• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිව්වෙ නම් මහජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් මන්ත්‍රීවරුන්ට එපා කියලා! හැබැයි පඩියට බදු ගහද්දී නම් මන්ත්‍රීවරුන්ගේ රාජ්‍ය සේවකයන්ගේ බද්ද අඩුයි! සාමාන්‍ය මිනිස්සුන්ගේ පඩියට ලොකු බද්දක් ගහලා! I Sri Lanka Latest News

April 15, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
පවුලක් ‌ආණ්ඩුවට ගෙවන බද්දත් ඉහළට යයි!
Share on WhatsAppShare on Facebook

සාමාන්‍ය ජනතාවගෙන් අධික ලෙස ආදායම් බදු අය කර ගන්නා තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉතා අඩු ආදායම් බද්දක් අය කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.Sri Lanka Latest News

මෙම කතාබහ නිර්මාණය වූයේ, පසුගිය අප්‍රේල් 08 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඔහුගේ මාසික වැටුප වෙනුවෙන් ලැබුණු වැටුප් ලේඛනය සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කිරීමත් සමග ය.

ඔහුගේ වැටුප් විස්තර අනුව පෙනී යන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අය කර ගැනෙන ආදායම් බද්ද ඉතා අඩු අගයක් ගන්නා බව ය.

අර්චුනා රාමනාදන්ගේ වැටුප් විස්තර

ඔහු පළ කර තිබූ වැටුප් ලේඛනයට අනුව ඔහුගේ මාසික දළ වැටුප රු. 415,169.93කි.

එම වැටුප සැකසෙන ආකාරය මෙසේ ය.

  • මාසික දීමනාව – 54,285.00
  • විනෝද දීමනාව – 1,000.00
  • දුරකතන දීමනාව – 50,000.00
  • ප්‍රවාහන දීමනාව – 15,000.00
  • කාර්යාල දීමනාව – 100,000.00
  • ඉන්ධන දීමනාව – 179,707.93
  • බදු නැවත ගෙවීම – 177.00
  • පාර්ලිමේන්තු අසුන් ගැනීමේ දීමනාව – 15,000.00
  • එකතුව – 415,169.93

ඔහු ලබන මාසික ආදායම වෙනුවෙන් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බද්ද (APIT) ලෙස අය කරගෙන ඇත්තේ, රු. 7549.57ක් පමණි.

පෞද්ගලික අංශයේ ඊට සමාන වැටුපක් ගන්නා අයෙකුගෙන් අය කර ගන්නා APIT බද්දේ ප්‍රමාණය

පෞද්ගලික අංශයේ යම් සේවකයෙකු ඉහත සඳහන් කර ඇති වැටුපක් ලබා ගන්නේ නම් ඔහුගෙන් රු. 55,461.17ක මුදලක් බදු වශයෙන් අය කර ගැනේ.

ඒ අනුව, අදාළ වැටුපෙන් අය කරගෙන ඇත්තේ, පෞද්ගලික අංශයේ සේවකයෙකු ගෙවන බදු ප්‍රමාණයට වඩා රු. 47,911.60ක මුදලක් අඩුවෙනි.

මෙයින් පෙනී යන්නේ, පෞද්ගලික අංශයේ සමාන වැටුපක් ගන්නා සේවකයින්ට, රාජ්‍ය අංශයේ සේවකයින්ට වඩා 84%කටත් වඩා අධික බදු මුදලක් ගෙවීමට සිදුව ඇති බව ය.

මෙවැනි වෙනසක් ඇති වීමට බලපා ඇති කරුණු මොනවා ද?

මුදල් නියෝජ්‍ය ඇමතිගේ අමුතු පිළිතුර

මෙම ගැටලුව සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ වැඩසටහනේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, ඇතැම් මාසවලදී ගණනය කිරීම්වල වෙනස්කම් සිදු වන බව ය.

