• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථිකය අනතුරේ! 2022 රට බංකොලොත් වෙනවා කියලා මුලින්ම කියපු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හෑන්ක්ගෙන් යළිත් බය හිතෙන හෙළිදරව්වක්! Sri Lanka Latest News

May 9, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ආර්ථිකය අනතුරේ! 2022 රට බංකොලොත් වෙනවා කියලා මුලින්ම කියපු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හෑන්ක්ගෙන් යළිත් බය හිතෙන හෙළිදරව්වක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාව මුහුණපාන ලද 2019 මූල්‍ය අර්බුදයෙන් සහ ඉන් පසුව ඇතිවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්.) මැදිහත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවද යථා තත්ත්වයට පත්ව නැහැ. මෙම තත්ත්වය මා විසින් 2022 වසරේදීත්, විශ්ලේෂණයක් මගින් පෙන්වා සිටියා. අර්බුදයේදී ශ්‍රී ලංකාවේ වර්ධන ගමන් පථය ඉන්දියාවට සමාන මට්ටමක පැවැතුණා. එහෙත් පසුව ඉන්දියාව ඉදිරියට ගොස් තිබෙනවා. මා මෙහිදී 2008 සිට 2025 දක්වා වන ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වගුවකින් පෙන්වා තිබෙනවා. 2008දී 100 යන දත්තයෙහි රටවල් දෙකම තිබුණා. එහෙත් 2025 වනවිට එය ඉන්දියාව 232.36 යන දත්තයෙහි සහ ශ්‍රී ලංකාව 158.10 යන දත්තයෙහි පිහිටා තිබෙනවා. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණ මගින් මෙම දත්ත ඉදිරිපත් කර තිබෙනවා. මේ මගින් පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවද යථා තත්ත්වයට පත්වී නැති බවයි…’Sri Lanka Latest News

අපගේ ශ්‍රී ලංකාවට අදාළව ඇසෙන මෙම බැරෑරුම් ආර්ථික විශ්ලේෂණය කුමක්ද? එය ප්‍රකාශ කර සිටින්නේ කවරකු විසින්ද? එම සුවිශේෂ පුද්ගලයා කවරෙක්දැයි සොයා බැලීමට ප්‍රථම ඔහුගේ එම ප්‍රකාශය තවදුරටත් සොයා බලමු.

‘මූල්‍ය අර්බුදයෙන් සහ අයි.එම්.එෆ්. මැදිහත්වීමෙන් පසුවද මෙරට ආර්ථිකය කිසි විටෙකත් යථා තත්ත්වයට පත්ව නොමැති බව මා ප්‍රකාශ කරන්නේ බටහිර මාධ්‍යවල ඇති වාර්තාවලට පටහැනිවයි. අසාර්ථක ප්‍රතිසාධනයක් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට වඩා තවත් පීඩාකාරී තත්ත්වයට පත්වී තිබෙන බව පෙනෙනවා. උද්ධමන පීඩනයද කලක් ඉතා ඉහළ තත්ත්වයක පැවැතියද අද එය යම් අයුරකින් අඩුවී තිබෙනවා. එහෙත් එම උද්ධමන පීඩනය තවම ජනතාවට දරාගත නොහැකියි. විදෙස් ණය සහ අයි.එම්.එෆ්. සහභාගිත්වයද තවමත් නිසි ස්වයංපෝෂිත මාවතක් කරා ස්ථාපිතව නැහැ. ශ්‍රී ලංකා ජාතිය තිරසාර නොවන ණය සමග කාලයක් පුරා අරගල කර ඇති අතර, පොලී ගෙවීම් ආදායමෙන් විශාල කොටසක් අත්පත් කරගෙන ඇත. මේ අතර ව්‍යුහාත්මක අසාර්ථකත්වයන් ගණනාවකට රට මුහුණදී ඇති අතර, එහිදී අධික ණය, අඩු විදේශ සංචිත, අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය සහ වෙනත් ගැඹුරු ව්‍යුහාත්මක ගැටලු රැසකට ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආකාරය පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ ප්‍රකෘතිමත් වීමද තවම නිසියාකාරයෙන් සිදුව නැහැ. ආර්ථික සහ උද්ධමන පීඩනය තවද ජනතාව තළා පෙළා දමමින් සිටින ආකාරය හොඳින් පෙනීයනවා…’

