• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමන වැඩ පිරුණු අපේ උන් අල කරපු සාම පා ගමන! Sri Lanka Latest News

May 1, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
අමන වැඩ පිරුණු අපේ උන් අල කරපු සාම පා ගමන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සභාවෙන් අවසරයි. නෝනාවරුනි මහත්වරුනි, මේ ලියුම්කරු සාම පාගමනට සහභාගි වුණු කෙනෙක් නෙමෙයි. හාමුදුරුවන්ගෙ පස්සෙන්වත් ඉස්සරහින්වත් ගිහිල්ලා පින්තූර ගත්ත කෙනෙක් නෙමෙයි. හාමුදුරුවන්ගේ අඩුවැඩිය අල්ලලා වැන්ද කෙනෙකුත් නෙමෙයි. හාමුදුරුවොත් එක්ක එක වචනයක්වත් කතා කරපු කෙනෙකුත් නෙමෙයි.Sri Lanka Latest News

හාමුදුරුවෝ නුවර ඉඳන් ගම්පහ හරහා කොළඹ යනකොට කොළඹ ඉඳන් නිදහස් චතුරස්‍රයට ගිහිල්ලාවත්, ලියුම්කරුගේ ගෙදර තියෙන්නේ දූනගහ නිසා නිට්ටඹුව පැත්තට, එහෙම නැත්නම් පස්යාල පැත්තට, එහෙම නැත්නම් මීරිගම පැත්තට ගියපු කෙනෙක්වත්, එහෙම නැත්නම් ගම්පහට උන්වහන්සේලා යනවා කියලා ආරංචියට දුවගෙන ගියපු කෙනෙක්වත් නෙමෙයි.
එක කෙසෙල් කොළයක්වත් කපපු කෙනෙක් නෙමෙයි. එක මලක්වත් පූජා කරපු කෙනෙක් නෙමෙයි. හාමුදුරුවන්ගේ ආශීර්වාද හම්බවෙච්ච කෙනෙකුත් නෙමෙයි. ආලෝකාව දැකලත් නැහැ, ආලෝකා මාව දැකලත් නැහැ. මම ආලෝකාව අඳුරන්නෙත් නැහැ, ආලෝකා මාව අඳුරන්නෙත් නැහැ. ඒ නිසා මේ ලිපිය ලිව්වම භක්තිමත් බව අඩුයි කියලා මාත් එක්ක තරහ වෙන්න එපා. මම පත්තරකාරයෙක් විදිහට මේ ලියන්නේ ඔබ උන්වහන්සේ ගැන කියූ ලියූ දේවල් සහ උන්වහන්සේ පිළිබඳ විවිධ සමාජ මාධ්‍යවල පළවූ දේවල්වලින් උපුටා ගත්තු දේවල්.

ඒ වගේම මම දැක්කා උන්වහන්සේ ඉරිදා රාත්‍රියේ කළා යැයි විශ්වාස කරන්න පුළුවන් විදිහේ ප්‍රකාශයක් සමාජ මාධ්‍යවල තියෙනවා. ඒකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මේ නිශ්ශබ්දතාව ආරක්ෂා කරන්න, අපි යන මග අවශ්‍ය නම් රැඳී ඉන්න. අපිට පූජාවල් අවශ්‍ය නැහැ, අල්ලන්න එන්න එපා. දානය වලඳන වෙලාවට, නවාතැන් ගන්නා ස්ථානවලට ඇවිල්ලා හමුවෙන්න එන්න එපා. උන්වහන්සේ නුවරදී යැයි මම විශ්වාස කරනවා, එක තැනකදී කියනවා නිශ්ශබ්ද වෙන්න, එහෙම නැත්නම් අපි මේක නතර කරලා දානවා කියලා. ඇත්තටම ඒ වෙලාවට හිතුණා මේක පා ගමනක් නෙමෙයි, මේක ‘එපා ගමනක්’ වෙලාද ලංකාවට කියලා.

