• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලයිට් බිල ගැන උපයෝගිතා කොමිසම BMICH එකේ මහජන අදහස් විමසන අවස්ථාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ආණ්ඩුව ගල්අඟුරු වංචාව සිදු කරපු හැටි-පාඩුව මහජනතාව පිටින් දාන්න යන හැටි-දෙනවා කියපු බිලියන 15ක සහනාධාරයට ආණ්ඩුව වංගු ගහන්න යන හැටි කියා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 6, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ලයිට් බිල ගැන උපයෝගිතා කොමිසම BMICH එකේ මහජන අදහස් විමසන අවස්ථාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ආණ්ඩුව ගල්අඟුරු වංචාව සිදු කරපු හැටි-පාඩුව මහජනතාව පිටින් දාන්න යන හැටි-දෙනවා කියපු බිලියන 15ක සහනාධාරයට ආණ්ඩුව වංගු ගහන්න යන හැටි කියා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ගල් අගුරු වංචාවේ බලපෑම විදුලි පාරිභෝගිකයන් මත යොමු නොකරන බවත් අදාළ සමාගමෙන් එම පාඩුව අය කර ගන්නා බවට පැවසූ බවත් තනි ගාස්තුවක් පවත්වා ගැනීමට රු. බිලියන 15ක සහනාධාරයක් ලබා දෙන බව පැවසුවත් දැන් එයද නොමැති බවත් මෙම රු. බි. 15 සහනාධාරය සෘජුවම යොදා ගෙන ඇත්තේ ගල් අගුරු වංචාවේ පාඩුව පියවා ගැනීමට යොදා ගන්නා නමුත් මෙය ගාස්තු සහනයක් ලෙස යොදා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ගල් අගුරු බලාගාරය උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවට උපකල්පනය කරන විට සෘජු පාඩුව පාරිභෝගිකයන් වෙත සම්ප්‍රේෂණය නොවිය යුතු බවත් මේ පාඩුව නිවැරදිව ගණනය කර නොමැති බවත් ඊට අමතරව ගණනය කරන ආකාරය සැපයුම් කරුවන්ගෙන් අයකරන මුදල අයකරගත් මුදල එය පාඩුව පියවීමට ප්‍රමාණවත්ද කියා සත්‍ය යථාර්ථවාදී දත්ත රජය ඉදිරිපත් කළ යුතු පසුබිමක රජය විදුලිය වැඩිකිරීමට නියමිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2026 යෝජිත අතිවිශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ව මහජන අදහස් විමසීමේ අවස්ථාව හා එක්වෙමින් අදහස් පළ කරමිනි.

2026 වසරේ අප්‍රේල්වන විට ගල් අගුරු නැව් තොග 36න් 28ක් පමණ ගොඩබා ඇති බවත් 29 වැනි නැව ගොඩබාන මේ මොහොත වන විට සම්පූර්ණ ගොඩබැම සිදු කළ නොහැකි වී ඇති නිසා බලාගාරය බලහත්කාරයෙන් වසා දැමිමට සිදුවන බවට විශ්ලේෂකයන් නිගමන පළ කරන බවත් මේ නිසා ගල් අගුරු වංචාවේ බලපෑම වැඩි වශයෙන් දැනෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි පාරිභෝගිකයන් මත රහසිගත පිරිවැය වැඩිවීමේ අවදානමක්