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව මෙම සුවිශේෂ ප්‍රකාශය සිදුකරන්නේ ලොව සිටින ප්‍රධානතම පෙළේ ආර්ථික සහ මූල්‍ය විශේෂඥයකු වන මහාචාර්ය ස්ටීව් හෑන්ක් (Prof. Steve Hanke) විසිනි. ලොව තිබෙන ප්‍රධාන පෙළේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය ධුරයක් මෙම විද්වතා විසින් දරනු ලබයි. මෙම විශ්වවිද්‍යාලය දැනට වසර 150ක ඉතිහාසයක් ඇති, දැනට සිසුන් 30,000කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන ආයතනයකි. විවිධ පර්යේෂණ සහ සමීක්ෂණ සිදුකරනු ලබන විශ්වවිද්‍යාලයක් ලෙසද මෙය ප්‍රකටය. ඉහත ස්ටීව් හෑන්ක් මහාචාර්යවරයා දැනට ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යා අංශයේ සහ ගෝලීය ව්‍යාපාර අධ්‍යයන ආයතනයේ සම අධ්‍යක්ෂවරයාද වෙයි. එසේම ඔහු ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව පිළිබඳවද විශේෂඥයකු වෙයි. ඔහු ඇමෙරිකාවේ කොලරාඩෝ ජාතික විශ්වවිද්‍යාලයෙන් උසස් උපාධි ත්‍රිත්වයක් හිමිකරගෙන ඇත. මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ සුවිශේෂත්වය වන්නේ ඔහු රටවල් රාශියකට අදාළව විවිධ කාලීන ආර්ථික විශ්ලේෂණයන් ඉදිරිපත් කර තිබීමය. ශ්‍රී ලංකාවද එම රටවල් අතර වෙයි. ලෝකයේ රට රටවල ආර්ථිකයන්ට අදාළ අධිඋද්ධමනය, මූල්‍ය විශ්ලේෂණය, ඩොලර්කරණය, පුද්ගලීකරණය සහ තවත් විවිධ විෂයයන් ගැන උසස් අවබෝධයක් ඇති විද්වතකු ලෙස ඔහු පිළිගැනෙයි.

දැන් ඔබ මෙම කතාවෙහි යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. මහාචාර්ය ස්ටීව් හෑන්ක් විසින් ඉහත ශ්‍රී ලංකාවට අදාළ ප්‍රකාශය සිදුකර තිබුණේ මෙයට දින කීපයකට ඉහතදීය. එනම් 2026 මැයි 04 වැනිදා ඔහුගේ අන්තර්ජාල ‘එක්ස්’ ගිණුම හරහාය. මෙම ප්‍රකාශය සමග ඔහු ආර්ථික වගු සටහනක රූපයක්ද ඉදිරිපත් කර තිබිණි. එහි ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අදාළව ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2008 සිට 2025 දක්වා තිබිණි. මෙම විශ්ලේෂණය සිදුකිරීමෙන් පසුව මෙරට විවිධ පාර්ශ්ව එයට අදාළව විවිධ අදහස්ද ඉදිරිපත් කරන්නට විය. බහුතරයක් පාර්ශ්ව එම විශ්ලේෂණය සම්පූර්ණ සත්‍යයක් ලෙස පෙන්වා දුන් අතර, තවත් රාජ්‍ය පක්ෂග්‍රාහී පාර්ශ්ව කිහිපයක් එය අසත්‍යයක් බැව් ප්‍රකාශ කර තිබිණි. එහෙත් පොදු සමාජය මෙම විශ්ලේෂණය යථාර්ථයක් බවට මේ වනවිට පිළිගෙන හමාරය. වත්මන් 2026 දී ඇතිවුණු මෙවැනිම තත්ත්වයක් පසුගිය 2022 වසරේදීද ඇතිවී තිබිණි. එසේ වූයේ එම 2022 ආර්ථික අර්බුදය සමයේදී මහාචාර්ය ස්ටීව් හෑන්ක් විසින්ම සිදුකරන ලද ගැඹුරු ආර්ථික විශ්ලේෂණයක් හේතුවෙනි. ශ්‍රී ලංකාවටම අදාළව සිදුකෙරුණු එම විග්‍රහයෙන් යමක් නැවත සොයා බලමු.

