කම්කරු දිනය මුල් කරගෙන දහස් සංඛ්‍යාත ජනතාවක් කොළඹට කැඳවා සිය දේශපාලන ශක්තිය රටට පෙන්වීමට ආණ්ඩුව සහ විපක්ෂය සියලු සැලසුම් මේ වනවිට සකස් කොට අවසානය.Sri Lanka Latest News
ඒ අනුව, ජාතික ජන බලවේගය ප්‍රමුඛ ජවිපෙ සිය ප්‍රධාන මැයි රැලිය මහරගම නගරයේදීත්, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදීත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොරැල්ල කැම්බල් පිටියේදීත් සිය මැයි රැලි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මහරගම පවත්වන මැයි රැලියට අමතරව ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක 21ක සිය මැයි රැලි පැවැත්වීමට සැලසුම් කොට ඇත.
පසුගිය කාලසීමාවේදී ආණ්ඩුවට එල්ල වූ විවිධ චෝදනා මුල් කරගෙන ජනප්‍රසාදය විශාල වශයෙන් පහත වැටී තිබූ අතර, එය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මෙසේ දිස්ත්‍රික්ක මට්ටමින් මැයි රැලි පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව පැවැසේ.
කෙසේ වෙතත් සමගි ජන බලවේගයද මේ වනවිට සියලු සැලසුම් සකස් කොට ඇත්තේ දැවැන්ත ජනතාවක් කොළඹට කැඳවා ආණ්ඩුවට සිය ශක්තිය පෙන්වමින් අලුත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමටය.
ඒ සඳහා සහභාගි වන ලෙස සමගි ජන බලවේගය එජාපයටද නිල වශයෙන් ආරාධනා කොට තිබුණේ ඒ අනුවය.