පිරිවැය ඉහළ යාමට ප්‍රධාන හේතුව පොසිල ඉන්ධන මිල ඉහළ යාම බවට වාර්තාවේ සඳහන් නමුත් මෙහි බරපතල ගැටලු ඇති බවත් නැප්තා පිරිවැය 24%, ෆර්නස් ඔයිල් 25%කින්, ඩීසල් පිරිවැය ආදී දත්ත ගැන විද්‍යාත්මක ගැටලු සහගත තත්ත්ව රැසක් ඇති බවත් විදුලි පාරිභෝගිකයන් මත රහසිගත පිරිවැය වැඩි වීමේ තත්ත්වයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙහි පාඩුව විදුලි පාරිභෝගිකයන් මත පටවන්න දෙන්න බැහැ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආශ්‍රිතව ඉන්ධන බෙදාහැරිම සම්බන්ධයෙන් විනිවිදභාවයේ ගැටලු රැසක් ඇති බවත් ඉන්ධන ගිවිසුම් සම්බන්ධයෙන් ද ගැටලු පවතින මොහොතක විදුලි පාරිභෝගිකයන් මත රහසිගත පිරිවැය වැඩිවීමක් සිදු වන බවත් මෙය අස්වාභාවික ක්‍රියාවක් බවත් මේ පාඩුව විදුලි පාරිභෝගිකයන් මත පැටවිය නොහැකි බවත් ඩීසල් බැරලයක් ඩොලර් 280කට ලබා ගත් බවට වාර්තා වුවත් ඩීසල් රු 700 දක්වා වැඩි විය යුතු වුවත් එය අඩු කර නැප්තා ආදිය මත පටවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය හදන්නේ බලශක්ති ඇමති රකින්න

ගල් අගුරුවල ජනනය අඩුවන විට ඩීසල් භාවිත කිරීම නිසා ගල් අගුරු වංචාවේ මුලු වටිනාකම අවමකර පෙන්වීමට ඩීසල් පිරිවැය අඩුමට්ටමකට ගෙන ඇති බවත් මෙය අමාත්‍යවරයා සහ දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීමක් බවත් ගාස්තු නියම කිරිම දේශපාලන අරමුණු මත පදනම් නොවි විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බවත් මෙම තොරතුරු තවමත් වසන් කිරීම අවාසනාවන්ත සිදුවීමක් බවත් මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම මැදිහත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනපති පොරොන්දු වු රු..බි. 15 සහනය දිය යුතුමයි

ජනාධිපතිවරයා පොරොන්දු වු රු. බි. 15 සහනය සෘජු සහනාධාරයක් විය යුතු බවත් ඒ හරහා පාරිභෝගික පිරිවැය අඩුවිය යුතු බවත් නැප්තා ඩීසල් පිරිවැය ගණනය කිරීමේ දී පූර්ණ විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරන්න

ආනයනික ඉන්ධන මත යැපීම නිසා බලශක්ති අර්බුධයක් නිර්මාණය වී ඇති බවත් මේ විදුලි බිල වැඩි කිරීම සියලුම ක්ෂේත්‍රවලට බලපාන බවත් එම නිසා රටක් ලෙස පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අවධානය යොමුවිය යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ බාල ගල් අගුරු නිසා සිදුවු පාඩුව පියවා ගැනීමට ගාස්තු වැඩි කිරීම රජයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක් බවත්ය.

බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සකස් කරන්න

බැටරි බලශක්ති ගබඩා පද්ධතියකට බදු ආදායම යොමු නොකරන්නේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් ද්විකෘත බලශක්ති ලබා ගැනීමටද කටයුතු කළ යුතු බවත් පුනර්ජනනීය බලශක්තියට යොමුවන ආයෝජකයන් ඉන් ඉවත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ඩොලර් මිලියන 2.5ක් නැතිවෙලා කියලා මුලින්ම දැනගත්තේ ජනවාරි මාසේ -මුදල් අමාත්‍යංශ ලේකම්! මුලින්ම දැනගත්තේ මාර්තු 21.. -මුදල් නියෝජ්‍ය ඇමැති! අනේ මන්දා කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

තැපෑලෙ වෙලා තියෙන්නෙත් මහාභාණ්ඩාගාරයේ සෙල්ලමමයි! වෙන ඊමේල් 3ක් ඇවිත්! පණිවුඩ හුවමාරු කරගෙන! දෙපාරකට ඩොලර් 626,000ක් දාලා! සල්ලි ගිය දිහාවක් හොයාගන්න බෑ! CIDය අධිකරණයට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.