පාර දිගේ කෙසෙල් කොළ අතුරලා, කෙසෙල් කොළ එහෙමම දාලා, පාර තනිකරම ඇඹිලිපිටියේ කෙසෙල් කොටුවක් බවට පත්වෙලා තියෙන්නේ නුවර ඉඳන් කොළඹටම. යක්කල පැත්තේ කෙසෙල් ගස්වල නැට්ට විතරයි ඉතුරු කියලා මගේ මිතුරෙක් මාත් එක්ක කිව්වා. ඒ තරමටම කෙසෙල් කොළ. සමහර තැන්වල කෙසෙල් කොළ උඩින් පොලිසිය යනවා, හාමුදුරුවෝ පාරේ යනවා. සමහර මිනිස්සු හාමුදුරුවෝ පැත්තක දාලා ආලෝකාට වඳිනවා, බල්ලට වඳිනවා. බල්ලට තව බල්ලෙක් පැනපුවහම ඒ බල්ලට ගහලා එළවනවා, මේ බල්ලට අවශ්‍ය ගෞරවය දෙන්න.
ඊට පස්සේ මම දැක්කා කවුදෝ මන්දා හාදයෙක් රද්දෝතළු ගෙනල්ලා උන්වහන්සේගේ අතට දීලා. රද්දෝතළු අතේ තබාගෙන යනකොට රද්දෝතළු රැගෙන යන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න පුළුවන්. රද්දෝතළු කියලා කියන්නේ ලංකාවේ තියෙන සංරක්ෂිත ශාකයක්. මේ සංරක්ෂිත ශාක කියන එක ගැන අපේ රටේ ඉන්න අයියලාට, අක්කලාට, නැන්දලාට, මාමාලාට විශේෂයෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒක නොදැන හිටියා කියලා කරන්න දෙයකුත් නැහැ. රද්දෝතළු කියන්නේ වර්ෂ 2009 අංක 469/22 පනතේ සංශෝධිත අංක 469 වන අධිකාරිය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 42 වැනි වගන්තිය යටතේ අටවැනි උපලේඛනයට ඇතුළත් කරලා තියෙන ආරක්ෂිත ශාකයක්. මෙන්න මේ විදිහට ආරක්ෂිත ශාකයක් තමන්ගේ නිවසේ තිබුණත් ඒ ගහේ මල්වලට හානි කරන්න කාටවත් හැකියාවක් නැහැ. ලෝකයේ පවතින මේ ගණයේ ශාක ඉතා ඉක්මනින් වඳවෙලා යන නිසයි මේවා ආරක්ෂා කරන්න කියලා ඔබට කියන්නේ.
ඉතින් මේ සම්බන්ධව අපි දැක්කා පහුගිය කාලේ විවිධ මතිමතාන්තර කියැවුණා, ජනාධිපතිතුමා අතෙත් මෙහෙම මලක් තිබුණා කියලත්. දැන් මෙවැනි තත්ත්ව, තක්කඩිකම්, එහෙම නැත්නම් මෝඩකම්, අනුවණකම් එක්ක මේ පා ගමන ලංකාවේ සිද්ධ වුණු බව තමයි අපි දැක්කේ. මේ භික්ෂුන් වහන්සේලා ඇමෙරිකාව ඇතුළු වෙනත් රටවල මේ විදිහට පා ගමනේ යෙදෙන වීඩියෝ සමාජගත වෙලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේලා විශේෂයෙන්ම ඉල්ලනවා මාධ්‍යවේදීන්ට නිරන්තරයෙන්ම තමන්ගේ ගමන වාර්තා කරන්න එපා, තමන්ට නිදහසේ යන්න දෙන්න කියලා. ඇත්තටම මාධ්‍යවේදී හිතවතුනි, තරහ වෙන්න එපා මෙහෙම කිව්වට, හතර විලිලැජ්ජාවයි ඔයාලගේ හැසිරීම ගැන. අපි දැක්කා එක්තරා රූපවාහිනී නාලිකාවකින් ලොරියක පටවපු ලෝඩ් එකක්ම ගිහිල්ලා ඉන්නවා මේක වාර්තා කරන්න. මේක ‘අපේ කරගන්න’, මේක මුලින්ම වාර්තා කළේ අපි කියලා කියන්න, වීව්ස් ටිකක්, ලයික් ටිකක්, කමෙන්ට් ටිකක් අරගෙන නිකන් ‘මම පොර’ සංකල්පයෙන් ගොඩයන්න දඟලන සමහරු.

ඒ වගේම අපි දැක්කා රටේ එක්තරා මාධ්‍ය ප්‍රධානියෙක්ට චෝදනාවක් එල්ල වෙනවා. ඔහු අවිහිංසාවාදයේ පියා විදිහට තමයි නාලිකාවලදි නම් හැසිරෙන්නේ. හැබැයි එතුමා මේ වෙලාවේ කාටදෝ පහර දුන්නු කතන්දරයක් අපි දන්නේ නැහැ ඒවා. සාමය වෙනුවෙන් නිසා එතුමා ඉතාම සාමයෙන් හැසිරෙන්න ඇති. ඒ වගේම අපි දැක්කා සමාජ මාධ්‍යවල කතා කරලා තියෙන සමහර දේවල්වල ඉතාම සාධනීය දේවල්. අර කඩුගන්නාවේ ගල විදපු තැනින් හාමුදුරුවෝ එන වීඩියෝවක්වත් අපි කාටවත් ගන්න බැරි වුණා. ලස්සන පින්තූරයක් ගන්න බැරි වුණා. මේක වටේ ආරක්ෂකයොයි, පොලිසියයි, හමුදාවයි, උපාසක අම්මලයි, උපාසක තාත්තලයි, උපාසක බාප්පලයි තැන් තැන්වලින් පිරිලා හාමුදුරුවෝ වට කරගෙන සාම පාගමනක් නෙමෙයි, මේක මහා ගාලගෝට්ටියක් බවට පත්වෙලා තියෙනවා. ඒ අතරතුරේ අපි දන්නවා මේ අලුත උපන් කිරිසප්පයෝ පාරවල්වල තැන් තැන්වල නිදි කරගෙන, දූවිල්ලේ, අව්වේ මේ හාමුදුරුවන්ගෙන් ආශීර්වාද ගන්නවා. හාමුදුරුවන්ගෙන් ආශීර්වාද ගන්න නෙමෙයි වෙන්නේ, මේ දරුවන්ව ඉස්පිරිතාලවලට අරන් ගිහිල්ලා බෙහෙත් ගන්න. ඒ නිසා අර රටේ තියෙන ගෝත්‍රික බව, අඥාන බව, මෝඩකම, අපේ තියෙන නැහැදිච්චකම, අපේ තියෙන නොපනත්කම, මේ සියල්ල ප්‍රදර්ශනය කරපු ඉතාම පහත් හැසිරීම් පෙන්නපු අවස්ථා කීපයක් විදිහටයි ලියුම්කරුට මේ පාගමන ගැන හිතෙන්නේ.