2022 මැයි 28 වැනි දින ලෝ ප්‍රකට අල් ජසීරා මාධ්‍ය සංවිධානය විසින් මුල් වරට මෙම වාර්තාව ප්‍රකාශයට පත්කරන ලදී.
‘අතිශය දරුණු උද්ධමනය මගින් ශ්‍රී ලංකාවේ ජනතාව තළා පෙළා දමමින් සිටියි. දරිද්‍රතා අනුපාතය මේ වනවිටත් 50% ඉක්මවමින් තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික කළමනාකරණය ඉතා දුර්වල තත්ත්වයක තිබෙන බැව් පෙනෙනවා. ජාතියේ ආර්ථික ප්‍රතිපත්ති බොහොමයක් අසාර්ථක වී ඇති ආකාරය පැහැදිලිවම පෙනෙනවා. දැන් ශ්‍රී ලංකාවේ නිල උද්ධමන අනුපාතය වසරකට 21.5%ක් යැයි ප්‍රකාශ වෙනවා. එහෙත් එය වැරැදියි. නිවැරැදි උද්ධමනය මා මනින ඒකකය අනුව එම සංඛ්‍යාව 132%ක් විය යුතුයි. එනම් සය ගුණයකින් වැඩි ප්‍රතිශතයක් වෙනවා. උද්ධමනය එතරම් ඉහළ මට්ටමක පවතින විට එය මුළුමනින්ම රටට ව්‍යසනයක් වෙනවා. මෙහිදී මෙය බලපාන්නේ ධනවතුන්ට නොව රටේ බහුතරයක් වන දුප්පතුන්ටයි. මෙම තත්ත්වය නිසා රට තුළ විශාල දේශපාලන ගැටලුවක්ද නිර්මාණය වෙනවා…’

මෙයට වසර 04කට පෙරදීද මහාචාර්ය ස්ටීව් හෑන්ක් එවැනි ප්‍රකාශයක් සිදුකරන විටදී ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් එය තරයේ ප්‍රතික්ෂේප කළේය. එම විශ්ලේෂණය සහ ගණනය කිරීම නිසි පදනමක් නොමැති යැයි ඔහු පැවැසුවේය. ලෝකයේ බොහෝ බැංකු විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේද ශ්‍රී ලංකාවේද සිදුකර ඇතැයි ඔහු කීවේය. මහබැංකු අධිපතිවරයා එසේ ප්‍රකාශ කළද අවසානයේදී 2022 වසර මහා ආර්ථික අගාධයකට පත්විය. මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ ප්‍රකාශයන් සත්‍යයක් විය. එසේම මෙහිදී හෙළිවන අනෙක් අපූරු රසවත් කරුණ නම් එකල ජනතා විමුක්ති පෙරමුණද මහාචාර්යවරයාගේ ප්‍රකාශ රස කරකර වේදිකාවල පැවැසීමය. එහෙත් අද ජවිපෙ ආණ්ඩුවක් තිබියදී ඒ අයම අද මහාචාර්යවරයාගේ කතා ප්‍රතික්ෂේප කරනවා. ‘වත්මන් ආණ්ඩුව තොවිලේ අයිලේ පදින්නේ හැරෙන හැරෙන පැත්තටය. පණ පලයන් පෙරේදා…’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

‘දෙමං ඇල්ම’ වැඩ අල්ලයි! Sri Lanka Latest News

Next Post

බාල ගල්අඟුරුවලින් වෙච්ච පාඩුව ආණ්ඩුව ජනතාවගේ පිට පැටෙව්වා! විපක්ෂනායක සජිත් මෙහෙම වෙයි කියලා කලින්ම කිව්වා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.