ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ගල් අගුරු වංචාවේ බලපෑම විදුලි පාරිභෝගිකයන් මත යොමු නොකරන බවත් අදාළ සමාගමෙන් එම පාඩුව අය කර ගන්නා බවට පැවසූ බවත් තනි ගාස්තුවක් පවත්වා ගැනීමට රු. බිලියන 15ක සහනාධාරයක් ලබා දෙන බව පැවසුවත් දැන් එයද නොමැති බවත් මෙම රු. බි. 15 සහනාධාරය සෘජුවම යොදා ගෙන ඇත්තේ ගල් අගුරු වංචාවේ පාඩුව පියවා ගැනීමට යොදා ගන්නා නමුත් මෙය ගාස්තු සහනයක් ලෙස යොදා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ගල් අගුරු බලාගාරය උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවට උපකල්පනය කරන විට සෘජු පාඩුව පාරිභෝගිකයන් වෙත සම්ප්‍රේෂණය නොවිය යුතු බවත් මේ පාඩුව නිවැරදිව ගණනය කර නොමැති බවත් ඊට අමතරව ගණනය කරන ආකාරය සැපයුම් කරුවන්ගෙන් අයකරන මුදල අයකරගත් මුදල එය පාඩුව පියවීමට ප්‍රමාණවත්ද කියා සත්‍ය යථාර්ථවාදී දත්ත රජය ඉදිරිපත් කළ යුතු පසුබිමක රජය විදුලිය වැඩිකිරීමට නියමිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2026 යෝජිත අතිවිශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ව මහජන අදහස් විමසීමේ අවස්ථාව හා එක්වෙමින් අදහස් පළ කරමිනි.
2026 වසරේ අප්‍රේල්වන විට ගල් අගුරු නැව් තොග 36න් 28ක් පමණ ගොඩබා ඇති බවත් 29 වැනි නැව ගොඩබාන මේ මොහොත වන විට සම්පූර්ණ ගොඩබැම සිදු කළ නොහැකි වී ඇති නිසා බලාගාරය බලහත්කාරයෙන් වසා දැමිමට සිදුවන බවට විශ්ලේෂකයන් නිගමන පළ කරන බවත් මේ නිසා ගල් අගුරු වංචාවේ බලපෑම වැඩි වශයෙන් දැනෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විදුලි පාරිභෝගිකයන් මත රහසිගත පිරිවැය වැඩිවීමේ අවදානමක්
පිරිවැය ඉහළ යාමට ප්‍රධාන හේතුව පොසිල ඉන්ධන මිල ඉහළ යාම බවට වාර්තාවේ සඳහන් නමුත් මෙහි බරපතල ගැටලු ඇති බවත් නැප්තා පිරිවැය 24%, ෆර්නස් ඔයිල් 25%කින්, ඩීසල් පිරිවැය ආදී දත්ත ගැන විද්‍යාත්මක ගැටලු සහගත තත්ත්ව රැසක් ඇති බවත් විදුලි පාරිභෝගිකයන් මත රහසිගත පිරිවැය වැඩි වීමේ තත්ත්වයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙහි පාඩුව විදුලි පාරිභෝගිකයන් මත පටවන්න දෙන්න බැහැ
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආශ්‍රිතව ඉන්ධන බෙදාහැරිම සම්බන්ධයෙන් විනිවිදභාවයේ ගැටලු රැසක් ඇති බවත් ඉන්ධන ගිවිසුම් සම්බන්ධයෙන් ද ගැටලු පවතින මොහොතක විදුලි පාරිභෝගිකයන් මත රහසිගත පිරිවැය වැඩිවීමක් සිදු වන බවත් මෙය අස්වාභාවික ක්‍රියාවක් බවත් මේ පාඩුව විදුලි පාරිභෝගිකයන් මත පැටවිය නොහැකි බවත් ඩීසල් බැරලයක් ඩොලර් 280කට ලබා ගත් බවට වාර්තා වුවත් ඩීසල් රු 700 දක්වා වැඩි විය යුතු වුවත් එය අඩු කර නැප්තා ආදිය මත පටවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය හදන්නේ බලශක්ති ඇමති රකින්න
ගල් අගුරුවල ජනනය අඩුවන විට ඩීසල් භාවිත කිරීම නිසා ගල් අගුරු වංචාවේ මුලු වටිනාකම අවමකර පෙන්වීමට ඩීසල් පිරිවැය අඩුමට්ටමකට ගෙන ඇති බවත් මෙය අමාත්‍යවරයා සහ දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීමක් බවත් ගාස්තු නියම කිරිම දේශපාලන අරමුණු මත පදනම් නොවි විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බවත් මෙම තොරතුරු තවමත් වසන් කිරීම අවාසනාවන්ත සිදුවීමක් බවත් මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම මැදිහත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ජනපති පොරොන්දු වු රු..බි. 15 සහනය දිය යුතුමයි
ජනාධිපතිවරයා පොරොන්දු වු රු. බි. 15 සහනය සෘජු සහනාධාරයක් විය යුතු බවත් ඒ හරහා පාරිභෝගික පිරිවැය අඩුවිය යුතු බවත් නැප්තා ඩීසල් පිරිවැය ගණනය කිරීමේ දී පූර්ණ විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරන්න
ආනයනික ඉන්ධන මත යැපීම නිසා බලශක්ති අර්බුධයක් නිර්මාණය වී ඇති බවත් මේ විදුලි බිල වැඩි කිරීම සියලුම ක්ෂේත්‍රවලට බලපාන බවත් එම නිසා රටක් ලෙස පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අවධානය යොමුවිය යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ බාල ගල් අගුරු නිසා සිදුවු පාඩුව පියවා ගැනීමට ගාස්තු වැඩි කිරීම රජයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක් බවත්ය.
බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සකස් කරන්න
බැටරි බලශක්ති ගබඩා පද්ධතියකට බදු ආදායම යොමු නොකරන්නේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් ද්විකෘත බලශක්ති ලබා ගැනීමටද කටයුතු කළ යුතු බවත් පුනර්ජනනීය බලශක්තියට යොමුවන ආයෝජකයන් ඉන් ඉවත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.