උන්වහන්සේ සම්බන්ධව ගැටලුවක් නැහැ. ආලෝකා සම්බන්ධව ගැටලුවක් නැහැ. උන්වහන්සේ දෙපාවලට සෙරෙප්පු නොදා ඇවිදීම සම්බන්ධව ප්‍රශ්නයක් නැහැ. ඒවා ප්‍රශ්න කරන්න තරම් මට ඒ සම්බන්ධව දැනුමක් නැහැ. ඒ නිසා මේ සම්බන්ධව පැහැදිලි කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ. නමුත් උන්වහන්සේ පිළිබඳ අපටත් වඩා බොහෝ දෙනෙක් දැන් මේ වෙද්දි බොහෝ දේ වාර්තා කරලා තියෙන්නේ. උන්වහන්සේ මම විශ්වාස කරනවා මේ සාම පාගමනට ලංකාව යොදාගැනීම ගැන කනගාටු වෙනවා ඇති. උන්වහන්සේට දෙතුන් වතාවක්ම සිද්ධ වෙනවා ‘කරුණාකරලා මේ වැඩේ නතර කරන්න’, ‘කරුණාකරලා මේ හිරිහැරේ නවත්තන්න’, ‘කරුණාකරලා අපිට මැදිහත් වෙන එක නවත්තන්න’, ‘කරුණාකරලා ශබ්ද කරන එක නවත්තන්න’, ‘කරුණාකරලා මාධ්‍ය හරහා වාර්තා කිරීම නවත්වන්න’ කියලා දිගින් දිගටම කියන්න සිද්ධ වෙනවා. එහෙම කියන ගමන් උන්වහන්සේ කියනවා ‘අපි ඇමෙරිකාවේ යද්දි කොහොමද තිබුණේ කියලා දැක්කද ඔබ?’ ඇත්තටම ඇමෙරිකාවේ පාගමන අපි දැක්කා. ඇමෙරිකාවේ මිනිස්සුත් පාරට ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ ඉතාම සාමකාමීව, පාරෙන් අයින් වෙලා, පැත්තකට වෙලා මේ දිහා බලන් හිටියා. හැබැයි අපිට ලංකාවේ පාගමන දකින්නේ යුද පිටියක් මැදින්, යුද පෙරමුණක් මැදින්, යුද කඳවුරක් මැදින් යනවා වගේ.

හැබැයි මොනවා වුණත් පාගමන අවසානයේ පඤ්ඤාකර හාමුදුරුවෝ අපේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරය, ශ්‍රද්ධාව ගැන මහත් ඉහළින් කතා කිරීමත් අගය කළ යුතු දෙයක්.
බුදුහාමුදුරුවෝ පය ගහපු, මිහිඳු හාමුදුරුවෝ ආපු, බුදුදහම පවතින, බුදුරජාණන් වහන්සේගේ පා පහසින් අතිශය පාරිශුද්ධත්වයට පත්වෙච්ච, බුද්ධිමත් අය ජීවත් වෙනවා යැයි සලකන ජාතියක් ජීවත් වෙච්ච රටක, මේ තරම් අඥාන ක්‍රියාවන් සිද්ධ වීම ගැන නම් අපේ හාමුදුරුවනේ අපිටත් කනගාටුයි. ඔබ වහන්සේට සිංහල කියවන්න බැරි නිසා මේ ලිපිය කියවා ගන්න බැරි වේවි. කවුරු හරි කෙනෙක් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා උන්වහන්සේට දුන්නොත් අපි කියන්නේ, ඔබ වහන්සේගේ පැමිණීම ගෞරවයක්, ඔබ වහන්සේගේ ක්‍රියාව ගෞරවයක්. ඔබ වහන්සේට මේ රටේ සාම පාගමනක් නිදහසේ යන්න බැරි වීම ගැන අපි කනගාටු වෙනවා. මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඇස් පාදලා, මේ අයට සත්‍යය වටහා දීලා, මේ මිනිස්සුන්ට මේ මෝඩකම්වලින් මිදෙන්න කවදා හරි දවසක පුළුවන් වුණොත්, අන්න එදාට අපිට සැබෑ සාමය උදාවේවි. එහෙම නැතුව මෙහෙම රටකට උදාවෙන සාමයකින් ඇති වැඩක් නැහැ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

කැලණියේ නයා සහ ඉන්දියාවේ ආලෝකා! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.