• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාක්කුවට මත්ද්‍රව්‍ය දමා බොරු නඩුවකට පැටලෙව්වොත් කළ යුත්තේ මොනවද? බයවෙන්න එපා…! නීතිය දැනගෙන ඉන්න…! Sri Lanka Latest News

May 9, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමන්ගේ උසස්වීම් වෙනුවෙන් හෝ වෙනත් පෞද්ගලික අරමුණක් වෙනුවෙන් අහිංසක මිනිසුන්ගේ සාක්කුවලට හෙරොයින් (කුඩු) හෝ ගංජා වැනි දෑ දමා බොරු නඩු පටලන දූෂිත පොලිස් නිලධාරීන් ගැන අපි වරින් වර අසා ඇත්තෙමු. මේ තත්ත්වය ඕනෑම මොහොතක ඔබටත්, මටත්, අපේ ආදරණීයයකුටත් මුහුණ දීමට සිදුවිය හැකි ඛේදවාචකයකි. එවැනි අනපේක්ෂිත අවස්ථාවකදී ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? මේ නීතිමය සහ ප්‍රායෝගික පියවරයන් හොඳින් කියවා දැනුවත් වන්න.Sri Lanka Latest News

(1) කලබල නොවන්න, කිසි විටෙකත් පොලිසිය සමග ගැටුම් ඇතිකර නොගන්න.
ඔබේ සාක්කුවට යමක් දැමූ වහාම ඔබ බියට පත්වීම සාමාන්‍ය දෙයකි. නමුත්, කිසිම විටෙක නිලධාරීන්ට පහර දීමට හෝ ඔවුන් සමග ශාරීරිකව ගැටීමට යාමෙන් වළකින්න. එසේ කළහොත් ‘රාජකාරියට බාධා කිරීම’ සහ ‘පහරදීම’ වැනි වෙනත් චෝදනාද ඔබට එල්ල විය හැක.

(2) මහජනතාවගේ අවධානය ලබාගන්න
අත්අඩංගුවට ගන්නා ස්ථානයේ වෙනත් අය (සාක්ෂිකරුවන්) සිටී නම්, මහ හඬින් කෑගසා මෙසේ පවසන්න. ‘මේක මගේ නෙවෙයි, මේ නිලධාරියා දැන් මගේ සාක්කුවට දැම්මේ’ මෙය අවට සිටින අයට ඇසීමට සැලැස්වීම නඩු විභාගයකදී ඔබට ඉතා වැදගත් සාක්ෂියක් වනු ඇත. හැකි නම් අවට සිටින අයෙකුට වීඩියෝ කරන ලෙස ඉල්ලා සිටින්න.

(3)නිලධාරීන්ගේ තොරතුරු මතක තබාගන්න
අදාළ පොලිස් නිලධාරීන්ගේ නම්, නිල ලාංඡන අංක, ඔවුන් පැමිණි වාහනයේ අංකය සහ ස්ථානය හොඳින් මතක තබාගන්න.

(4) කිසිම ලියවිල්ලකට, විශේෂයෙන් හිස් කොළවලට අත්සන් කරන්න එපා
පොලිස් ස්ථානයට ගෙනගිය පසු, ඔබට විවිධ ලියවිලිවලට හෝ හිස් කොළවලට අස්සන් කරන ලෙස බලපෑම් කළ හැක. ඔබ එය කියවා බලා, එහි ඇත්තේ ඔබට විරුද්ධව ලියැවුණු බොරු ප්‍රකාශයක් නම් අස්සන් කිරීමෙන් තරයේ ප්‍රතික්ෂේප කරන්න.

(5) නීතිඥයකුට හෝ පවුලේ අයට දැනුම් දෙන්න
ඔබව අත්අඩංගුවට ගත් වහාම, ඔබේ පවුලේ අයට හෝ නීතිඥයකුට ඇමතුමක් ලබාදීමට ඔබට අයිතියක් ඇත. එම අයිතිය ඉල්ලා සිටින්න.

