• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරක පාරාදීසයක් වෙච්ච ලංකාවේ උසම ගමට යන්න තියෙන්නේ කුණු ගඟක් මැද්දෙන් ගංවතුරට කඩන් ගිය මාරාන්තික පාරක! ‘මට උත්තර දෙන්න බෑ..! මාලිමා නගරාධිපතිට පක්ෂ මූලස්ථානයෙන් මාධ්‍ය තහනමක්! PHOTOS I Sri Lanka Latest News

May 5, 2026
in Exclusive
Reading Time: 19 mins read
A A
සංචාරක පාරාදීසයක් වෙච්ච ලංකාවේ උසම ගමට යන්න තියෙන්නේ කුණු ගඟක් මැද්දෙන් ගංවතුරට කඩන් ගිය මාරාන්තික පාරක! ‘මට උත්තර දෙන්න බෑ..! මාලිමා  නගරාධිපතිට පක්ෂ මූලස්ථානයෙන් මාධ්‍ය තහනමක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

අගෝඩා ලෝක සංචාරක සිතියමට මෑතකදී එකතු වූ ශ්‍රී ලංකාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුවිශේෂිතම සංචාරක කේන්ද්‍රස්ථානයක් වන ලංකාවේ උසම ජනාවාසය හැටියට සැලකෙන මුහුදු මට්ටමින් අඩි 7360 ක් උසින් පිහිටි ශාන්තිපුර ගම්මානයට පිවිසෙන එකම මාර්ගය පසුගිය දිත්වා සුළි කුණාටුව හේතුවෙන් නාය යෑමට ලක්ව දැඩි අවදානම් තත්ත්වයක හා මාර්ගය දෙපස කසල එක් රැස්වී අප්‍රසන්න තත්ත්වයකට පත්ව ඇති බව ප්‍රදේශවාසීන්, සංචාරක මග පෙන්වන්නන් සහ රියදුරු සංගම් චෝදනා කරති,Sri Lanka Latest News

ප්‍රදේශවාසීන් මේ බව කියා සිටියේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ශාන්තිපුර ගම්මානයට ප්‍රවිෂ්ට වෙන මාර්ගය පිළිබඳව වගකිවයුතු බලධාරීන් කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොකරන පසුබිමක මාධ්‍යය හරහා අවධාරණය කිරීම පිණිස (05) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ,

වැඩිපුර අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් සංචාරක මඟ පෙන්වන්නන් හා රියදුරු සංගම් නියෝජිතයන් මෙසේ පැවසීය ,

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් නාය යෑමකින් මාර්ගය දැඩි ලෙස අවදානම් තත්ත්වයක තිබෙන පසුබිමක නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු උදේ හවස මෙම මාර්ගයේ ගමන් කරලත් මේ අවදානම ගැන කිසිම තැකීමක් නැහැ ,

අපිට පුදුම ගැටළුවක් තියෙන්නේ මේ නගරාධිපතිවරයා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යන්නේ ඇස් වහගෙනද, නැත්තං ගැන නිල රථයේ නිදාගෙනද කියලා.

මෙම මාර්ගය පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වන අතර පසුගිය කාලවලදී නුවරඑළිය මහ නගර සභාව සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාව එක්ව සංවර්ධන යෝජනා ඉදිරිපත් කර සාර්ථක අන්දමින් නඩත්තු කටයුතු සිදු කරගෙන ගිය නමුත් මේ වන විට නුවරඑළිය මහ නගර සභාව හා ප්‍රාදේශිය සභාව මෙම මාර්ගය පිළිබඳ තැකීමට ලක් නොකිරීම කනගාටුවට කරුණක් ,

නුවරඑළිය කියන්නේ සංචාරක ආකර්ශණය දිනාගත් ලෝක සංචාරක මර්මස්ථානයක් බවට පත්වෙලා තිබෙන ස්ථානයක් ,

මෑතකදී පවා අගෝඩා ලෝක සංචාරක සිතියම් පොතට එකතු වුණු සුවිශේෂි තැනක් තමයි නුවරඑළිය කියලා කියන්නේ ,

නුවරඑළිය එවන් තැනකට එකතු වෙන්න මූලිකව ආකර්ෂණය දිනාගත් තැනක් තමයි නුවරඑළිය ශාන්තිපුර ගම්මානය කියලා කියන්නේ ,

ශාන්තිපුර ගම්මාන යනු ශ්‍රී ලංකාවේ උසම ජනාවාසය සහ ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත ගම්මානයක් ,

මෙහි සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත තවත් සුවිශේෂ ස්ථානයක් තමයි ඊගල් නැරඹූම් මධ්‍යස්ථානය ,

මෙම ඊගල් නැරඹුම් මධ්‍යස්ථානයේ සිට නුවරඑළිය නගරය, හග්ගල, ශ්‍රී පදස්ථානයය ඇතුළු ස්ථාන රැසක් ඉහළ අවකාශයේ සිට නැරඹීම සඳහා දෛනිකව දහස් සංඛ්‍යාත ජනතාවද පැමිණෙන්නේ ඉතා බියකරු මාර්ගයකයි ,

ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඉහළම ස්ථානයේ පිහිටි සර්ව ආගමික දේවස්ථාන, තේ කර්මාන්ත ශාලාව බීජ අර්තාපල් ගොවිපොළ ඇතුළු ස්ථාන රැසක් නරඹන්නට දෙස් විදෙස් සංචාරකයක් පැමිණෙනවා ,

