ඉකුත් යහපාලන රජයේ කෝප් කමිටුවේ සහ කෝපා කමිටුවේ සභාපති ධූර විපක්ෂයට ලබා දීමට කටයුතු කළා සේ වත්මන් ආණ්ඩුව එම තනතුරු විපක්ෂයට ලබා දෙනවාද යන්න සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම් දී සිටියේ තේරීම් කාරක සභාවේදී එය තීරණය කර ගත හැකි බවකි.
පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සදහන් කර සිටියේ එය සම්ප්‍රදායක් නොවන බවත්, ඒ ඒ කාරකසභාවල සිටින මන්ත්‍රීවරුන් විසින් එය තීන්දු කරනු ඇති බවත්ය.