(6) මහෙස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවූ විට (අතිශයින්ම වැදගත්)
● ඔබව අධිකරණයට ඉදිරිපත් කළ විට, බියෙන් නිහඬව සිටින්න එපා.
● මත්ද්‍රව්‍ය සාක්කුවට දැමුවේ අදාළ නිලධාරියා බවත්, ඔබ නිර්දෝෂී බවත් මහෙස්ත්‍රාත්වරයාට නිර්භීතව සහ පැහැදිලිව ප්‍රකාශ කරන්න.
● බලහත්කාරයෙන් අස්සන් ගත්තා නම් හෝ පහර දුන්නා නම් ඒ බවද පවසන්න.

(7) අධිකරණ වෛද්‍යවරයා හමුවූ විට,
පොලිසියෙන් පහරදීමක් සිදුවී ඇත්නම් හෝ ඔබට යම් ප්‍රතිකාර අවශ්‍ය නම්, ඒ බව අධිකරණ වෛද්‍යවරයාට කිසිදු බියකින් තොරව පවසන්න. වෛද්‍ය වාර්තාව ඔබේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ප්‍රබල ආයුධයකි.

(8) නීතිඥ ගාස්තුවලට බියෙන් කිසි විටෙකත් වරද පිළිගන්න එපා
බොහෝ දෙනෙක් නඩු ගාස්තු සහ නීතිඥ ගාස්තුවලට බියවී, තමන් නොකළත් මේ කරදරයෙන් ඉක්මනින් බේරීමට සිතා උසාවියේදී ‘වරද පිළිගනිමි’ යැයි පවසති. මෙය ඔබගේ මුළු අනාගතයම විනාශ කරන ක්‍රියාවකි.
● නොමිලේ නීති ආධාර: ඔබට ආර්ථික අපහසුතා ඇත්නම්, මුදල් ගෙවීමට නොහැකි නම් ‘ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව’ හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ නීතිඥ සහාය ලබාගත හැක.
● වෙනත් සහාය: ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විවිධ මානව හිමිකම් සංවිධාන හරහාද අසාධාරණයට ලක්වූවන්ට නොමිලේ නීති උපදෙස් සහ සහාය හිමිවේ.
● අනාගතය අඳුරු කරගන්න එපා: ඔබ වරද පිළිගතහොත් ඔබට ‘අපරාධ වාර්තාවක්’ එකතු වේ. එමගින් අනාගතයේදී ඔබට හොඳ රැකියාවක් ලබාගැනීමට හෝ විදේශගත වීමට (පොලිස් සහතික ලබාගැනීමේදී) ඇති අවස්ථා සම්පූර්ණයෙන්ම අහිමි වී යයි. එබැවින් තාවකාලික වියදමට හෝ අපහසුතාවට බියෙන් ඔබේ අනාගතය විනාශ කර නොගන්න.

(9) පසුව ගතහැකි නීතිමය පියවර…
ඔබ ඇප මත නිදහස් වූ පසු පහත ආයතනවලට අදාළ දූෂිත නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කළ හැකිය.
● ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
● ජාතික පොලිස් කොමිෂන් සභාව
● ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම

මතක තබාගන්න: නීතිය යනු අපව ආරක්ෂා කිරීමට ඇති දෙයක් මිස අපව බියගැන්වීමට ඇති දෙයක් නොවේ. නිවැරදි දැනුමෙන් සන්නද්ධ වීම යනු දූෂිතයන්ට එරෙහිව ඔබට ඇති ලොකුම ආයුධයයි.
මෙම තොරතුරු කවදා හෝ දවසක ඔබටත්, ඔබේ හිතවතෙකුටත් වැදගත් විය හැකියි.
මෙම ලිපිය හුදෙක් මහජනතාව නීතිය පිළිබඳ දැනුවත් කිරීම උදෙසා පමණක් පළකරන ලද්දකි.

SendShareShare
Previous Post

ගඩාෆි එක්ක එන ‍හිරුණිගේ රියල් ලයිෆ් එක…! කකුල තුවාල වෙලා ලේ ගලද්දිත් මම රඟපෑවා…! සෝෂල් මීඩියා මම බලන්නේ නෑ…! මම හරිම සංවේදී කෙනෙක්…! ඩිලු‍ක්ෂි වීරපෙරුම I Sri Lanka Latest News

Next Post

රනිල් නැතිව UNP යක් නෑ! සජිත් නැතිව SJBයක් නෑ! අන්තිම තීන්දුව ගන්න දෙන්නටම කාලය ඇවිත්! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.