වැලිගම ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී 11.40ට පමණ මිදිගම යාහුවත්ත, ගංගොඩ යන ප්‍රදේශයේ නිවසක් වෙත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් එම නිවසේ තිබූ මෝටර් රථයකට ගිනි තැබීමටද උත්සාහ දරා ඇති බවත් සඳහන් වේ.
වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත් නිවසට අලාභ හානි වී ඇති බවත් පොලීසිය පැවසීය.
මෙම වෙඩි තැබීම මිදිගම ලංසි නැමැත්තා මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කරන අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මිදිගම පොලීසිය විසින් සිදුකරති.