නාය යෑමට ලක් වූ මාර්ගය යට පැත්තෙන් පෙඟිලා තියෙන්නේ ,

දිනකට දෙස් විදෙස් සංචාරකයන්  දහස් ගණනින් අරන් එන බස් රථවල පැමිණෙන රියතුරන් මාර්ගය ගැන අවබෝධයක් නැතුව එන්නේ ,

ඔවුන්ට මාර්ගයේ ගිලා බැස තිබෙන් ස්ථානයෙන් වංගුව හරවා ගන්න බැරිවන විට දැඩි අපහසුතාවයට පත් වෙනවා ,

බියක් ඇතිවූ විට විශාල අනතුරක් සිදුවී ජීවිත හානි පවා සිදුවන්නට ඉඩ තියෙන මාර්ගයක් තමයි මේක ,

තාම නාය ගිය ස්ථාන ප්‍රතිසංස්කරණය කරලා මාර්ගය පුළුල් කරන්න කිසිම වැඩ පිළිවෙළක් නුවරඑළිය මහ නගර සභාවෙන් සහ ප්‍රාදේශීය සභාවෙන් අරන් නැහැ ,

මාර්ගයේ ගැටලුව එලෙස තිබියදී මහ නගර සභා සීමාවට අයත් ජනතාව සහ ප්‍රාදේශීය සභා සීමාවට අයත් ජනතාව සිය නිවෙස්වලින් බැහැර කරන කැලිකසලත් ගෙනැවිත් දමන්නේ මාර්ගයේ දෙපසට ,

මෙහිදී කැලිකසල මාර්ගය දෙපසට බැහැර කරන ජනතාවට චෝදනා කරනවා වගේම නිසි අන්දමින් කැලිකසල එකතු කරන්න ලොරි රථ යෙදවීමට නුවරඑළිය මහනගර සභාව සහ නුවරඑළිය ප්‍රාදේශීය සභාව  සැලසුමකින් ක්‍රියාත්මක නොකිරීම මෙයට හේතුව වෙනවා ,

ඒවගේම තමයි ශාන්තිපුර ගම්මානයටට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ඔවුන්ගේ කැලිකසල බැහැර කිරීමට නිසි ස්ථාන ලබාදී නෑ ,

මාර්ගයේ කැලිකසල ඉවත් කර මාර්ගය සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරනු ලබන්නේ ගමේ රියදුරු සංගම් සහ සුභ සාදක සංගම් එකතු වී නමුත් ඒ අවස්ථාවලටද පළාත් පාලන ආයතනවල කිසිදු සහයෝගයක් ලබා නොදීමද කණගාටුවට කරුණකි ,

මේ සියල්ල අවධානයට යොමු කර පවුල් 1600කට ආසන්න පිරිසක් සහ පුද්ගලයන් වශයෙන් ගත් කල දස දහසකටත් ආසන්න පිරිසක් ජීවත් වන වගේම දිනකට දහස් ගණනින් සංචාරකයන් පරිහරණය කරන මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර ග්‍රාමීය කසල කළමනාකරණය සඳහා නිසි සැලසුම් ක්‍රියාත්මක කිරීමට නුවරඑළිය මහ නගර සභාව සහ ප්‍රාදේශීය සභාව කටයුතු කළ යුතුු බව ප්‍රදේශවාසීන්, රියදුරු සංගම් සාමාජිකයන් හා සංචාරක කර්මාන්තයේ නියැලී සිටින්නන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මෙලෙස නගන චෝදනා පිළිබඳව නුවරඑළියේ මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ අපට පිළිතුරක් ලබා ගැනීමට දැඩි අවශ්‍යතාවයක් ඇති නමුත් ඔහු මාධ්‍යය වෙත පවසා ඇත්තේ  සිය පක්ෂ මූලස්ථානයෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමට තමන්ට තහනමක් පනවා ඇති බවත්, එම තහනම ඉවත් කළ පසු මාධ්‍යය වෙත නැවත දැනුම් දෙන බවය ,

ශාන්තිපුර ගම්මානයේ මාර්ගය පිළිසකර කිරීම හා කසල කළමනාකරණය පිළිබඳව නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මොහොමඩ් සියාඩ් මහතාගෙන් අප සිදු කළ විමසමකට ඔහු කියා සිටියේ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවන්ට ලක් වූ මාර්ග පිළිසකර කිරීමේ කටයුතු සිදුකරගෙන යන නමුත් හදිසියේ ඇති වූ මිල ගණන්වල වෙනස්වීම හේතුවෙන් මඳක් ප්‍රමාද වන බවය ,

කෙසේ වෙතත් කඩිනමින් එම මාර්ග සංවර්ධනයට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම කසල කළමනාකාරීත්වය පිළිබඳව නුවරඑළි ප්‍රාදේශීය සභාව අවධානයෙන් කටයුතු කරන අතර නුවරඑළිය මහ නගර සභාව සමගද සාකච්ඡා කර ඒ සඳහා අවැසි පිළියම් යොදන බවද ඔහුු වැඩිදුරටත් කීය .

SendShareShare
Previous Post

පැමිණිලි කරලා මාස 11ක්! කන්ටේනර් 323 ගැන තවමත් විමර්ශන පටන් අරන් නෑ! බැරිම තැන ගම්මන්පිල අධ්‍යක්ෂ ජනරාල්ටත් චෝදනා කරමින් අල්ලස් කොමිසමේ සභාපතිව හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! I Sri Lanka Latest News

Next Post

මැයි 25 අත්පුඩි ගහන්න ලෑස්ති වෙලා ඉන්න කියලා අනුර මැයි රැලියෙදි කිව්වා! ඇමැති නලින්ද නඩු දින විතරක් නෙමෙයි නම් ලයිස්තුවත් කියනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.