවකගේ නඩුවත් තියෙනවා. යෝෂිතගේ නඩුව එනවා මැයි 08 සහ 14. කෙහෙළියගේ අප්‍රේල් 27 තිබුණා, ඊළඟ දවස මේකේ නැහැ. උදය ගම්මන්පිලගේ ජුනි 11 එනවා නඩුව.
මේ ආදී වශයෙන් එන්න තියෙනවා ඉස්සරහට නඩු. මේ අධිකරණය ෂෙඩියුල් කරපු නඩු. මේවා නීතිඥයෝ විදිහට මම හිතන්නේ කවුරුත් දන්නවා.










