• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

May 12, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිට්වා වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන පීඩාවට පත් ජන ජීවිතත්, එම ප්‍රදේශත් සංවර්ධනය වෙනුවෙන් ඵලදායීව සහ කාර්යක්ෂමව යෙදවීමට මැදිහත්වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වසර අවසන් වන විට එම සියලු ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.Sri Lanka Latest News

බලය, ධනය සහ දේශපාලන සබඳතා මත නීතිය ඉටු නොවූ සංස්කෘතිය වෙනස් කර සියලු දෙනා නීතියට යටත් වන නව සංස්කෘතියක් ඇති කිරීමේ පියවර රජය මේ වන විට තබා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සියලු දෙනා නීතියට යටත් වන රටක් ගොඩනැගීම මහා ව්‍යසනයක් ලෙස සමාජගත කිරීමට උත්සාහ කරන බවත්, ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැඟීමේදි සියලු දෙනා නීතියට යටත් වන සමාජයක් නිර්මාණය කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ මාතලේ වීර කැප්පෙටිපොළ ශාලාවේ පැවති මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

නීතිය රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරී නිසි ලෙස ඉටු කිරීමට බාධාවක් නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, අවශ්‍ය නම් නීති සංශෝධනද ගෙන ආ හැකි බවත්, පවතින නීති රාමුව තුළ කටයුතු කරමින් රජයේ මුදල් ඉතා සැලසුම් සහගතව සහ ඵලදායීව යොදවමින් ජන ජීවිතය ගොඩනැංවීමට උපරිමයෙන් කැපවෙමු’යිද සියලු දෙනාට ආරාධනා කළේය

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ මිනිස් ජීවිත සහ දේපොළ සඳහා වන්දි ගෙවීම, නිවාස සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර සහ එහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා පුළුල් ලෙස විමසා බැලීය.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පවුල් සඳහා ලබා දුන් රුපියල් 25,000ක සහ 50,000ක දීමනාව මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන අතර, 15,000 සහ 10,000 සිසු දීමනාවද සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 254කට පූර්ණ හානි සහ නිවාස 3829කට අර්ධ හානි සිදු වූ අතර තක්සේරුවකින් තොරව වන්දි ලබා දිය හැකි සියලු නිවාස වෙනුවෙන් මේ වන විට වන්දි ලබා දී අවසන් බවත්, ඉතිරි නිවාසවලට අදාළ තක්සේරු ගණනය කිරීම මේ වන විට සිදු කෙරෙන බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.

ඉඩමෙහි හිමිකම නොමැති වීම, අධිඅවදානම් කලාපවල පිහිටීම සහ රක්ෂිතවලට අයත් වීම යන විවිධ තත්ත්වයන් හේතුවෙන් මතුව ඇති ගැටලුවලට ලබා දිය හැකි විකල්ප විසදුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් පවතින නිර්ණායකවලට සංශෝධන ගෙන ඒම පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.

ආපදා තතත්වය හේතුවෙන් අහිමි වූ ජීවිත සඳහා වන්දි ලබා දීම, අධිඅවදානම් තත්ත්වය හේතුවෙන් ඉවත් කළ පවුල් සඳහා වන්දි ලබා දීම, නිවාස කුලී දිමනා ලබා දීම, NBRI වාර්තා ලබා දිමේ ප්‍රගතිය, නිවස ඉදිකිරීමේ සහ ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රගතිය පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලීය.

දිට්වා සුළි කුණාටුවට හසු වූ අධිඅවදානම් කලාපවල සියලු පවුල් ඉන් ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඊට අදාළව නීති සකස් කිරීමේ වැදගත්කමද පෙන්වා දෙමින් ඔවුන් කඩිනමින් වෙනත් ස්ථානවල පදිංචි කිරීම ප්‍රමුඛ කාර්යයක් සේ සලකන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම, සුළි කුණාටුවෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් රැක බලා ගැනීම සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද විමසූ ජනාධිපතිවරයා එම එක් එක් දරුවා වෙනුවෙන් වැඩසටහන් සකස් කර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ පාසල් පද්ධතියේ මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර පාසල් පද්ධතිය යළි ස්ථානගත කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සැලැස්මට අනුකූලව ආදළ ඉඩම් නිදහස් කිරීමේ සහ පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.

එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රගතියද ජනාධිපතිවරයා විමසීය.

සුළි කුණාටුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ඒ හා බී ශ්‍රේණියේ මාර්ග 16ක් සහ පාලම් 02ක් විනාශයට පත් වු අතර, එම මාර්ග 16හි සහ එක් පාලමක ඉදිකිරීම් මේ වන විට අවසන්ව ඇති බව නිලධාරීන් පෙන්වා දුන් අතර, ඉතිරිව ඇති මොරගහකන්ද පාලම ස්ථිර පාලමක් ලෙස කඩිනමින් යළි ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම, සංචාරක කර්මාන්තය සඳහා සුවිශේෂී වැදගත්කමක් දක්වන රිවස්ටන් මාර්ගය සහ දීර්ඝකාලීන ගැටලුවක් වූ ගලේවෙළ – මාතලේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳවද විමසූ ජනාධිපතිවරයා එම කටයුතු කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පළාත් පාලන ආයතන සතු මාතලේ දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ මාර්ග, පාලම්, බෝක්කු සහ ජල ව්‍යාපෘති යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වන්දි ගෙවීමේදී සේවා අංශයේ විනාශයට පත් වූ ව්‍යාපාර, සංචාරක අංශය සහ පතල් අංශය සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සහ මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

කෘෂිකර්මාන්තය සහ සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රය යථා තත්ත්වයට ගෙන ඒමට ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී විමසූ ජනාධිපතිවරයා, නිෂ්පාදන ආර්ථිකය ඉලක්ක කර ගනිමින් ග්‍රාමීය කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විශේෂ අවධානය යොමු කර තිබෙන බවද පෙන්වා දුන්නේය.

2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මාතලේ නගර සංවර්ධන සැලැස්ම සහ දඹුල්ල රෝහල වෙනත් ස්ථානයකට ගෙන යාමේ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදි සාකච්ඡා කෙරුණු අතර, අදාළ ව්‍යාපෘති නිසි කාලය තුළ ක්‍රියාවට නංවමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කැපවීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් බියන්විල, දිනේෂ් හේමන්ත, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්වරු සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන්ද, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මාතලේ දිස්ත්‍රික් ලේකම් එල්.පී. මදනායක යන මහත්වරු සහ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානින්, ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-05-12

SendShareShare
Previous Post

දිලිත්ට අද විනිමය කොමිෂන් සභාවට එන්න කියලා! කොටස් වෙළෙඳපොළේ ලොකු අක්‍රමිකතාවක්! I Sri Lanka Latest News

Next Post

මහින්දට පස්සේ පියංකර ජයරත්නත් එළියට ආවා! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.