හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ දී සුමධුර ධර්ම දේශනාවක් පවත්වන ලදී.Sri Lanka Latest News
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නායක ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් මෙම ධර්ම දේශනය පූජ්‍ය තන්තිරිමලේ සරණ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලදී. මේ අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එතුමාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය, ජලනි ප්‍රේමදාස මහතා ඇතුළු රණසිංහ ප්‍රේමදාස මහතාගේ පවුලේ සාමාජිකයන්, නෑදෑ හිතමිතුරන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්විය.






