“දැන් ඔය බදු අය කිරීම පිළිබඳවත් සමාජයට වැරදි තොරතුරු යනවා. දැන් මේ තියෙන්නෙ PAYE ඒ කියන්නෙ පඩිය ලබා ගන්නකොට උපයන විට ගෙවීමක් නෙ. සමහර අවස්ථාවලදී අය කිරීම් සිද්ධ කරනකොට වගුවක් තියෙනවා. ඒව දිහා බලල සමහර අයගෙ තියෙනවා ප්‍රාථමික ආදායම්, ඒ වගේ ම ද්විතීක ආදායම් කියලත් තියෙනවා…. ඒ කියන තොරතුරු මත ගණනය කිරීමේදී හරියට ම ගණනය කරල ටේබල් එකේ තියෙනව හරියට ම අඩු කරන්න ඕන ප්‍රමාණය. හැබැයි, යම් යම් අවස්ථාවලදි නිර්මාණය වෙලා තියෙනව, සමහර මාසවලදී වැඩිපුර අය කරපු අවස්ථා තියෙනවා. අඩුවෙන් අය කරපු අවස්ථා තියෙනවා. කිසි දේකට කලබල විය යුතු නෑ. මේ මාසයකදී බදු අය කරා කියල ඔබගේ බදු වගකීම හරියට ගණන් හදල ඒ ගණන් හිලව් බලල සෙට්ල්මන්ට් එක එන්නෙ බදු වර්ෂයක් අවසන් වුණාට පස්සෙ…. එහෙම නැතුව මන්ත්‍රීවරුන්ට වෙන විදිහකටත්, වෙනත් අයට වෙන විදිහකටත් අය කරන්නෙ නෑ. ඒක සම්පූර්ණයෙන් ම එක්කො අනවබෝධයෙන්, එහෙම නැත්නම් සමාජය නොමග යවන්න කරන දෙයක්.”

පෞද්ගලික සහ රාජ්‍ය අංශයට බදු අයකරන විධි දෙකක්

මන්ත්‍රීවරුන්ට සහ වෙනත් අයට විධි දෙකක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුව ද, එවැනි විධි දෙකක් ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ බදු උපදේශන නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවකයින්ගෙන් ආදායම් බදු අය කර ගැනීමේදී වෙනස් ක්‍රමයක් අනුගමනය කරන බව ය.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියල නෙවෙයි, රජයේ සේවකයින්ට තියෙනව වෙනසක්. ඒ කියන්නෙ අපේ තියෙනව පෞද්ගලික සේවකයොයි, රජයේ සේවකයොයි ඔක්කොට ම අදාළ වෙන මූල්‍ය නොවන ප්‍රතිලාභවලට (Non Cash Benefits) චක්‍රලේඛයක් නිකුත් කරල තියෙනව, ඒවායේ ඉවැලුවේෂන් එක ගන්නෙ කොහොම ද කියල.”

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළුව රජයේ සේවකයින්ගෙන් ආදායම් බදු අය කර ගැනීමේදී දීමනා 3ක් සඳහා ආදායම් බද්දට යටත් කර ගැනෙන්නේ, එම දීමනාවල වටිනාකමෙන් 25%ක් පමණි.

එම දීමනා වන්නේ, ඉන්ධන දීමනාව, දුරකතන දීමනාව සහ ප්‍රවාහන දීමනාව යි.

ඒ අනුව, මන්ත්‍රී අර්චුනාගේ වැටුපෙහි සඳහන් දුරකතන දීමනාව (රු. 50,000.00), ඉන්ධන දීමනාව (රු. 179,707.93) සහ ප්‍රවාහන දීමනාව (රු. 15,000.00) යන දීමනාවල එකතුවෙන් බද්දට යටත් වන්නේ, 25%ක් පමණි.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අය කර ගැනෙන අත්තිකාරම් පෞද්ගලික ආදායම් බද්ද ඉතා අඩු අගයක් ගනී.

මෙය පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ අධ්‍යක්ෂවරයා ද බීබීසී සිංහල සේවය කළ විමසීමකදී තහවුරු කළේ ය.

බද්දෙන් 75%ක් නිදහස් කරන්නේ ඇයි?

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු උපදේශන ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයා පැවසුවේ, රජයේ සේවකයින් බොහෝවිට බද්දෙන් නිදහස් කෙරෙන දීමනා සිය රාජකාරී සඳහා වැය කරන බැවින් ඔවුන්ට එම ප්‍රතිලාභය දී ඇති බව ය.

BBC සිංහල

SendShareShare
Previous Post

යුද්ධය අවසන් අදියරේ! බොහෝ දුරට අවසන් වීමට ආසන්නයි! ට්‍රම්ප් මොකාටද එන්න යන්නේ? I Sri Lanka Latest News

Next Post

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේරත්නයන්ගේ වර්ෂ පූර්ණ පින්කම 17 වැනි සිකුරාදා! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.