• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලයිට් බිලට වෙන්න යන‌ දේ ලබන 9 වැනිදා කියනවා! I Sri Lanka Latest News

April 29, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…
Share on WhatsAppShare on Facebook

සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. Sri Lanka Latest News

ඒ අනුව 2026 අති විශේෂ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශනය අද (29) සිට ආරම්භ කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කළේය.

ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් 2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සදහා විදුලි ජනනයට අදාළ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම 2026 අප්‍රේල් 27 වන දින ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. 

මෙම පිරිවැය ඇස්තමේන්තුව පදනම් කරගෙන ක්‍රියාවට නැගීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපදේශනයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. 

යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාල උපදේශන පත්‍රිකාවේ පහත සඳහන් කරුණු අඩංගු කර ඇත.

•    රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය මැයි 10 සිට විදුලි පාරිභෝගිකයින්ට ලබා දීම 
•    ගෘහස්ත සහ ආගමික සිද්ධස්ථාන ඇතුළු විදුලි පාරිභෝගිකයින්  සියයට 95කට රජයේ සහනාධාරය මත ගාස්තු ඉහල නොදැමීමට නිර්දේශ
•    පොදු කාර්ය, රාජ්‍ය ආයතන හා සංචාරක හෝටල් යන කාණ්ඩවල මාසික පරිභෝජනය ඒකක 180ට වඩා අඩු අනු කාණ්ඩ සදහා ද ගාස්තුව ඉහළ නොදැමීමට නිර්දේශ
•    කර්මාන්ත අංශයේ පළමු අනුකාණ්ඩය සදහාද විදුලි ගාස්තු ඉහල නොදැමීමට නිර්දේශ
•    ගල් අගුරු තත්වය හේතුවෙන් සිදුවන අතිරික්ත පිරිවැය විදුලි ගාස්තු වලට ඇතුළත් නොකිරීම තවදුරටත් තහුවරු කිරීමේ පියවර

2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළයාම හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිඟයක් ඇතිවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇස්තමේන්තු කර තිබේ. 

මෙම හිඟය තුළ ගල්අඟුරු තත්ත්වය හේතුවෙන් විදුලි ජනනය සඳහා බලපෑ අතිරේක වියදම් අඩංගු කර නොමැත.  

සමස්ත හිගයෙන් රුපියල් බිලියන 15ක් සහනාධාර වශයෙන් ලබා දීමේ රජයේ තීරණය මහ භාණ්ඩාගාරය විසින් කොමිෂන් සභාව වෙත දැනටමත් දන්වා ඇත.  

නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම ඉදිරිපත් කළ විදුලි ජනන පිරිවැය ඇස්තමේන්තු සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් සකස්කළ විදුලි ගාස්තු සංශෝධන උපදේශන පත්‍රිකාව අද (29) දින ප්‍රකාශයට පත්කෙර්. 

එම උපදේශන පත්‍රිකාව පරිශීලනය කර සියලූම පාර්ශ්වයන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය. 

2026 මැයි 6 වන දින දක්වා ලිඛිත අදහස් හා යෝජනා බාර ගන්නා අතර වාචික අදහස් දැක්වීමේ සැසිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වේ. 

අදහස් හා යෝජනා තැපෑලෙන්, ඊමේල්, වට්ස්ඇප් හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කළ හැකිය. 

වාචික අදහස් දැක්වීම සඳහා පුර්ව ලියාපදිංචිය අවශ්‍ය වන අතර දුරකථන අංක 076 427 1030 අමතා ලියාපදිංචි විය හැකිය. 

ඉදිරිපත් වන අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ඉදිරි විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය 2026 මැයි 9 වන දින ප්‍රකාශයට පත්කිරීම සදහා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

2026 වසරේ විශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා පහත ආකාරයන් ඔස්සේ ඉදිරිපත් කල හැකිය.

තැපෑලෙන්:  

2026 විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන උපදේශනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,
ශාන්ත මයිකල් පාර
කොළඹ 3

ඊමේල්: [email protected] 

ෆැක්ස්: 0112392641

වට්ස්ඇප්: 0764271030

වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් (077 294 3193) අමතන්න.

SendShareShare
Previous Post

ඒ අස්සේ පිටි මිලත් රුපියල් 5කින් වැඩි කරලා! I Sri Lanka Latest News

Next Post

හැම බත් පිඟානකින්ම බත් ඇටය ගානේ ඉතුරු කරලා 17000කට කන්න දෙමු! මාලිමා ඇමැතිගෙන් අලුත්ම තියරියක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.